IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මිතුරා මරණ පරීක්‍ෂයකු බව දැන කඬේ කහ වතුරෙන් හෝදලා

යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කෙරෙහි දැඩි විශ්වාසයකින් සිටි වෙළෙන්දකු මරණ පරීක්ෂකවරයකු බව නොදැන කෙටිකලක් ඇසුරු කළ අයකු මරණ පරීක්ෂකයකු බව දැන ගැනීමෙන් පසු ඔහු එළවා දමා වෙළෙඳසැල සෝදා පිරිසිදු කළ පුවතක් මහනුවරින් වාර්තාවේ.

ඔහු මහනුවර ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. දිනක් මහනුවර නගරයේදී පුද්ගලයෙකු හමුවී කතා කිරීමෙන් පසුව හිතවත්කමක් ගොඩනැගුණි.
හඳුනාගත් පුද්ගලයාද සමාජශීලි පුද්ගලයකු වූ බැවින් ලද සෑම අවස්ථාවකම අලූත හඳුනාගත් පුද්ගලයාගේ වෙළෙඳ ආයතනයට ගොඩ වී කෙටි වේලාවක් සතුටු සාමීචියේ යෙදීමට පුරුද්දක් කරගෙන සිටියේය.

දිනක් වෙලඳසැල් හිමියා ඔබ කොහේද වැඩකරන්නේ කියා විමසා ඇත. එවිට මිත‍්‍රයා පවසා ඇත්තේ මම මරණ පරීක්ෂකවරයකු කියායි.
එවිට මායම්වූවකු ලෙස නැගිටි වෙළඳසල් හිමියා චී... චී... කිලි කිලි යැයි හඬ නගමින් මරණ පරීක්ෂකවරයා වෙළඳසලෙන් එළවා දමා තිබේ.
ඉන් අනතුරුව ඔහු කහවතුරෙන් වෙළඳසල සෝදා සාම්බ‍්‍රානි සුවඳදුම් අල්ලා පිරිසිදු කිරීමටද අමතක නොකළේය.



අදහස් (0)

මිතුරා මරණ පරීක්‍ෂයකු බව දැන කඬේ කහ වතුරෙන් හෝදලා

කුමාරි Friday, 24 January 2014 07:07 PM

කොයි කවුරුත් ඔහොම කීවට ඕව ගැන හැමෝම බයයි. ඔය දේවල් අපේ ඇගට කාන්දු වෙලා තියෙන්නේ පරම්පරාවලින්. දර්මය යම් තරමින් හරි අදහන වටහාගන ඉන්න කෙනා ඕවට බය නැහැ. දර්මය රකින්නා දර්මය විසින් රකිනු ලැබේ. (නදී)

:       0       0

දම් Friday, 24 January 2014 10:51 PM

හැබැයි ඕවයේ ඇත්තක් තියෙනවා. වයසට ගියාම සැමට තේරේවි (අ)

:       0       0

ශානි Monday, 27 January 2014 06:19 AM

මෙහි විකාර අදහස් පල කරමින් සිටි අය දැන් නැති එකනම් ලොකු දෙයක්.(නදී)

:       0       0

සෙලිනා Monday, 27 January 2014 06:54 PM

මේ ශානි අනුන්ගේ ඕපා දුප ඕනේ නැහැ, පිනක් කරගන්න විදියක් බලන්න (අ)

:       0       0

චන්දි Monday, 27 January 2014 07:11 PM

මේ පොඩි දරුවා බෙර ගම්මු (අ)

:       0       0

පීටර් Saturday, 25 January 2014 02:07 AM

මෙහෙමත් ගොං හරක්.(නදී)

:       0       0

ජගත් Sunday, 26 January 2014 10:15 AM

අන් පව් සංසාරේ මෙහෙමත් ගොන් මිනිහෙක්.(නදී)

:       0       0

පෙරේරා Monday, 27 January 2014 09:16 AM

ශානි, ඔබ හරි. මට දැන් හරි සුවයක් දැනෙනවා (නි)

:       0       0

රාමා Friday, 24 January 2014 11:12 AM

මැරුණම හරි කවුරු හරි මැරුවම හරි අර මුනුස්සයා ගාවටම තමයි යන්න වෙන්නෙ. එතකොට මිනිහත් කිලි බව අමතක වෙලා. (අ)

:       0       0

රංජිත් Saturday, 25 January 2014 09:31 AM

ඔය කඩ කාරය දෙමල කෙනෙක් පාටයි, ඒ අය අපට වඩා ඕවා බලනවා (අ)

:       0       0

මෙන්ඩිස් Friday, 24 January 2014 12:09 PM

එහෙනම් අපේ රටේ තත්වයත් තාමත් මේ වගේ? (නදී)

:       0       0

පද්මපානි Saturday, 25 January 2014 04:08 PM

රන්ජිත් ඔබ හරි, (අ)

:       0       0

රජීව් Saturday, 25 January 2014 05:37 PM

මෙයා මැරෙන්නේ නැතුව ඇති (අ)

:       0       0

මේනකා ලොකුපතිරණ Tuesday, 28 January 2014 04:28 AM

එසැණ දැන් මෙතන කෝලම් නටන්න දෙන්නේ නැති එක හරි හොඳයි.(නදී)

:       0       0

කමල් Friday, 24 January 2014 04:16 PM

මලාම බලාගමු, එයාට ඕනෑ වෙයිනේ! (අ)

:       0       0

නිල්පුල් Friday, 24 January 2014 04:28 PM

තමා නොමැරෙන බව සිතා කටයුතු කරන අවිද්‍යාවේ ගිලී සිටින මෝඩ මිනිසෙකි. (අ)

:       0       0

ආරියසේන Friday, 24 January 2014 05:46 PM

වෙළදාම කරන්න මොලය තිබුනට අවිද්‍යාව ගැන සිතන්න තරම් ඔහුගේ මනස දියුණු වී නොමැත. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 481 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 598 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1063 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 894 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2348 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 819 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 314 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site