හක්මණ විශේෂ – දෙනගම යසන්ත ආරියසේන
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
කාන්තාවගේ සැමියා දක්ෂ ගොවියෙකු වන අතර ප්‍රදේශයේ ජනතාව අතරත් ජනප්‍රිය තරුණයකු ද වේ. ගොවිතැනට අමතරව වඩු කර්මාන්තයේ හසල දැනුමකින් සමන්විත ඔහු විවාහවී සිටින්නේ රජයේ ක්ෂේත්‍ර රාජකාරියක යෙදෙන කඩිසර කාන්තාවක සමග වන අතර ඇයද රාජකාරිය දේවකාරියක් ලෙස ඉටු කරන්නියකි.
කුඹුරු වගාකිරීම සඳහා අවශ්‍ය සහනාධාර පොහොර මේ දිනවල බෙදාදීම සිදුකරන අතර බිරිඳගේ ස්කූටරය ද රැගෙන පොහොර ටික ලබා ගැනීම සඳහා සැමියා පිටත්ව ගියේය. සැමියා පිටව ගිය පසු ඔහුට දුරකතන ඇමතුමක් ලබාදුන් බිරිඳ පින්කම් ගෙදර යාම සඳහා සිනි කිලෝග්‍රෑම් දෙකක් රැගෙන එන ලෙස පැවසුවාය.
සහනාධාර පොහොර ලෙස ලැබුණු ඝන කාබනික පොහොර සහ යූරියා කිලෝග්‍රෑම් පනස් දෙකක ප්‍රමාණයක් ගොවි මහතාට ලැබුණි. යූරියා කිලෝග්‍රෑම් පනහක ප්‍රමාණයේ මල්ල යතුරු පැදියේ පටවාගෙන ඉතිරි කිලෝග්‍රෑම් දෙකක ප්‍රමාණය කළු පැහැයෙන් යුතු ඉටි බෑගයක දමා ස්කූටරයේ පෙට්ටිය තුළට දැම්මේය. නිවසට යන අතරමගදී කඩයක් අසල නතරකර සීනි කිලෝග්‍රෑම් දෙකක් ගෙන එයද කළුපාට බෑගයක දමා යතුරු පැදියේ එල්ලාගෙන ගොවි මහතා ගෙදර ගියේය.
සැමියා ගෙදර පැමිණි විගස වැසිකිළියට ගිය අතර බිරිඳ පොහොර මිටිය සහ සීනි බෑගය ද නිවස පිටුපසින් දමා ස්කූටරයේ පෙට්ටියේ දමා තිබූ බෑගය ද රැගෙන පින්කම් ගෙදර ගියාය. කුඹුරට පොහොර යෙදීම සඳහා සූදානම්ව බලනවිට පොහොර කිලෝග්‍රෑම් දෙක දමා තිබූ බෑගයට කූඹි වසා ඇති අයුරු දුටු සැමියා ඒ පිළිබඳව සොයා බැලුවේය.
සීනි මල්ල වෙනුවට පොහොර දමා තිබූ මල්ල බිරිඳ විසින් රැගෙන ගොස් ඇති බව දැනගත් සැමියා ඒ බව බිරිඳට සැලකළේය. සිදුව ඇති අකරතැබ්බය පිළිබඳව යෙහෙළියට ඇමතුමක් ගෙන පැවසූ අතර යෙහෙළිය දැඩි පරිශ්‍රමයක් දරා සීනි මලු අතර තිබූ යූරියා මල්ල සොයා ගත්තාය.
යෙහෙළිය විසින් කතාව කාර්යාලයේ සෙසු මිතුරියන් කිහිප දෙනෙකුට පැවසීම නිසා මුළු කාර්යාලය පුරාම ආරංචිය පැතිර ගිය අතර කාර්යාලයේ අය කෙටි පණිවිඩ යවමින් සීනි මිලදී ගත් ස්ථානය පිළිබඳව විමසීම නිසා කාන්තාව සිම්පත ද මාරුකර ඇති බව පැවසේ.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්