එකම ආයතනයක සේවය කරන මිතුරියන් දෙදෙනෙකි. දුර පළාත්වලින් පැමිණි මොවුන් නැවතී සිටියේ එකම කාමරයකය. මොවුන් ආහාර ගන්නේත් ගමන් බිමන් යන්නේත් එකටය. කිරියි පැණියි වගේ හිටපු දෙදෙනාට නරක කල දසාව උදාවූයේ ඔවුනට පෙම්වතුන් දෙදෙනකු මුණ ගැසුණාට පසුවය. එකට ගමන් ගිය මිතුරියන් දෙදෙනාගේ එකට ගමන් යෑම නැවතුනි. ඔවහු තම පෙම්වතුන් සමඟ වෙන වෙනම ගමන් ගියහ. ආහාර ගැනීමත් එකට සිදු නොවිනි. එක් කෙනෙක් පැමිණෙන විට අනෙක් තැනැත්තිය ආහාර රැුගෙන ඉවරය. ඔවුන් එකිනෙකා සමඟ කතා කිරීම ද ක්‍රමයෙන් නැවතුනි. එකම පැදුරේ නිදාගත් දෙදෙනා දැන් නිදා ගන්නේ පැදුරු දෙකකය. දිනක් එක් මිතුරියක් මධ්‍යම රාත්රියේදී අවදි වූයේ තදින් ඩාදිය දැමීම නිසාය. එවිට ඇයට දැක ගන්නට ලැබුණේ නිදා ගැනීමට පෙර වටේට කැරකෙමින් තිබූ මේස විදුලි පංකාව අනෙක් යෙහෙලිය විසින් ඇයගේ පැත්තට පමණක් හරවා නිදා සිටින බවය. නොනිදා පහන් කළ ඇය කාමරය භාර කාන්තාවට කතාකොට තම යෙහෙළිය විදුලි පංකාව තනිවම පාවිච්චි කරන බව සැල කළාය. කාමරයට පැමිණි කාන්තාව විදුලි පංකාව තනිවම භුක්ති විඳි තරුණිය අමතා කාමරය සහ විදුලි පංකාව තමන් සතු බවත්, විදුලි පංකාව තනිවම පාවිච්චි නොකර දෙදෙනාටම සිසිලස ලැබෙනසේ පාවිච්චි කරන ලෙසත් උපදෙස් දුන්නාය. අවසානයේ දෙදෙනාට එකම කාමරයේ විසීම දුෂ්කර වූ අතර එක් මිතුරියක් සේවයෙන් ඉවත්වී නැවත ගමට ගියාය.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිතුරියන් දෙදෙනා පෙම්වතුන් හමුවූ පසු හැතිරියන් වෙලා
කරෝලිස් Wednesday, 23 May 2012 03:17 PM
ඕක තමයි බොලවු ලවු කරන කොයි කාටත් අන්තිමේදි වෙන්නේ
සම්පත් Wednesday, 23 May 2012 04:19 PM
දෙන්නම නියම සිංහල ශ්‍රීලාංකිකයෝ කියලනම් පැහැදිලියි...
දිල්රුක්ශි Wednesday, 30 May 2012 02:21 PM
මෙලෝ රහක් නෑ අනේ..........
කයිසාරු වත්තේ මොහන්දිරම් Friday, 25 May 2012 09:45 AM
සංකීර්ණ ලෙස පෙන්වන්නට හැදු සරල කතාවක් නේ ....
හරීන් Monday, 24 September 2012 09:45 AM
තමන් ගැන පමණක් සිතන අය මේ සමාජයේ කොපමණ සිටීද? (නි)
රජිත් මංජුල, Wednesday, 23 May 2012 07:40 PM
නැන්දම්ම එක්ක ජීවත්වෙන්න පුරුදු වෙනවද දන්නෑ....
ෂෙරීෆ් Wednesday, 23 May 2012 07:55 PM
එකට කෑවත් බොක්ක වෙනස් නොවෑ.....
උෂානි Tuesday, 29 May 2012 10:18 AM
ඒකනම් මහම අපරාධයක් අයියෝ
සන්ජීව Wednesday, 23 May 2012 10:46 AM
මේවා සාමාන්‍ය දේවල්නේ අනේ
දිනේෂ්, සෞදි Wednesday, 23 May 2012 10:55 AM
මේ වගේ දේවල් ලෝකේ කොයිතරම් වෙලා ඇද්ද ???????????????
abcd Friday, 25 May 2012 11:30 AM
ඇඩෙනවා
අසන්ක Wednesday, 23 May 2012 11:08 AM
ඕවට අපි නම් දෙයියෝ සාක්කි කියල කියන්නේ නැහැ
නදීමා Wednesday, 23 May 2012 11:34 AM
හි.........හි...හි...........අපිට හරි හිනා...
එරංගා Wednesday, 23 May 2012 11:39 AM
හා..................................
චමින්ද Wednesday, 23 May 2012 11:43 AM
අපරාදේ මේකට දීල තියන ඉඩ. මේවා සාමාන්‍ය දේවල්. මීට අවරුදු 1000 කට වීතර කලින් මේවා "දෙයියෝ සාක්කි"
පොතේගුරා Thursday, 24 May 2012 06:47 AM
ඒක හරි . නැත්නම් පෙම්වත්තු දෙදෙනවත් බෙදාගන්න වෙනවනේ.
නිරෝශාන් Thursday, 24 May 2012 02:33 PM
මම මේක දෙපාරක්ම කියෙව්ව .....හිනායන කොටස හොයා ගන්න ........කෝ නෑ නේ.
සමන් Wednesday, 23 May 2012 12:14 PM
කිසිම වැදගත්කමක් නෑ
චතුර Wednesday, 23 May 2012 12:16 PM
අයියෝ සල්ලි..
හරිස්චන්ද% Thursday, 24 May 2012 09:12 AM
පත්තරවල දාන්න වෙන දේවල් නැද්ද??
ආනන්ද Thursday, 24 May 2012 09:31 AM
අපේ රටේ මිනිස්සු වෙන රට වල මිනිස්සුන්ට වඩා වෙනස්....
සමන්ති Wednesday, 30 May 2012 12:25 PM
විශේෂයක් නෑනේ නේද?
දඹානෙ ඇත්තො Saturday, 26 May 2012 11:15 AM
මේ දෙන්න හොද අපේ ගම් පොජ්ජට..
මාර්ක් Wednesday, 30 May 2012 05:44 PM
21 වැනි ශතවර්ෂයේ හොදම කතාව.දෙන්න සම්මානයක් නෑ.ඒ තරමට වටිනවා
ෆාරු Thursday, 24 May 2012 10:01 AM
අපරාදේ අපේ කාලය
තාරිකා Thursday, 24 May 2012 03:40 PM
පිස්සු කතා
ප්‍රේම් Wednesday, 23 May 2012 02:17 PM
මේක සුඵ දෙයක්නේ අපේ සමාජේ
රම්සි Saturday, 26 May 2012 12:36 PM
අප්පට සිරි.මේ නිවුස් එක ලීඩ් කරන්නනේ තිබුණේ
ආචර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 01:27 PM
මේ නිවුස් එකට දාලා තියෙන කමෙන්ට්ස් ගොඩ දැක්කම මෙහි ප්රවෘත්තිමය වටිනාකමක් නැහැ කියපු කතාව බොරු වෙනවනේ හලෝ
ආචර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 01:30 PM
නදීමා,උෂානි ඒ ඔයගොල්ලෝ දෙන්න නේද?
ආචර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 01:29 PM
එරංගා,තාරිකා මෙකේ තියෙන්නේ ඔයගොල්ලෝ දෙන්න ගැන නේද? අපි දන්නවා..