IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මිතුරන්ගේ අමුතු සුප් එකෙන් බඹර පදමේ රැස් බැහැලා

සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් පිළිබද කතාවක් ගාලු‍ දිසාවේ ගම්දනව්වකින් අසන්නට ලැබේ.
මිතුරකුගේ දුවගේ කොටහළු මංගල්‍යයකි. පැවතුනේ රෑය. ආරාධනය අතිජාත මිතුරන්ට සහ කිට්ටුම හිතවතුන්ටය. පදමට හා පදම ඉක්මවා ගන්නා අයට මේ සාදයට ඇරියුම් ලැබීමට විශේෂ සුදුසුකමක් වී තිබිණ. සාදය ආරම්භ කෙරිණ. එක අත්තේ කුරුල්ලෝ එකට වැසූහ.
බෝතල් එක දෙක කැඩිණ. කැඩූ සැණින් ඒවා හිස්විය. බොහෝ අය බඹර පදම්ය. විහිළු තහළු ඒ අස්සේ කෙළවරක් නැතිව සිදුවිය. රෑ කෑමට ගියේ ඔය අතරය. කබරයා දමා පුටුවකට ඔළුව ගසා සිටි මිතුරා ද වත්තන් කරන් කෑම මේසයට ගෙන ආවේ ඔහුගේම මිතුරන් පිරිසකි. ඔහුට කෑමට පෙර වෙරි හිදෙන්නත් එක්ක මිතුරෝ සුප් එකක් බොන්නට දුන්හ.
වෙරි මර ගාතේ මේ සුප් එක ඇදලා දැමූ ඔහු කීවේ ජීවිතේට මෙහේම සුප් එකක් තමා නොබිව් බවය. ගත වූයේ ටික වේලාවකි. ඔහුගේ බඩ ගුරු, ගුරු ගාන්න විය. වැසිකිළි යෑමේ හදිසිය වැඩිවිය. ඔහු වැසිකිළියට දිව ගියේය.


අන්තිමේ දී ඔහු වාඩිවී සිටි පුටුවෙන් සිහිමූර්ජාවී බිම වැටුණේය. මුහුණට වතුර ගා දන්න සිල්ප දා ඔහුට සිහිය ගන්න කළ උත්සාහයන් ගඟට කැපූ ඉනිමෙන් විය. ඔහුගේ තත්ත්වය එන්න එන්නම නරක අතටම කැරකැවිණි. ඒ වෙනුවෙන් කළ හැකි කිසිවක් නොවීය. ඒ නිසාම ළඟම තිබූ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට මිතුරෝ ඔහු ගෙන ගියහ. එහිදී ඔහු පරීක්ෂාකර බැලූ වෛද්‍යවරයා කීවේ බල බලා ඉන්නේ නැතිව රෝහල් ගත කරන ලෙසය. රෝගියා දැඩි ලෙසම විජලනයකට ලක්වී ඇති හෙයින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නම් අනිවාර්යයෙන්ම රෝහල් ගත කර සේලයින් ප්‍රතිකාරය ලබාදිය යුතු බව වෛද්‍යවරයා කීවේ ඇත්ත තත්ත්වය ඇති සැටියෙනි. අමුතුම සුප් එක ඔහුට බොන්න දුන්නු මිතුරන්ගේ මුහුණු රතුවී ගියහ. එකෙනෙකා එකිනෙකාගේ මුහුණු බලා ගත්තෝය.
ඒ අනුව මිතුරන් පිරිස ඔහු යුහුසුලුව රෝහලට ගෙන ගියහ. වහාම ඔහුට ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කෙරිණ. මෙයා සාදයේ දී අගුණ වෙන්න කෑවේ බිව්වේ මොනවාදැයි රෝහල් වෛද්‍යවරයා මේ මිතුරන් පිරිසගෙන් ඇසුවේ ඒ අනුව නිසි ඖෂධ ලබාදීමටය. කෑ බිව් දේ දන්නවනම් ලෙඩාට දෙන්න ඕන බෙහෙත් ටික දෙන්න පුළුවන් යැයි, වෛද්‍යවරයා වැඩිදුරටත් කී විට මිතුරන්ගේ මුහුණුවලින් දහඩිය දාන්න පටන් ගත්තේය.
‘ඩොක්ටර් මෙයාට හොඳටම වැදිලයි හිටියේ. අපි විහිළුවටත් එක්ක අපේ මිතුරට සුප් එකක් කියලා ඉඳුල් වතුර වීදුරුවක් පෙව්වා යැයි කීවේ ගොත ගස ගසාය. තව පොඩ්ඩෙන් හිනා වෙන්න කළ විහිළු‍වෙන් අඬන්න තිබුණා යැයි වෛද්‍යවරයා කී විට මිතුරන්ට තරු විසි වුණාලු.

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත

 



අදහස් (0)

මිතුරන්ගේ අමුතු සුප් එකෙන් බඹර පදමේ රැස් බැහැලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 631 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 705 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1089 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9400 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 864 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 326 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site