IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මිතුරා එක්ක කදේ දමද්දී පොළෙන්ගත් බඩු මල්ල වාෂ්පවෙලා

(පස්ගොඩ තිලක් එච්. ගමගේ) 
කිතුල් පැණි හකුරු සඳහා මහත් ප්‍රසිද්ධියක් උසුලන දකුණු පළාතේ පිහිටි මෙම ඉරිදා සතිපොළට දහස් ගණනක් පාරිභෝගිකයෝ එක්රොක් වෙති. ගැට කපන්නන් මංකොල්ලකරුවන්ගෙන්ද මෙහි අඩුවක් නැත. 


සිරිපාල වෙනදාට වඩා උදෙන්  පොළට ගියේ කුඹුරේ සී සෑම පසුදිනයට යොදා ගෙන ඇති බැවින් එළවළු මාළු ටිකක් වැඩිපුර රැගෙන ඒමටය. 


මිරිස් තුනපහ එලවළු බුලත් දුම්කොළ අඩුවැඩියද මාළු පොළට ගොස් ලොකු මාළු කූරියෙක්ද මිලදී ගෙන ආපසු හැරී එද්දී පොළේ ඇවිදගෙන එන ගජ මිතුරෙකු හමුවිය. පාසල් කාලයේ සිට හිතවත් අඹ යාළුවා වූ පියදාස මේ හමුවූයේ අවුරුදු ගණනකට පසුවය. දෙදෙනාගේම සතුට ඉහවහා ගියේය. 


ගමෙන් නගරයට ගොස් පෙදෙරේරු වෘත්තියේ නියැලි පියදාස කසාදයක්ද බැඳගෙන එහිම පදිංචිවී සිටින්නෙකි. ප්‍රේම සබඳතාවයක් බිඳීයාමෙන්  කළකිරී ගමෙන් පිටවූ ඔහු ගමට එන්නේ ඉතාමත් කලාතුරකිනි. 


පොළෙහි අයිනකට වූ දෙදෙනා ආගිය කථා පාසල් කාලයේ සිදුවීම් බිරිඳ දරුවන්ගේ සුවදුක් කතා කළේ මහත් ප්‍රමෝදයකිනි. 


කාලෙකට පසු හමුවූ අඹ යහළුවන් දෙදෙනාගේ මහත්වූ අල්ලාප සල්ලාපයෙන් වේලාවද ගතවනු නොදැනින. 


හිටිහැටියේ සිරිපාලට මතක් උනේ මාළු කූරියා නරක් වෙන්ට පෙර රැගෙන යා යුතු බවය. නැත්නම් භාර්යාවගෙන් ලැබෙන ශබ්ද පූජාවට කනේ ඇඟිලි ගසාගෙන සිටිය යුතුවේ. 


එහෙනම් මචං මම යන්නම් හවස් දිහාවට අපේ පැත්තෙ එන්න ඕන අනිවාර්යෙන්. 


පැවසූ සිරිපාල තම බඩුමල්ල ගැනීමට පිටුපසට හැරුණේය.


පුදුමයකි. තමා පිටුපසින් තබා තිබූ බඩු මල්ල අතුරුදන්වී ඇත. ඔහු වටපිට බැලීය. උඩ බිම බැලුනේය. 


මල්ල උස්සලා, සිරිපාලට නියැවිණි. ඔහු හතර වටේටම පොළපුරා ඇවිදිමින් බඩු මල්ල හෙව්වේය. එහෙත් කිසිදු  හෝඩුවාවක්වත් ලැබුණේ නැත. 


මදෑ කදේ දාගෙන හිටියා. සිරිපාල තමන්ටම දොස් කියා ගත්තේය. 

 



අදහස් (0)

මිතුරා එක්ක කදේ දමද්දී පොළෙන්ගත් බඩු මල්ල වාෂ්පවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 409 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 889 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 855 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1155 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9488 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2060 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site