එකම තාප්පයෙන් වෙන් වූ ඉඩමක අඹ ගසක අත්තක් තාප්පය පැන මෙහා ඉඩමට විත් එහි හටගත් අඹ ගෙඩි කීපයක පරිහරණ ගැටලූවක් නිසා නයි වෛරයෙන් පසුවූ මේ පවුල් දෙක මතුගම පැත්තේය.
මෙහා ඉඩමේ වූ දේශපාලන බලවතා ප‍්‍රාදේශීය සභාවට දැන්වූයේ තම මිදුලට දික්වූ අත්ත කපා දැමීමට එහා ඉඩමේ අයට නියෝග කරන ලෙසටය. මහ සටනක් කොට අඹ අත්ත කැපීමට තීරණය ආවත් දැඩි වෛරයෙන් පසුවූ දේශපාලන බලවතා තර්ජනාත්මකව කීවේ තම මිදුලට එක අඹ කොළයක් හෝ නොවැටෙන සේ අත්ත කැපිය යුතු බවය.
ගිවිසුම පරිදි අසීරුවෙන් අත්ත කැපුවත් එය ඇද වැටුණේ මිදුලට නොව වහලටය. උළු කැට ද බිඳිණි. වියරු වැටුණ දේශපාලන බලවතා පොලිසියට ගියත් ”ගිවිසුම නං කැඩිල නෑ. මිදුලට මිස වහලට ගහ කපන්න එපා කියල නෑ නේ දැයි” පොලිසිය ඇසූ විට ඔහුට යකා වැහුණලූ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මිදුලට වැටෙන්න කපන්න එපැයි කියූ අඹ අත්ත වහලට කපලා
ආනන්ද ආර් Tuesday, 02 July 2013 04:59 PM
පහන්, මටත් මේක කියවනකොටම මතක් වුනේ වැනීසියේ වෙළෙන්දා තමයි. දේශ ගැවුනොත් ඉතින් දෝෂ තමයි. (දී)
ජයසිංහ Monday, 01 July 2013 12:28 PM
කවුද ගහ කැපුවේ? (දී)
පහන් Monday, 01 July 2013 12:29 PM
නූතන වැනිසියේ වෙළෙන්දා ගේ කතාව... මස් රාත්තලම ඉල්ලා සිටි ෂයිලොක් යුදෙව්වා,මස් රාත්තල මිස එකම ලේ බිදුවක් හෝ නොසලන ලෙස දෙන තීන්දුව අපුරුවට ගැලපෙනවා (දී)
රූපවතී Tuesday, 02 July 2013 01:54 PM
වරුණ, ලේ මුත්‍රා පරීක්ෂා කරන්නයි,කොලොස්ටරෝල් ගැනයි කියවන්නෙ නැතුව මාතෘකවට අදාල දේ පමණක් ලියන්න (දී)
දයා අළහකෝන් Monday, 01 July 2013 12:46 PM
අපෝ මෙහෙමත් 'නසරානි' මිනිස්සු? (දී)
විජේ Monday, 01 July 2013 01:43 PM
මෙහෙමත් පිස්සු වැඩ? (දී)
කුමාරි Tuesday, 02 July 2013 10:47 AM
මෙහෙමත් මිනිසුන්ට පන්න පන්න ගහන්න ඕන. (අ)
අසෝක Monday, 01 July 2013 01:59 PM
නියම වැඩේ. නොමැරෙන්න ආව මිනිස්සු වගෙයිනෙ. අනික ඔය දේශපාලන බලය ලැබෙන්නෙත් අනුන්ගෙ චන්දෙන් කියලා හිතන්න බැරි මිනිස්සු. බලයට ආවම මුල මතක නැහැ. ඡන්දෙ ගන්නකොට නම් දෙකට නෙමෙයි හතරට වුනත් නැමෙයි. පොලිසියත් නියම රාජකාරිය කරලා තියෙන්නෙ. ඒකෙන්ම හිතාගන්න පුලුවන් දේශපාලඥයන්ගෙ තත්වය. (දී)
වරුණ Monday, 01 July 2013 02:07 PM
ඔය පැත්තේ ඉන්නේ හදට ගල් ගහපු කට්ටියනේ. ඉතින් ඕකත් මහදෙයක් නෙවෙයිනේ? (දී)
ශශීමාල් Monday, 01 July 2013 02:09 PM
හු! හු!! හු!!! (දී)
වරුණ Monday, 01 July 2013 02:11 PM
මම දන්නා කන්තෝරුවකත් ඉන්නවා ඔය වගේම කෙනෙක්. ඔෆිස් එකේ කා එක්ක හරි පොඩි තරහක් ආව ගමන් කරන්නේ එක්කෝ ඒ මිනිහට යු ටියුබ් බලන්න බැරී කරනවා නැත්තම් ඊ මේල් බ්ලොක් කරනවා (දී)
ධර්මසිරි Monday, 01 July 2013 02:21 PM
ඇයි අඹ ගහ අයිති කෙනාව දන ගහල තිබ්බේ නැත්තේ? ජීවිත රක්ෂණයක් ගන්න පවුලේ අනෙත් අයගේ අනාගතය වෙනුවෙන්. (දී)
චන්දු Monday, 01 July 2013 09:50 PM
ගොඩක්ම ඔයවගේ පොඩි දේවල්වලට හේතුව මිනුස්සු අතරේ තියෙන්න ඕනේ මිත්‍ර සිලි බව නැතිකම එකට හේතුව අදික ඉර්සියාව හා අදික තණ්හාව වෙන මුකුත් නෙමේ.(අ)
චතූ Wednesday, 03 July 2013 10:25 AM
ධර්මසිරි, දණගස්සවන්න නෙමෙයි අඹ ගහේ ගැටගහන්නයි තිබුනේ (නි)
ෂෙරිෆ් Tuesday, 02 July 2013 12:14 AM
ප්‍රථමයෙන් මා ප්‍රර්ථනා කරන්නේ නයි වෛරයෙන් පසුවූ මේ පවුල් දෙකට සමගියෙන් ජිවත් වෙන්න වාසනාව ලැබේවා කියා, අනිත් කාරණය නම් කොපමණ ධනය තිබුනත් අකරතැබ්බයකදී පිහිට වෙන්නෙ තම අසල් වැසියා මිසක් තම නෑදෑ මිතුරන් නොවෙයි. (අ)
ශ්‍රීලාල් Wednesday, 03 July 2013 05:27 AM
දේශපාලන ප්‍රබලයෙක් කියන්නේ කවුද? මහාජනයාගේ උපකාරයෙන් ආපු පුද්ගලයෙක්නේ? පුද්ගලික ප්‍රශ්න වලට තමන්ගේ නිල බලය පෙන්වීම ඉතාමත් වැරදියි. (නි)
දිල්කා Wednesday, 03 July 2013 02:02 PM
මරේ මරු....දේශපාලුවන්ට එයාලගේ ගෙවල් පාලු වෙද්දීවත් මොලේ පෑදුනොත් ඇති..... (නි)
වරුණ Tuesday, 02 July 2013 04:29 PM
මට නම් තාම එහෙම දේවල් නැහැ. නම දිහා බැලුවම නම් රූපවතිට ඔය ටික පරික්ෂා කරගත්තා නම් ටිකක් හොදා වගේ? (දී)
ඉන්දු Tuesday, 02 July 2013 06:16 AM
වරුණ, ඔෆිස් යන්නේ යු ටියුබ් බලන්නද? දියුණු රටවලත් කරන දෙයක් එවැනි දේ බ්ලොක් කරන එක. (නි)