IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මූණු පොතේ පෙමට ලක්ෂ 2 ක් පුදකරලා

මහනුවර දෙයියන්නේවෙල බෝධියංගන මාවතේ පදිංචි තරුණියක සමඟ ‘‘ෆේස්බුක්’’ වෙබ් අඩවියෙන් හඳුනාගත් තරුණයකු සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඔහුට රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පූජා කැර ඇතැයි මහනුවර පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

තරුණිය ‘‘ෆේස් බුක්’’ වෙබ් අඩවියේ සාමාජිකාවකි. ඒ හරහා ඇය සමඟ සම්බන්ධවීමට පැමිණියේ මලයාසියාවේ සේවය කරන බව කියන කඩවසම් තරුණයෙකි.

ෆේස් බුක් ඔස්සේ දහවල් හා රාත‍්‍රි පැවැත් වූ කතාබහ ආදර අන්දරයක් බවට පත්වීමට එතරම් කාලයක් ගත නොවීය.

ඒ අතරතුර එක්වරම තරුණියට දුරකතන ඇමතුමක් ලැබුණේ තමන් ලංකාවට පැමිණ සිටින බවත් මලයාසියාවෙන් රැගෙන ආ බඩු රේගුවෙන් පිටතට ගැනීම සඳහා අවශ්‍ය ශ්‍රී ලංකාවේ මුදල් තමන් සතුව නොමැති බැවින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදල් අවශ්‍ය බවත් ය.

ඒ අනුව තරුණිය ඔහුට මුල්ගම්පොල ප‍්‍රදේශයේ් බැංකුවකට එන ලෙස පවසා රුපියල් එක් ලක්‍ෂ පනස් දහසක මුදල ලබා දී තිබේ.

ඉන් අනතුරුව ඔහු කොළඹ යන බව පවසා ගියත් කිසිදු තොරතුරක් නොවූ බැවින් ඔහුගේ ෆේස් බුක් ගිණුම සමඟ සම්බන්ධවීමට උත්සාහ කළත් ඔහු ඒ වන විටත් ඔහුගේ ෆේස් බුක් ගිණුම අවලංගු කර ඇති බව දැක ගැනීමට හැකිව තිබේ.

මහනුවර මූලස්ථාන පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

මූණු පොතේ පෙමට ලක්ෂ 2 ක් පුදකරලා

ප්‍රියන්ත Monday, 27 January 2014 02:14 AM

අර සුජිත් කියනවා වගේ කෙල්ල කොල්ලගෙන් හූරගත්ත සල්ලිද දන්නේ නෑ.(නදී)

:       0       0

අමිල සිංග Thursday, 23 January 2014 03:02 PM

සල්ලි වලින් බේරුනු එක ලොකු දෙයක්. ජීවිතෙන් වන්දි ගෙවන කතන්දර ඇහෙන කාලයක්නෙ මේක. (අ)

:       0       0

ශෂිමලි Thursday, 23 January 2014 03:20 PM

මෝඩ කෙල්ලන්ට හොඳවැඩේ

:       0       0

ආරියසේන Friday, 24 January 2014 04:36 AM

කොල්ලන්ගේ හැඩ වැඩ වලට කෙල්ලෝ රැවටෙනවා.ඒ වගේම කෙල්ලන්ගේ ඔමර, අඟර, දඟර වලටත් කොල්ලෝ රැවටෙනවා. මුදල් දීල බේරුනා ඇති. (අ)

:       0       0

පාලි Thursday, 23 January 2014 03:37 PM

ඔය පළාතෙ අය සුද්දට රැවටුනෙත් ඔය විදියට ම තමයි.(අ)

:       0       0

මේනකා ලොකුපතිරණ Thursday, 23 January 2014 04:23 PM

මුනුපොත ගැන මොනතරම් කතා කරනවද.එයින් සිදුවන අකටයුතුකම් ගැන මාධ්‍යය මගින් කොයිතරම් දැනුවත් කරනවද .එහෙම තියෙද්දිත් මේ තරම්ම රැවටෙන්නේ ආදරය අන්දයි කියන නිසාද? (අ)

:       0       0

සනත් Monday, 27 January 2014 06:28 PM

නුවර මැණිකෙලා නම් එහෙම අහු වෙන්නෙ නෑ...අනිවාර්යෙන් මේ පාලි අක්කා ගෙ පළාතෙන් සංක්‍රමණය වුණු අක්කෙක් වෙන්න ඕනෙ. (අ)

:       0       0

යසිත් Thursday, 23 January 2014 04:46 PM

මුණු පොතේ හොදට හොදයි.. නරකට නරකයි..පේනවනේ...(අ)

:       0       0

භාණු Thursday, 23 January 2014 04:48 PM

කොහොමත් නුවර මැණිකෙලා සල්ලිකාරයොන්ට රැවටෙනවා වැඩි. අපේ ඔෆිස් එකේ ගෑනු ළමයෙක් කෝටිපති වලව් කාරයෙක් ව බැඳ.ගත්ත . දැන් ඒ කෙනාට ජොබ් එකක් වත් නැහැ. කියල තියෙන්නේ ඔක්කොම බොරු. ඒ ගෑනු ළමයත් සල්ලි පෙන්නුවම ඕන දෙකට රැවටෙන කෙනෙක්. (අ) .

:       0       0

දර්ශන තෙන්නකෝන් Monday, 27 January 2014 07:38 AM

කුම්බලා මාළු කැවා නම් විඳවාපන් බළලෝ.(නදී)

:       0       0

හේෂාන් Sunday, 26 January 2014 10:20 AM

බලාගෙන ගියාම කෙල්ලෝ මෝඩයි. ඉක්මනට අහුවෙනවා. (නදී)

:       0       0

අඛිල රුක්ෂාන් Sunday, 26 January 2014 11:48 AM

මම බැලුවා මේ ප්‍රතිචාර ඔක්කොම. බොහෝ දෙනෙක් ඇයට බැන තිබුණා. නමුත් කල යුත්තේ අපද එයින් පාඩමක් ඉගෙන ගන්නා අතරම ඇයටද එවැනි මුලාවන්ට හසු නොවීමට කරුණු පැහැදිලි කර දීමයි.(නදී)

:       0       0

සිරියලතා Monday, 27 January 2014 09:35 AM

අම්මෝ! කොළඹ කෙල්ලෝ මෙච්චර මෝඩ නැහැනේ බලාගෙන යනකොට.වැස්සකටවත් පාසල් ගිහින් නැද්ද කොහේද. (නි)

:       0       0

සුජිත් Sunday, 26 January 2014 01:18 PM

මේ කතාව සම්පුර්ණ කතාවක් නෙවෙයි. මේකේ මීට වඩා දේවල් ගොඩක් ඇති. මෙයා ලක්ෂ එකහමාරක් තියෙන කෙනෙක් කියන්නේ, මෝඩයෙක් නෙවෙයිනෙ. අනික මොන තරම් ආදරේ කලත් එකපාරටම මෙහෙම කරන්න එයාට කොයින්ද සල්ලි? අදහසක් දෙන්න බෑ හරියටම. කෝමහරි හෝරාව අල්ලාගෙන දඬුවමක් දුන්න නම් හොඳයි. (නදී)

:       0       0

කුරුවිට Thursday, 23 January 2014 08:13 PM

මායම් 64රක් තිබුණත් කොල්ලෙක්ගේ එකකට අහුවෙනවා (අ)

:       0       0

පෙරේරා Saturday, 25 January 2014 12:53 PM

ඔහොම බොරුවකට අහුවෙන්න ඉතින් මොලේ උඩ වාඩිවෙන කෙනෙක් වෙන්න ඕන. (අ)

:       0       0

ධම්ම Thursday, 23 January 2014 10:03 AM

කොම්පියුටරය තියෙන කාමරෙන් පිට ලෝකයක් දැකපු නැති උඩරට මැණිකේ කෙනෙක්! මෙයාට දෙමවුපියෝ වැඩිහිටියෝ කියල කවුරුත් නැද්ද. (අ)

:       0       0

කුමාරි Thursday, 23 January 2014 11:24 AM

මෙපමණ මාධ්‍ය මගින් මේ හොරු ගැන දැනුවත් කලත් මේවට අහුවෙන්නේ මොලේ කළදක් වත් නැති අය.තරුණ ළමයි හිතන්නේ එයාල හැම දෙයක්ම දන්නවා කියල.වැඩිහිටියා දැනුවත් කලානම් මෙහෙම වෙන් නැහැනේ.මේවා හොද පාඩම්. (අ)

:       0       0

ශෂිමල් Thursday, 23 January 2014 11:35 AM

මෝඩ කෙල්ලන්ට හොද වැඩේ. (අ)

:       0       0

සංජීව Thursday, 23 January 2014 12:51 PM

කියනවට වඩා ලොකු දෙයක් වෙලා තියෙනවා. මෝඩකමට බෙහෙත් නැහැනේ.(නදී)

:       0       0

ආසා Friday, 24 January 2014 01:31 AM

තණකොළ සහ පුන්නක්කු කන්ට දෙන්ට සතියක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 479 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 598 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1063 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 894 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2348 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 819 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 311 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site