ඔහු ව්‍යාපාරිකයෙකි. කලක් එක්තරා සුළු පක්‍ෂයක ආසන සංවිධායකවරයකු ලෙස ද ඔහු කටයුතු කළ නිසා එම පළාතේ බොහෝ දෙනෙකු ඔහු දැන සිටියේය. ඔහු කිසිදු ලෝභකමක් නැතිව මත්පැනට අත දිගහැර වියදම් කළ පුද්ගලයෙකි. එමෙන්ම මිතුරන්ගේ ඕනෑම හදිසි කරදරයකදී පෙරමුණ ගත්තේද ඔහුය. ඔහු සමග මත්පැන් පානය කරන මිතුරන් පිරිසක් ද සිටියහ. ඔවුහු විවිධ ක්‍ෂේත්‍රවල අයවූහ.
පසුගිය දිනවල රටේ ඇතිවූ කලබලකාරී තත්ත්වය සමග ඔහුගේ ව්‍යාපාර කටයුතුවලටද යම් බලපෑමක් ඇතිවිය. එහෙත් සිරිත්පරිදි මිතුරන් සමග ‘සෙට්’ වීමට අමතක නොකළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පළමු වරට මිතුරන් හමුවූයේ එදිනය. ඔහු මිතුරන්ද කැටුව අවන්හලට ගියේය. බොහෝ වේලාවක් කතා කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැනය. එහි සිටි නීති ක්‍ෂේත්‍රයට සම්බන්ධ එක් මිතුරකු ඉස්ලාම් ධර්මය පිළිබඳ දීර්ඝ විග්‍රහයක් කළේය. “මම හොඳ සිංහල බෞද්ධයෙක්. හැබැයි කුරානය සම්පූර්ණයෙන්ම කියවල තියෙනවා.” යයි මිතුරා කීවේය.
දැන් දැන් ඔහුගේ කටහඬ උස්ය. එකිනෙකා පරයමින් තම අදහස් ප්‍රකාශ කරන්නට විය. වරෙක එය උණුසුම් විය. වේටර් පැමිණ “සර් වහන්නයි හදන්නේ” කීවේය.
“එහෙනම් ගේනව අපේ බිල” ඔහු කීවේය. වේටර් බිල ගෙනාවේය. ඔහු පසුම්බිය හැර බිල ගෙව්වේය. වේටර්ද බිල ගෙවා තැටියක තබා ඉතිරි මුදල් ගෙනාවේය. එහි වූයේ රුපියල් විස්සේ නෝට්ටුවකි.
ඔහු යළිත් පසුම්බිය දිග හැරියේය. ඒ හැමදාම වේටර්ට සන්තෝසමක් දීම ඔහුගේ සිරිත නිසාය. ඔහු නෝට්ටුවක් ගෙන විස්සේ නෝට්ටුව මතින්ම තැබුවේය. වේටර්ගේ දෑස් උඩ ගියේය. එහෙත් වේටර් ඒ බව කිසිවෙකුටත් නොහැඟවෙන ලෙස “තෑන්ක් යූ සර්” කියමින් ඉවත්ව ගියේය. ඒ සමඟම පිරිස ද විසිර ගියහ.
පසුදින උදෑසන ඔහු කිසියම් කටයුත්තකට මුදලක් ගෙවීම සඳහා පසුම්බිය දිග හැරියේය. එහි තිබූ රුපියල් පන් දහසේ නෝට්ටුවක් අඩුය. ඔහු බොහෝ වේලාවක් කල්පනා කළේය.
වේටර්ට සන්තෝසමට දුන්නේ පන් දහසේ නෝට්ටුව බව පසුව මතක් විය. ඉන්පසුව ඔහු එම අවන්හලට යාම නතර කළේ ලැජ්ජාව නිසාය.
(උණවටුන ඩී.ජී. සුගතපාල)
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිතුරාගේ කයියට වහ වැටී වේටර්ට පන්දාහක සංතෝෂමක්