හදිසියේ රෝගී වූ තම දරුවා රෝහලකට රැගෙන යෑමට අවශ්‍ය බව පවසා මිතුරකුගෙන් ඉල්ලාගත් යතුරු පැදියක් උගසට තබා ලබා ගත් මුදලින් ඔට්ටු අල්ලා ජයග්‍රහණය කොට යතුරු පැදිකරුට ද රුපියල් දස දහසක සන්තෝසමක් දීමට තරම් ක්ෂණික ලක්ෂපතියෙකු වූ පුද්ගලයකු පිළිබඳ කියවෙන පුවතකි.

සිද්ධිය මෙසේය.
ගම්බද ප්‍රදේශයකි. අලුත් අවුරුද්ද පහව ගියද තැන තැන පැවැත්වෙන ඔට්ටු පොළවලින් සහ බූරු පොළවලින් නම් තවමත් අඩුවක් නැත.
අප කතානායකයා ද ඔට්ටු ඇල්ලීමට මෙන්ම බූරුවා ගැසීමටද උපන් හපන්කම් ඇත්තෙකි. අලුත් අවුරුදු සමයේදී කලින් ලැබුණු මාසික වැටුප මෙන්ම ඉතිරි කරගෙන තිබූ මුදල් ද ඔට්ටු ඇල්ලීමෙන් පරාජයට පත්වූ හෙතෙම එදින ඔහු සේවය කරන ආයතනයේ සේවය සඳහා පිටව ගියේ කනස්සලු සිතිනි.
ඔට්ටු ඇල්ලීමේ ජය පැරදුම ගැන හොඳින් දන්නා හෙතෙම යළිත් ඔට්ටු පොළකට ගොස් මුදලක් ඔට්ටු ඇල්ලීමේ ක්‍රමයක් කල්පනා කරමින් සිටියේ ඒ සඳහා මුදල් සොයාගැනීමේ උපායක් ගැන ද මෙනෙහි කරමිනි.
ගණදෙවි නුවණ පහළ වූයේ තම මිතුරාගේ යතුරු පැදිය දැකීමෙනි. ‘මචං දරුවාට අසනීපයිලු මට බයික් එක පොඩ්ඩක් දීපන් මං සුටුස් ගාලා එනවා‘‘ යැයි පැවසූ හෙතෙම මිතුරාගේ යතුරුපැදියද ගෙන මිටෙන්හළ කුරුල්ලෙකු සේ ඉගිල ගියේ ගමේ පොලී මුදලාලි වෙතය.
රුපියල් 25000 ක් ගිනි පොලියට යතුරුපැදිය මුදලාලිට දුන් හෙතෙම මුදලද රැගෙන කෙලින්ම පිටව ගියේ ගමේ ඔට්ටු පොළටය. රුපියල් 5000 ට 10,000 ට ඔට්ටු තැබූ හෙතෙම පැය භාගයක් යන්නටත් මත්තෙන් ඔට්ටු පොළ මුළුමණින්ම හිස් කළේ රුපියල් ලක්ෂයකටත් අධික මුදලක් ජයග්‍රහණය කරමිනි.
ජයග්‍රාහී ලීලාවෙන් පොලී මුදලාලි වෙත ගිය හෙතෙම පොලියද ගෙවා යතුරුපැදිය ද රැගෙන මිතුරා හමුවූයේ ජයග්‍රහණයේ සතුට ඔහු සමග බුක්තිවිඳිනු රිසියෙනි.
පසුම්බියට අත දැමූ හෙතෙම යතුරුපැදිකරු අත රුපියල් 10,000ක මුදලක් තැබුවේ ‘මචං බොහොම ස්තූතියි‘‘ පවසමිනි. එහෙත් මුදල ලැබුණු කාරණය දැනගත් මිතුරා මුදල ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ‘මචං මට ඔය අනුන්ගේ දාඩිය ගෑවුනු සල්ලි එපා. මම තියෙන විදිහට ජීවත් වෙන්නම්. හැබැයි කවදාවත් ආයෙ මගේ බයිසිකලේ නම් ඉල්ලන්න එපා. මොකද හැමදාම උඹට දිනන්න බැහැනේ. අපි දෙන්නගෙ යාළුකම විතරක් තියාගම්මු’ යනුවෙනි.
වියලුව වාර්තාකරු
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිතුරාගේ යතුරු පැදිය උකස් තබා ලක්ෂපතියකු වෙලා