IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


මුත‍්‍ර පරීක්‍ෂණයට දින 3 ක් එකතු කළ මුත‍්‍ර මෙගා බෝතලයක ගෙනත්

වෛද්‍යවරයකු විසින් මුත‍්‍රා පරීක්ෂා කිරීම සඳහා දින තුනකින් පැමිණෙන ලෙසට දියවැඩියා රෝගියෙකු හට උපදෙස් දීමෙන් පසුව එම රෝගියා දින තුනක් තිස්සේ, මුත‍්‍රා බෝතලයකට එකතුකර වෛද්‍යවරයා හමුවට රැගෙන ඒමේ සිද්ධියක් උඩරට ප‍්‍රදේශයක පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් වාර්තා විය. සිද්ධිය සැකෙවින් මෙසේය. ඔහු දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙකි. පසුගිය දිනක ඔහු පදිංචි ස්ථානයකට ආසන්න වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කරන වෛද්‍යවරයකු මුණගැසීමට ගියේ එම රෝගයට ප‍්‍රතිකාර ලබාගැනීමේ අරමුණින් යුතුවය. රෝගියා ඒ අවස්ථාවේදී පරීක්ෂා කළ වෛද්‍යවරයා එම අවස්ථාවට උචිත බෙහෙත් පෙති වර්ග කීපයක් රෝගියාට ලබාදීමෙන් පසුව කියා සිටියේ බෝතලයකට මුත‍්‍රා සාම්පලයක්ද රැගෙන, මුත‍්‍රා පරීක්ෂණයක් සිදුකිරීම සඳහා දින තුනකට පසුව පැමිණෙන ලෙසටය. දින තුනක් ගතවිය. රෝගියා වෛද්‍යවරයාගේ උපදෙස් නිවැරැුදිව පිළිපැද, හරියටම දින තුනකින් වෛද්‍යවරයා හමුවීමට ගියේය. ඒ මුත‍්‍රා පරීක්ෂණයක් සිදු කිරීම සඳහාය. රෝගියා දුටුවිට වෛද්‍යවරයා ඒ අසල සිටි සාත්තු සේවිකාවට පවසා ඇත්තේ, රෝගියාගේ මුත‍්‍රා සාම්පලයක් ලබා ගැනීම සඳහා කුඩා කුප්පියක් ලබාදෙන ලෙසටය. එම කුඩා කුප්පිය ලබාදෙනවාත් සමගම රෝගියා ”මම මුත‍්‍රා බෝතලයක් ගෙන ආවා” යැයි පවසා කළු පැහැති ටියුලිප් බෑගයකට අත දමා, එක්තරා බීම වර්ගයක් ඇසුරුම් කිරීමට ප‍්‍රයෝජනයට ගත් මෙගා ප්ලාස්ටික් බෝතලයක් එළියට ගත්තේය. එම මෙගා බෝතලයේ මුත‍්‍රා පිරී තිබිණි. එය දුටු වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටි කාටත් සිනහ නොවී සිටීමට නොහැකි විය. පසුව ඒ පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ, වෛද්‍යවරයා විසින් දින තුනකට පසුව මුත‍්‍රා පරීක්ෂණයක් සිදුකිරීමට පැමිණෙන ලෙසට ලබා දුන් උපදේශය වැරැදි ආකාරයට අවබෝධ කරගෙන රෝගියා විසින් දින තුනක් තිස්සේ බෝතලයකට මුත‍්‍රා එකතු කර රැගෙන පැමිණ ඇති බව ය.



අදහස් (0)

මුත‍්‍ර පරීක්‍ෂණයට දින 3 ක් එකතු කළ මුත‍්‍ර මෙගා බෝතලයක ගෙනත්

මංජල Thursday, 17 May 2012 11:19 AM

මුත්‍රා නිසා හොදයි අනික් එවා පරික්ෂා කරන්ඩ දින තුනකින් එන්ඩ කිවනම් දොස්තරට දුවන්ඩ වෙන්නෙ...

:       0       0

මරුවින් Thursday, 17 May 2012 11:38 AM

හොඳ වෙලාවට වෛද්‍යවරයා මළ පරීක්ෂණයක් කරන්න කිව්වේ නැත්තේ.

:       0       0

වනිතා Thursday, 17 May 2012 11:54 AM

තවමත් මෙහෙම මෝඩ වැඩකරන මිනිස්සු ලංකාවේ ඉන්නව කියල හිතන්නත් අමාරුයි.....

:       0       0

චන්දන Saturday, 19 May 2012 02:26 PM

අසරණයාට හිනා වෙන්න එපා වයසක ගෙනක් වෙන්න ඇති ඔබේ අම්ම තාත්තා අතිනුත් මේ දේ වෙන්න පුළුවන්

:       0       0

චුට්ටි කොල්ලා Thursday, 17 May 2012 12:19 PM

සති 3 ක් එහෙ හිටියනම් .............බවුසරයක් අරන්එයි....

:       0       0

අප්පුහාමි Saturday, 19 May 2012 03:42 PM

හොක්කි හොක්කි හූ.............

:       0       0

ලාල් හේරත් Thursday, 17 May 2012 12:59 PM

තේරෙන සිංහලෙන් විස්තර කරල කිව්වනම් ඉවරනේ...........

:       0       0

සුජීව Thursday, 17 May 2012 01:00 PM

දවස් 3 ටම එච්චරද????????????

:       0       0

ප්‍රිමාල් Thursday, 17 May 2012 01:11 PM

විහිඵ කරන්න එපා.එයාට කියපු දේ හරියට වැටහිලා නැතුව ඇති.අපි කවුරුත් අංග සම්පූර්ණ නෑ.. හිනාත් යනව තමයි ඒත් ලෙඩෙක්නේ..............,

:       0       0

චමිල් Thursday, 17 May 2012 01:11 PM

හපෝ දවස් 3ටම එක මෙගා බෝතලය ද ??? බොහොම මදි ... මෙයාට ඊළගට වකුගඩු අමාරුව හැදෙයි ... පරීසමින් හොදේ ...

:       0       0

ලාල් පෙරේරා Friday, 18 May 2012 11:31 AM

දන්න සිංහලෙන් කිව්වනම් නේද හොඳ...

:       0       0

සමන්, මෙල්බෝන් Thursday, 17 May 2012 02:27 PM

සිංහලවත් කතාකර ගන්න බැරි ටෙලි නිළියෝ වැඩිම මනාපයෙන් තේරීපත්වෙන රටක්නේ මේක.....

:       0       0

අනූෂා Friday, 18 May 2012 11:55 AM

මේකට හිනා වෙන්නේ ඊට වඩා ‍මෝඩයෝ....

:       0       0

මැට්ටා Thursday, 17 May 2012 02:41 PM

ඔය විදියෙම මළ පරීක්ෂණයක් ගැනත් මම අහලා තියෙනවා. එදා ලෙඩා මල පාර්සලයක් ගෙනාවලු.

:       0       0

සමන් Thursday, 17 May 2012 11:50 PM

පවු අප්පා.හිනා වෙන්න එපා

:       0       0

රූපසිංහ Friday, 18 May 2012 12:15 AM

පෙනෙන විදියට රෝගියා වැරදි විදියට උපදෙස් තේරුම් කරගෙන ඇති බවයි පෙනෙන්නේ. නමුත් දියවැඩියා රෝගයෙන් පෙලෙන රෝගියෙකුට වෛද්‍යවරයා විසින් පැය 24 දී රැස් කල මුත්‍රා රැගෙන එන ලෙස උපදෙස් දියහැක. මා ද මෙම රෝගයෙන් පෙලෙන අයෙකි. පැය 24 ක් තුල දී රැස් කල මුත්‍ර වලින් පර්යේෂණා ගාරය ගන්නේ සාම්පලයක් පමණි. මෙම රෝගියා සමහර විට කාගෙන් හෝ අසා දැනගෙන වැරදි විදියට කලදෙයක් වන්නට පුළුවන්.

:       0       0

කොල්ලා Thursday, 17 May 2012 03:00 PM

ප්‍රිමාල්‍, ඇත්ත එක මෝඩකම නොවෙයි නොදැනුවත්කම ඒ මිනිසුන්ගේ,

:       0       0

අලිබබා Thursday, 17 May 2012 03:31 PM

මනුෂ්‍යයකු රෝගීවු අවස්ථාවකදී ඒ ‍රෝගය නීසාත් යමියමි පුශ්න නිසාත් මානසිකවද රෝගී වන අවස්ථාවල් එමටයි. එවැනි තත්වයක‍ට පත්වන මනුෂ්‍යයාට කියන්නේකුමක්ද? කරන්නේකුමක්දැයි? නොදැනන තත්වයක සිටින නිසා මෙවැනි දේවල් සාමාන්‍යයෙන් සිදුවිම නොවැලැකිවිය හැකියි. අද ‍මුදල්ගෙවා වෛද්‍යයවරයෙකු මුණගැසුනත් එම රෝගීයාව ඉක්මනින් යවා අනික් රෝගීන්ව පරික්ෂා කිරීමට තිබෙන්නවු තදියම නිසා දුන් උපදෙසක් නැවත නැවතත් වෛද්‍යවරයාගේ ඇසීම‍ට අසරණ රෝගී මැලිබවක් දක්වයි. මන්දයත් දෙවන වරටත් එකම පුශ්ණය ඇසීමේදී ඇයි අමිමේ එකපාරක් කිවුවාහම තේරෙන්නේ නැද්ද යනුවෙන් පුශ්ණයට පිළිතුර නොව බැනුමක් ඇසීමට සිදුවේදෝයි යන සැකයක් සමහරක් තුල පවතින බැවිනි. මෙවැනි සුදුවීමි මත මුත්‍රා බෝතලයක් නොව අසුචි කප්පරයක් අරන් ගියන් ඒ අය බාරගතයුතුයි. මෙය විවෘත ආර්ථිකයේ ස්වභාවයයි.

:       0       0

කටාර් කොල්ලෙක්‌. Friday, 18 May 2012 11:31 PM

මේ වගෙ මිනිස්‌සුන්ට අපි සිනා නොවි උපකාර කරමු.

:       0       0

දිනේෂ්-saudi Thursday, 17 May 2012 04:44 PM

මේකට නම් නොදැනුවත් කම කියලා කියන්න බෑ.මොකද මුත්‍රා සාම්පලයක් කියන එක පොඩි ළමයෙක් වුණත් දන්නවා

:       0       0

සුපර් ස්ටාර් Thursday, 17 May 2012 05:17 PM

සමහර ඇමතිලා රතු වයින් ගැන කැප්පෙටිපොළ පිළිරුව ඉදිරියේ කතා කරන එක ගමේ ඉන්න අපිට මොන දැනුමක්ද අනේ

:       0       0

ගිහාන් Friday, 18 May 2012 01:52 PM

ගමේ හතර ලියැද්දද ?

:       0       0

අසන්ක Friday, 18 May 2012 06:54 AM

මානව හිමිකම් බිදීමට විරුද්ධව නීති මගින් ක්‍රියා කළ යුතු වෙනවා

:       0       0

ජයලත් Thursday, 17 May 2012 06:22 PM

මෙයින් පෙනෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ සාමාන්‍ය දැනුමේ තරම නොවේද? රටේ පරිහානියට මූලිකම හේතුව මේක තමයි

:       0       0

කීර්ති Friday, 18 May 2012 07:03 AM

අලිබබාගේ ප්‍රතිචාරයට මම එකගයි.අපේ දොස්තරලට අවශ්‍ය උපදෙස් දෙන්න සමහර වෙලාවට වෙලාව මදි.ඒත් විවිධ ප්‍රමාණ වලින් මුත්‍රා ගන්න පරීක්ෂනත් තියෙනවා.පැය 24ක් මුත්‍රා එකතු කරලා කරන පරීක්ෂණත් තියෙනවානේ.

:       0       0

දිනේෂ් Thursday, 17 May 2012 06:54 PM

අනේ පවු අහිංසක මිනිස්සු.අවබෝධ උණානම් හරියට එහෙම කරන්නේ නෑ

:       0       0

නිකී Friday, 18 May 2012 02:53 PM

මේ වගේ අයට හිනා වෙන එක හොඳ නෑ....

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්
2024 ඔක්තෝබර් මස 22 327 0

ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ.


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා
2024 ඔක්තෝබර් මස 21 926 0

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියක


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා
2024 ඔක්තෝබර් මස 19 620 0

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක්


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා
2024 ඔක්තෝබර් මස 19 620 0

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා
2024 ඔක්තෝබර් මස 19 196 0

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.


ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා
2024 ඔක්තෝබර් මස 19 229 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 792 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 545 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site