IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මුද්දක් බිමට වැටිලා බිරිය යකින්නක් වෙලා

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
නැන්දම්මා සහ ලේලි අතර නොයෙකුත් රණ්ඩු සරුවල් ගැන අසා තිබුණත් නැන්දම්මා සහ බෑනා කෙනකු අතර අලකලංචියක් පිළිබඳව වාහල්කඩට නුදුරු ගමකින් අසන්නට ලැබුණි.
මෙම නැන්දම්මා ඇයගේ බාල දුව විවාහ කරගෙන සිටින බෑනාගේ ගෙදර මාසයකට තුන් හතර වතාවක් ගොස් දින දෙක තුනක් නැවතී සිටීම පුරුද්දක් කරගෙන සිටියාය. එහෙත් නැන්දම්මාගේ මේ ක්‍රියා කලාපය බෑනාට දිරෙව්වේ නැත. ඒ බව ඔහුගේ බිරිඳ ද හොඳින් දැන සිටියාය.
නැන්දම්මාගේ පැමිණීමත් සමග අඹු සැමි දෙදෙනා අතර නොයෙකුත් වාග් සංවාද උණුසුම්ව පවතින අවස්ථා බොහෝය.
බෑනා වැඩට යාමට සූදානම් වන ඇතැම් අවස්ථාවලදී නැන්දම්මා  බෑනාට මුදල් දී කුමක් හෝ බඩුවක් රැගෙන ඒමට පැවරුවාය. බෑනා මුදල් රැගෙන ගොස් ඇයගේ අවශ්‍යතාව ඉටුකර දීමට කටයුතු කළේ මුවින් නොබැණය.


දිනක් බෑනා තම කාමරයට ගොස් ඇඳුම් මාරු කරගෙන එළියට පැමිණෙනතුරු නැන්දම්මා ඒ අසල දොර සමීපයේ හිටගෙන සිටියාය.  ඒ ඇයට නගරයේ ෆාමසියකින් බෙහෙතක් ගැනීමට අවශ්‍යව තිබූ බැවිනි. සෑහෙන වේලාවක් ගත වුවත් බෑනා එළියට එන පාටක් නැත. බැරිම තැන නැන්දම්මා දොර රෙද්ද මෑත් කොට කාමරේට එබිකම් කළාය. ඒ සැණින් විදුලියක් වැදුණා සේ ඇය අත ගසා දමා ආපසු හැරී ඇයගේ කාමරයට ගියාය.
ටික වේලාවකින් බෑනා සුපුරුදු පරිදි ඇඳුම් ඇඳගෙන කාමරයෙන් එළියට පැමිණ සේවා ස්ථානය කරා නිවෙසින් පිටව ගියේය.
එදින සවස බෑනා වැඩ ඇරී ආපසු නිවසට එද්දී, ගේට්ටුව අසලදී දුටු දර්ශනයෙන් ඔහු මදක් තැති ගත්තේය. ඔහුගේ බිරිඳ යක්ෂණියක සේ නිවෙස ඉදිරිපිටට වී තමා එනතුරුම බලා සිටිනවා වැනි හැඟීමක් ඔහුට දැනුණි. ඔහු නිවෙසට ඇතුළු විය. ඒ සමගම තම බිරිඳ හඬමින්ද, තර්ජනය කරමින්ද, නොයෙකුත් විලාසයෙන් තමන්ට බැණ වදින්නට පටන් ගත්තේ ඇයගේ මවට ඔහු විසින් කරන ලද නොහොබිනා වැඩක් ගැන සැමියාට දොස් පවරමිනි.
‘‘මොකක්ද හැබෑටම තමුසේ අපේ අම්මට අද උදේ කරපු අලු‍ගුත්තේරු වැඩේ. අපේ අම්මට මේ ගෙදර එන්න එපා කිව්වා නම් ඉවරයිනේ. ඔය වගේ තිරිසන් වැඩක් නොකර. ඇයි තමුසේ අපේ අම්මට නිර්වස්තතරයෙන් ඇඟේ නූල් පොටක් නැතුව පස්ස පෙන්නුවේ”‍ යැයි ඇය එක දිගටම දෝෂාරෝපණය කළාය.
සැමියා මොහොතක් කල්පනා කරන්නට විය. සැණෙකින් ඔහුට දෙවියන් සිහිවිය. එදින ඇඳුම් ඇඳීමට පෙර මේසය උඩ තිබුණු ඔහුගේ මුද්ද  බිමට වැටී රෝල් වී ඇඳයට ගොස් නොපෙනී ගිය නිසා ඔහු දණ ගසාගෙන ඇඳ යටට මුහුණ හොවාගෙන මුද්ද සොයන්නට පටන් ගෙන ඇත. ඒ අවස්ථාවේදී නැන්දම්මා එය  දැක ඇයට ඔහුගේ පස්ස හරවා ඇතැයි සැක සිතා ඇති බව ඔහුට වැටහුණි.
ඔහු එම සිද්ධිය බිරිඳට පවසද්දී දරුවෝ ඇති තරම් සිනාසුණහ. එහෙත් බිරිඳ ඔහුට පැවැසුවේ ‘‘මීට පස්සේ පොළොව යට හිටියත් ඇඳුමක් ඇඳගෙන ඉන්නවා”‍ කියාය.

 



අදහස් (0)

මුද්දක් බිමට වැටිලා බිරිය යකින්නක් වෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 656 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 711 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1090 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9412 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 866 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 328 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site