කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
මිතුරා ගුවන් තොටුපොළට ඇරල වූ වාහනයෙන්ම ඔහුගේ භාර්යාව සිය නිවෙසට කැන්දාගෙන ආ අපූරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණේ ප්‍රධාන නගරයකින් අසන්නට ලැබේ.
දෙදෙනාම ගජ මිතුරෝය. එකෙක් විවාහකය. අනෙකා අවිවාහකය. කෑවේ බිව්වේ එකටය. ගමන බිමනත් එහෙමය. දෙදෙනාගේම නිවෙස් දෙදෙනාටම විවෘතය.
කොරෝනා ව්‍යසනයත් සමගම විවාහක මිතුරාගේ ව්‍යාපාර කඩා වැටුණේය. ඒ ආයෙත් ගොඩගන්න බැරි ආකාරයටය. එහෙයින් ඔහු විදෙස්ගත වීමට තීරණය කළේය. භාර්යාවත් මිතුරාත් ඊට අලගු තැබූහ. ඒ විතරක්ම නොව ඔහුට ඊට අවැසි කාර්යයන් ද නොපිරිහෙලා ඉටුකර දුන්හ.
විවාහක මිතුරා රට යෑමේ දිනය උදාවිය. ගුවන් තොටුපොළට ඔහු ඇරලීමට ඇරියුම් ලැබුවේ භාර්යාව සහ මිතුරාය. වාහනයක් ද කුලියට ගත්තේය. එයින් ඔවුහු ගුවන් තොටුපොළට ගියහ.
ගුවන් තොටුපොළේ දී භාර්යාව සිය සැමියා වෙලාගෙන හැඬුවාය. දෙමිතුරන් සමුගත්තේ ද වේදනාවෙන්ය. දුක් සන්තාපයෙන්ය.
විවාහක මිතුරා වෙහෙසකාරී ගුවන් ගමනකින් පසු විදෙස් රටට පැමිණි පසු සිය භාර්යාව දුරකතනයෙන් ඇමතීමට ඇමතුමක් ලබා ගත්තේය. එය ක්‍රියා විරහිතය. දෙතුන් වතාවක්ම උත්සාහ කළේය. එය ගඟට කැපූ ඉනි මෙනි.
සිය අතිජාත මිත්‍රයා ඇමතුවේ ඉන්පසුවය. ඔහුගේ දුරකථනය ක්‍රියාත්මකය. සැනසුම් සුසුමක් හිතට ආවේය.
‘මචං මම නෝනට කෝල් කළා ෆෝන් එක වැඩ නැහැ. මොකක්වත් කරදරයක් ද දන්නේ නැහැ. පොඩ්ඩක් හොයලා බලපන්’ ඔහු කීවේය.
‘හා මචං... එයාට කරදරයක් නම් නැහැ. එ්ත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.’
‘මොකක්ද? ඒ’ යැයි ඔහු ඇසුවේ පපුව ගැහි ගැහිය.
‘මචං මේකයි කාරණේ, උඹ එයාපෝට් එකට බස්සලා එද්දී එයාට ගෙදර යන්න බැහැ කිව්වා. උඹ නැතුව පාළුයි කියලා, අපේ ගෙදර නවතින්න එන්න ඕනෑ කියලා. මම ඉතින් එයා එක්කන් අපේ ගෙදර ආවා’ යයි කීවිට විවාහක මිතුරාට දෙවියන් බුදුන් සිහිවුවත් කරන්නට කිසිදෙයක් නොවීය.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිතුරා රට යවන්න ගිය රියේම නෝනා බිරිය කරගෙන ගෙදර ගෙනත්