IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


මිතුරියගේ සැමියාගෙන් අද රෑ ගෙදර එනවාදැයි අහලා

රන්සෑගොඩ ඩී. කංකානම්ගේ 


තම සැමියා යැයි සිතා හිතවත් යෙහෙළියකගේ සැමියා සමග පැවැති දුරකථන සංවාදයක් නිසා ලජ්ජාවට පත්වූ තරුණියක පිළිබඳව සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තාවේ. 
සිද්ධිය සැකෙවින් මෙසේය. 
දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක දිවි ගෙවන මෑතක දී විවාහ දිවියට ඇතුළත්වූ ඇය වයස අවුරුදු තිස් පහක් තරම් වූ රූමත් කාන්තාවකි. ඇයගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු වූ අයකු බැවින්, ඔහු සතියේ දින පහ සේවයේ නියැලී සිට පුරුද්දක් වශයෙන් සෑම සතියකම සිකුරාදා දිනයේ සවස සේවා ස්ථානයෙන් පිටත්ව නිවසට පැමිණෙන විට රාත්‍රී 09.00 පමණ වේ.
ඇය තම නිවස ආසන්නයේ පිහිටි ඇඟලුම් කම්හලක රැකියාවකට යාමට කැමැත්ත දැක්වූයේ අනෙකුත් යෙහෙළියන්ගේ පෙරැත්ත කිරීම නිසාමය. ඕනෑම කෙනකු සමඟ හිතවත්ව විහිළු තහළු කරමින් සුහදත්වයෙන් සේවය කරන නිසාම ඇය යහළු යෙහෙළියන් රැසකගේ කණ්ඩායම් නායිකාව වූවාය.
 ඇයගේ වඩාත්ම සමීපතම යෙහෙළියක් සිටියාය. ඇයගේ ස්වාමිපුරුෂයා ද කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරයි. මේ සියලු‍ දෙනාම එකම පවුලක සහෝදරයන් මෙන් දැඩි මිතුදමක් පවත්වාගෙන යන අය වෙති.


 හෙට දින සෙනසුරාදා දිනයක් නිසාත්, සිකුරාදා රාත්‍රියේ සැමියා නිවසට පැමිණෙන බව සිත සිතා සිටින විට ඇයට විහිළුවක් කිරීමට සිතූ මිතුරිය තම ස්වාමි පුරුෂයා සමග කතා කරමින් සිටි ඇය තම ජංගම දුරකතනය යෙහෙළියට දිගු කොට මෙන්න අයියගෙන් කෝල් එකක් යයි පවසා දුරකතනය ඇය අත තබා යෙහෙළියන් සමග පසෙකට වී බලා සිටියාය.
තම ස්වාමිපුරුෂයා සමග යහළු යෙහෙළියන් නිතරම දුරකතනයෙන් කතා කරන බැවින් කිසිදු සැකයක් නොසිතා මහත් සතුටට පත් වූ ඇය, තම මිතුරිය දුන් දුරකතනයෙන් කතා කරන්නේ තම සැමියා යැයි සිතා, මේ අද රෑ එනවා දැයි ඇසීය. සිද්ධිය තේරුම්ගත් මිතුරියට දුරකතනය දුන් යෙහෙළියගේ සැමියා ද ඔව් ඔව් මං ඔයා කියනකම් තමයි බලා ගෙනහිටියේ යැයි පවසා මහ හයියෙන් සිනහ විය. 
 ක්ෂණිකව සිද්ධිය තේරුම් ගත් මිතුරිය මහත් ලැජ්ජාවට පත්ව ජංගම දුරකථනය පසෙක දමා තවත් නම් උඹලත් එක්ක මම විහිළු කරන්නේ නැහැයි පවසමින් ආපනශාලාව දෙසට දිව ගියේ යහළුවන්ගේ සිනා හඬ මැද්දේය.



අදහස් (0)

මිතුරියගේ සැමියාගෙන් අද රෑ ගෙදර එනවාදැයි අහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 415 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 1128 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 691 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 887 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 297 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


බේබදු සැමියාට බිරිදගෙන් තරු පෙනෙන පාඩමක්
2025 අප්‍රේල් මස 05 169 0

මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 435 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 923 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site