IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මිතුරියගෙ දරුවා පෙන්නා පෝලිමෙන් පැනගත්තාට චොකලට් පෙත්තක්

 (උණවටුන ඩී.ජී. සුගතපාල)
ත්‍රිරෝද රථයකින් පැමිණ බැංකුව ඉදිරිපිටින් බැස ගත් කාන්තාවකි. ඇය මැදි වයස ආසන්නයට ළං වෙමින් සිටියාය. වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගන්නට ඇය බොහෝ වෙහෙස මහන්සි වී තිබෙන පාටක් දක්නට ලැබිණි. එමෙන්ම ඇය මැද පෙරදිග රටක සිට  මෑතක පැමිණි බවක්ද පෙනෙන්නට තිබිණි.


ත්‍රිරෝද රථයෙන් බැස ගත් ඇය දොර ළඟට ගොස් බැංකුව තුළට එබී බැලු‍වාය. මේ දිනවල රටේ පවතින අයහපත් වාතාවරණය නිසා වරකට බැංකුව ඇතුළට ගන්නේ සීමිත පිරිසක් නිසා එහි වූයේ  දිගු පෝලිමකි. එපමණ දිගු පෝලිමක රැඳී සිටින්නට ඇය අකමැති වූවාය. එනිසා පෝලිම අඩුවූ විට එන අදහසින් ඇය පාරට බැස්සාය. ඒ සමගම ඇයගේ පරණ මිතුරියක් හමුවිය. මිතුරියට අවුරුදු දෙකක තරම් වයසේ පසුවන කුඩා දියණියක්ද වූවාය.


“හා කොහොමද  ඉතින්, කොච්චර කාලෙකින්ද දැක්කේ? මේ බබාත් වඩාගෙන කොහේද යන්නේ“ ඇය මිතුරියගේ දුක සැප විමසමින් දිර්ඝ පිළිසඳරක යෙදෙන්නට වුවාය.


“ඉතින් ආරංචි වුණා ඔයා රටගියා කියලා. ළඟදිද ආවේ?’’ මිතුරියද ඇගේ විස්තර විමසුවාය.


“ඔව් ගිය සතියෙ ආවේ, බැංකුවට ආව සල්ලි ටිකක් ගන්න, අපෝ එතැන පෝලිම දැක්කම එපා වෙනවා. වරුවක් විතර ඉන්නවෙයි. මේ බබා පොඩ්ඩක් මට වඩා ගන්න දෙන්න’’


ඇය මිතුරියගේ බබා වඩාගෙන බැංකුවේ දොර ළඟට ගියාය. බබා “අම්මා අම්මා’’ කියමින් කෑ ගසන්නට විය. දොර ළඟ සිටි ආරක්ෂකයාද කුඩා දරුවා වඩාගෙන සිටි නිසා ඇය බැංකුව ඇතුළට ගත්තේය. බබා වඩාගෙන බැංකුවට ඇතුළුවූ  ඇය දිගු පෝලිමේ මුලටම ගොස් කවුන්ටරයේ සිටි නිලධාරිනියට පොත ඉදිරිපත් කලාය. පෝලිමේ සිටි අයගෙන්ද බාධාවක් නොවූයේ දරුවාද මහ හඬින් අම්මා අම්මා කියමින් අඬන්නට වූ නිසාය. මේ අතර කවුන්ටරයේ සිටි  නිලධාරිනියද  කඩිනමින් ඇයගේ මුදල් ලබා දුන්නාය. බැංකුවේ දොරකඩටවී දරුවාගේ අම්මාද බලා සිටියාය. එලියට පැමිණි ඇය දරුවා මිතුරියට දුන්නාය.


“ඉන්න මම බබාට චොක්ලට් ගේන්නම්’’ කී ඇය අසල කඩයකට ගොස් රුපියල් දහයක චොක්ලට් පෙත්තක් ගෙනැවිත් දරුවා අත තැබුවාය. එහෙත් දරුවා එය ප්‍රතික්ෂේප කරමින් අම්මාගේ පපුවට තුරුල් විය.


“හරි හරි අපි යන්නම්’’ කියමින් ඇය ඉක්මන් ගමනින් ගියේ මිතුරියට හිතින් දොස් පවරමිනි.



අදහස් (0)

මිතුරියගෙ දරුවා පෙන්නා පෝලිමෙන් පැනගත්තාට චොකලට් පෙත්තක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 72 0

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 366 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 567 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 604 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 694 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 685 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 615 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site