IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


මධුසමය ගෙවා ආ මනාලයාට බඩකට පුරා ගුටි පූජාවක්

සිය මනාලිය සමග මධු සමය ගෙවා නිවෙසට එමින් සිටි මනාලයෙකි. පොලිස් ජීප් රියක් නිවෙස අසල නතර කැරිණි. මනාලිය කාරයේ සිටිය දී මනාලයා අතුරුදන්විය. කලින් විවාහවූ බව කියන මේ තරුණයා බිරියගෙන් වෙන්ව වසර කීපයක් කල් ගත කළ බිරිය තමන් ගැන යළි නොසොයනු ඇතැයි සිතු ඔහු යළි විවාහයකට ඇතුළත් වීමට තීරණය කළාලූ. අලූතින් දැන හඳුනාගත් තරුණියක හා යළි පෙමින් වෙළී විවාහයට දින නියම කැර ගත්තාලූ. ඒ අනුව නව මනාලියගේ නිවසේ දී පෝරුවේ චාරිත‍්‍ර හෙළ සිරිතට සිදුවිය. යුවළ මධු සමයට පිටත්වූයේ කාගේත් සතුටු සිනා මැදය. මේ අතර තම විවාහක සැමියා තමන්ගෙන් නිත්‍යනුකූලව වෙන් නොවී යළි විවාහයකට ඇතුළත්වූ බව පළමු බිරිය දැන ගත්තාය. ඇය මේ බව පොලිසියට පැමිණිලි කළාය. ජෝඩුව දැන් නගරයේ හෝටලයක ඉන්නා බව දැන ගන්නට ලැබුණු බවද ඇය කීවාය. පොලිස් පිරිසක් හෝටලයට යන විටත් ජෝඩුව නිවසට යාමට පිටත්ව ගොසිනි. පොලිස් රිය නිවස බලා ගමන් කළේ පළමු විවාහක බිරියත් සමගය. පොලිස් රිය නිවසට ළං වෙද්දී ජෝඩුව රියෙන් බසින්නට නැකත එනතුරු බලා සිටියහ. පොලිස් රියත් එහි තම පළමු බිරියත් සිටිනු දුටු මනාලයා අනෙක් දොර හැර කාරයෙන් බැස දුවන්නට වූයේය. ”මනාලියත් මනාලියගේ පාර්ශ්වයෙන් ආ නෑදෑයොත් අන්දුන් කුන්දුන්වූහ. පොලිසිය පළමු බිරියට කරුණු පැහැදිලි කරදී අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ගන්නා බව දැන්වීය. ටිකවේලාවක් බලා සිටි මනාලියත් නෑයනුත් ආපසු යන්නට හදද්දී එහි ආ මනාලයා නොවඳිනා වැඳුම් වැඳ පිරිස නවත්වාගෙන දිවා ආහාරයෙන් සංග‍්‍රහකොට පිටත්කර හැරීමට ගත් උත්සාහය අසාර්ථක විය.  ඔවුන්ගෙන් ඔහුට බඩ කටපුරා කන්නට ලැබිණි. ඒ බත්මාළු නොවේ.



අදහස් (0)

මධුසමය ගෙවා ආ මනාලයාට බඩකට පුරා ගුටි පූජාවක්

ඔරංඔටං Tuesday, 17 July 2012 12:48 AM

අයියෝ, මනාලයා එච්චර ක්‍රම සහ විධි දන්න කෙනෙක් වෙන්න බැහැ වගේ

:       0       0

නුවන් Friday, 20 July 2012 06:22 PM

ගුටි තමයි දෙන්න ඕනෑ අර ගැහැණු ලමයවත් අනාථ කලාට (දී)

:       0       0

සුමි Sunday, 15 July 2012 03:35 AM

මොකද පාරු, ඔබ අමිල හරි කීවේ ඔබටත් දයක් ඕනද

:       0       0

රුවන් ගමරාලගේ Saturday, 14 July 2012 07:53 AM

මේකත් පරණ කතාවක් ....මවෙ ඉතින් දෙන සාමාන්‍ය දේවල්නේ .....

:       0       0

සරත් Friday, 13 July 2012 03:48 PM

අපේ ගෑනු ළමයින්ට මොලේ පෑදෙද්දි පෙරහැර ගිහින්....

:       0       0

කන්කානම Monday, 16 July 2012 12:34 PM

ආචාර්යතුමා බැදලා ඉන්නෙත් පශ්චාත් උපාධිධාරිනියක්ද?

:       0       0

S.N Friday, 13 July 2012 09:30 PM

පවු අර අලුත් මනමාලි කලින් හොයල බැලුවානම් ඔහෝම වෙන්නෙ නෑ. අම්ම තාත්තවත් විශ්වාස කරන්න බැරි කාලයක් අද තියෙන්නේ.

:       0       0

hanuma Friday, 13 July 2012 09:32 PM

මනමාලියට මොකද වූනේ.

:       0       0

සහන් Thursday, 19 July 2012 11:04 AM

ඒකෙන් උනේ අනිත් ගැහැණියට මනුස්සයෙක් නැති වුණා..

:       0       0

හනුමා Friday, 13 July 2012 08:54 PM

අන්තිමේ මනාලියට නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ

:       0       0

රජිත් Friday, 13 July 2012 04:45 PM

ඔය කාන්තාවට තිබුණේ පෝරුවට නගිද්දිම අල්ල ගන්නනේ.එහෙම වුණානම් අද මනමාලිට ප්‍රශ්නයක් නෑනේ

:       0       0

පිලිපිනෝ Sunday, 15 July 2012 10:31 AM

මෙන්න බොලේ ආචාර්ය කියනවා මම හරි කියල ? මට නම් දැන් මාවම විස්වාස නැ බොලේ ...

:       0       0

ගිහාන් Tuesday, 17 July 2012 09:06 AM

ඔයිට කලින් දැන ගත්තනම් මනමාලිට හිත හදාගන්න හරි තිබුණා...

:       0       0

සමින්දු Friday, 13 July 2012 05:09 PM

ලංකාවේ හොදම පුවත්පත

:       0       0

පුංචා Saturday, 14 July 2012 10:40 AM

පවු.දැන් ඉතිං මොනවා කරන්නද?

:       0       0

නිෂි Monday, 16 July 2012 05:19 AM

පවු. ගෑණිටත් පිස්සුනේ. අවුරුදු හතරක් ළග නොසිටි මිනිහා ගැන මොකට හොයනවද?

:       0       0

සේනානායක Friday, 13 July 2012 10:52 PM

දැක්ක ගමන් හිත ඇදුන ........ වාසනාවේ දොර අරුණා...කබලෙන් ලිපටත් වැටුන ......

:       0       0

සියාතු Saturday, 14 July 2012 07:35 PM

මනමාලිගේ පැත්තේ කට්ටිය මීහරක්ද .කෙල්ල දෙන්න ඉස්සර මොකද්ද කින්ද මන්ද කියල හොයල බැලුවේ නැද්ද අදකාලේ අයියලාගේ හැටි දැනදැනත් .

:       0       0

සරත් Saturday, 14 July 2012 12:18 PM

හනුමා, එයා පවු

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 15 July 2012 01:58 PM

පිලිපීනෝගේ මතය හරිය.

:       0       0

මෝහමෙඩ් රසීඩ් Saturday, 14 July 2012 08:26 PM

ගුටි කෑවට කමක් නැ ,

:       0       0

අමිල Friday, 13 July 2012 12:32 PM

බදින්න පෙර සොයා බලනු

:       0       0

පිලිපීනෝ Friday, 13 July 2012 12:48 PM

ගෑනු ඔහොම්මමයි.තමන්ගේ මිනිහා එක්ක සතුටින් ඉන්න දන්නෙත් නෑ..ඒ මනුස්සයට වෙන ගෑනියෙක් එක්ක සතුටින් ඉන්න දෙන්නෙත් නෑ...

:       0       0

ගිහාන් සිල්වා Monday, 16 July 2012 08:21 AM

නියපොත්තෙන් කඩන්න තියෙන ඒවා පොරවෙන් කපන්න තිබ්බම වෙන දේවල් තමයි ඔය. (ස)

:       0       0

වරුන Friday, 13 July 2012 01:23 PM

මනමාලි නැතිවුණාම මොකෝ.හනිමූන් එකට ගියානේ.හිරෙන් නිදහස් වෙලා ඇවිත් තව කෙල්ලෙක් බැද ගනීවිද දන්නේ නෑ

:       0       0

පාලිත Friday, 13 July 2012 06:21 PM

ඉරිසියාව.පෙර කරුමය.

:       0       0

රොහාන් Sunday, 15 July 2012 04:11 PM

අවරුදු 4 වෙන් වෙලා හිටයම කොහොමත් නීතියෙන් වෙන් වෙන්න පුලවන්නේ

:       0       0

දුමින්ද Saturday, 14 July 2012 12:45 PM

මනමාලයා දික්කසාද වෙන්න දන්නේ නැද්ද?

:       0       0

ගිරිගෝරිස් අප්පුහාමී Friday, 13 July 2012 01:32 PM

පව් අප්පා..

:       0       0

ධම්මි Friday, 13 July 2012 06:55 PM

කාන්තාව හොද නම් පිරිමියා වෙන කසාදයක් කර ගනීද?

:       0       0

මොට්ටා Friday, 13 July 2012 06:27 PM

පිලිපීනෝ කියන කතාව හරි

:       0       0

ලලිත් Saturday, 14 July 2012 04:14 AM

මිනිහ පුරුදු කරයෙක්නේ ඒක නිසා ඕව ගණනක් නෑ!

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 14 July 2012 11:18 PM

පිලිපීනෝගේ මතය හරිය. නීත්‍යානූකූලව විවාහය දික්කසාදයකින් කෙළර විය යුතුය. මෙහි සදාචාරාත්මක ගැටළුවක් නොමැත. ඇත්තේ නීතිමය ගැටළුවක් පමණි. වෙන්ව විසූ සැමියාට කරගන්න ගිය විවාහයද නැත. මෙය පෙර බිරිඳගේ ඊර්ෂ්‍යාව මත සිදුවූවක් බව හොඳින්ම වැටහේ. මෙයින් සිදුවූයේ තවත් තරුණියකගේ ජීවිතය විනාශවීම බව මේ මෝඩ ගැහැණියට නොවැටහීම මහාම අවාසනාවකි. ගැහැණුන් දුර නොබල මෝඩ පිරිසක් බව මේ සිදුවීම තුළින්ම මනාව පැහැදිලි වේ. පෙර කළ බමුණන් ගැහැණුන්ට ඇත්තේ හැඳි මිටේ නුවණක් බව කීවේ එබැවිනි. අද වුනත් උපාධි පශ්චාත් උපාධි ලබා ගත්තත් ප්‍රායෝගික ජීවිතය අවුල් කර ගන්නා තරමක් ඉන්නේ උගත් ගැහැණුන් බව විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළදී මමද දැක ඇත්තෙමි. යන්තම් සා.පෙ, උ.පෙ. කළ හෝ ඊට පහළ මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් සහිත ගැහැණුන්ට උපාධිධාරීනියන්ට වඩා ජීවිතය, විවාහ ජීවිතය ගතකළ යුතු ආකාරය, සැමියාට ගෞරවයෙන් සැලකීම අතින් ඉහළය. උපාධිධාරිනියන් සිතන්නේ තමන්ට සැමියා වැඳිය යුතු බවකි.කෙසේ වුවද මෙහිදී නීත්‍යානූකූලව දික්කසාදය ලබාගැනීමට ක්‍රියා කළ යුතුව තිබිණ. එසේ වුවා නම් අද මේ පුද්ගලයාගේ විවාහ ජීවිතය අවුල් කිරීමට ඒ මෝඩ ගැහැණියට ඉඩකඩ ලැබෙන්නේ නැත.අද මේ රටේ අවුල් ඇතිකරන තරමක් අවුල් ඇති කරන්නේ මෝඩ ගැහැණු බව පැහැදිලිය.

:       0       0

ෆාරු Friday, 13 July 2012 02:14 PM

ඔව් අමිල....ඔයා හරි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 216 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 459 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1007 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 876 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2315 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 804 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site