උණවටුන ඩී.ජී.සුගතපාල
ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ. වැනි වැනි පාරට පැමිණි දෙදෙනාට පරණ ආරවුලක් මතක් විය. දැන් දැන් මිතුරුකම ටිකෙන් ටික ඈත්වී සතුරුකමක් මතුවන්නට විය. අවසානයේ එකෙකු අසල තිබූ පොල්ලක් ගෙන මිතුරාගේ ඔළුවට වේගවත් පහරක් එල්ල කළේය.
ටික වේලාවකදී අසල්වැසියෝ රැස්වී ගිලන් රථයකින් තුවාලකරු කරාපිටිය රෝහලට යැවීමට කටයුතු කළහ. තුවාලකරුගේ තත්වය බරපතළ වූ නිසා ඔහු වහාම හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරනු ලැබිය. සිද්ධිය වාර්තාවීමත් සමග සැකකාර මිතුරා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රිමාන්ඩ් සිර ගෙදරට ගියේය.
මේ අතර එදිනට පසුදින රාත්‍රි පිරිසක් තුවාලකරුගේ නිවසට ආහ. එසේ පැමිණියේ හිස් අතින් නොව බූරුවා කුට්ටමක්ද රැගෙනය. තුවාලකරුගේ බිරිඳ සිතුවේ සැමියාගේ මිතුරන් පිරිසක් සැමියාගේ තත්වය විමසීමට පැමිණ ඇති බවය. ඇය ඔවුනට තේ සැදීමට මුළුතැන් ගෙට ගියාය. එහෙත් නිවසේ කිසිදු කලබල ගතියක් නොවිය. ඒ බව පැමිණි පිරිසට නොදැනුනේ ඔවුන්ද බීමත්ව සිටි නිසාය. පැමිණි පිරිස බිම පැදුරක් එළා වාඩිවී බූරුව කුට්ටම දිග හරින්නට වූහ.
තේ සාදාගෙන පැමිණි බිරිඳ මෙය දැක පුදුමයට පත්වුවාය. “ඇයි මේ මොකද” ඇය ඇසුවාය.’ නැහැ අපි මේ අයියගේ බොඩිය ගේනකම් නිදි මරන්න ඕන නිසා කාඩ් කූට්ටමක් අරගෙන ආවා” එක් අයෙක් කීය.
ඒ සමගම ඇයගේ කෝපය ඉහ වහා ගියේය. තේ කෝප්ප ටික විසි කළ ඇය “මගේ මහත්තය මැරුණේ නැහැ යකෝ” යනුවෙන් කෑ ගසමින් පැමිණි පිරිසට පහරදීමට සූදානම්වන විට ඔවුන් බූරුව කුට්ටමද දමා දුව යන්නට වූ අතර ඇයද වහාම රෝහල වෙත දුව ගියාය. ඒ වනවිට සැමියාගේ තත්වය සුව අතට හැරෙමින් තිබෙනු දුටු ඇය රෝහලෙන් පිටව නැවතත් නිවසට දුව ගියේ බූරුව ගැසීමට පැමිණි පිරිස හමුවීමේ බලාපොරොත්තුවෙන් වුවද ඒ වනවිට පිරිස බොහෝ දුර ගොස් තිබිණි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්