IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මුනුබුරාගේ පොතට ‘පොඩි හරි’ දැම්මාට සීයාට කේන්ති ගිහින්

දකුණු පළාතේ ප‍්‍රකට පෙරපාසලකි. උදේ පාන්දරම කුඩා දරුවකු එහි ඇදගෙන ආ සීයා කෙනෙක් එහි විදුහල්පතිනිය හමුවිය.

”මේ පුංචි එකා මගේ පුතාගෙ. ඇයි මේ දරුවට වෙනස්කම් කරන්නෙ” ඔහු කීවේ ගොත ගසමිනි.

”මොකද වෙලා තියෙන්නෙ? විදුහල්පතිනිය ඇසුවේ සිනාසෙමිනි.

”අනිත් දරුවන්ට ලොකු හරි ලකුණු දාලා. මේ පොඩි එකාට පුංචි හරි දාල තියෙන්නෙ. එයා අඬනවා, ඉස්කෝලෙ එන්නත් බෑ කියනවා” ඔහු කීවේ දරුවාගේ වැඩ පොතද පෙන්වමිනි. විදුහල්පතිනියගේ සිනාව වැඩිවිය.

”ආ... හරි” කී ඇය එම පොතෙහි රතු පෑනෙන් ලොකු හරි ලකුණු දාගෙන ගියේ දරුවන්ගේ සීයාගේත් සිනාමැදය.

ඇය අභ්‍යාස කළ තැන්වලට ලොකු හරි ලකුණු දමමින් අනතුරුව හිස් පිටුවලටද ලොකු හරි දැමීම නිසා සීයාට තරු පෙනිණි.

ඒ ගැන සීයා විමසූවිට ඇය කීවේ ”දරුවට  ඕනෑ ලොකු හරිනෙ. ඉතිං ඔය හරිදාපු හිස් පිටුවලත් මොනව හරි ලියන්න කී ඇය දරුවාගේ හිස අතගෑවාලූ.



අදහස් (0)

මුනුබුරාගේ පොතට ‘පොඩි හරි’ දැම්මාට සීයාට කේන්ති ගිහින්

සම්පත් Friday, 01 August 2014 09:09 AM

ගුරුවරිය කලේ ඉතාමත් අසික්කිත වැඩක්. දරු සෙනෙහස නිසා සීයාට කේන්ති ගියබව ඇත්ත. ඒත් සියා ගුරුවරියට කලේ පැමිණිල්ලක් පමනයි. නීතිය අතට ගත්තේ නැහැ. ගුරුවරිය හැසිරුනේ ඉතාමත් ක්‍රෝධයෙන්. දැන්නම් මට හිතෙනවා අර පලා බබා කරපු එකේ පොඩි සදාරනයකුත් තියනවා කියලා. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 01 August 2014 09:20 AM

තැනට සුදුසු විදියට පොඩි එකාගේ හදවත රිදවන්නේ නැතුව බුද්දීමත්ව කටයුතු කල ගුරු මාතාවට අපේ ප්‍රණාමය වගේම මේ තරම්වත් මොලයක් නැති උසස් අද්‍යාපනය එක්ක හරඹ කරන අපේ සමහර ගුරුවරු ගැනනම් කණගාටු වෙනවා (නදී)

:       0       0

ගාමිණී - සිරි Friday, 01 August 2014 09:23 AM

රතු පෑනෙන් ලොකු හරි දීපු එක හරි. හිත සතුටු කරන්න දෙදෙනාගේම. හිස් පිටුවල හරි දැමීමෙන් පොඩි එකාට උනත් තේරෙනවා ගොනාට අන් දාන්න කරපු වැඩක් කියලා (නදී)

:       0       0

කාෂ්‍යප Friday, 01 August 2014 10:30 AM

දරුවන් සියදිවි හානි කරගැනීම දක්වා පොළොඹවන වර්තමාන ගුරු හොරු, විදුහල්පතිවරුන්ගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු විය හැකිද? අනේ කාලේ වනේ වාසේ! (නදී)

:       0       0

සංජීව Friday, 01 August 2014 10:32 AM

සීයලාගේ හිතේ මුණුපුරන්ට තියෙන ආදරය තමයි ඔය. නැත්නම් සීයාගේ මෝඩකම නොවෙයි. මට එකපාරටම හිතට අාවේ දරුවා ගෙදර නවත්තල සීයව මොන්ටෝසොරි යවමු කියන්න. නමුත් එ්ක තමයි එයාලගේ ආදරය. (නදී)

:       0       0

සම්පත් Sunday, 03 August 2014 10:18 AM

අපිට මතකයි හරි දැම්මම අපි එ්කේ දිග මනිනවා. මේක සාමාන්‍ය දෙයක් ගුරුවරිය වැරදියි මම හිතන්නේ. මෙයා විශ්‍රාම ගිය කෙනෙක් වෙන්න ඇති. ලොකු පන්තිවලට උගන්නල පුරුද්ද්දට පොඩි හරි දානවා (නදී)

:       0       0

කුමාරි Monday, 04 August 2014 07:21 AM

ඕක තමයි සෝමේ අද අපේ රටට වෙලා තියෙන්නේ? හොඳ නරක වෙන් කරලා හඳුනා ගන්න මොලයක් නැහැ. ඉස්සර අපිට වෙනම පොතක් තිබුන පිටපත් ලිවීමට. අපි කොච්චර ලීවද? දැන් ගුරුවරයෙකුට දරුවෙකුගේ වරදකට දඬුවම් කරන්න කලින් අම්ම තාත්ත කව්ද කියල හොය හොය ඉන්න වෙලා. අපේ අනාගතය ගැන හිතා ගනනෙවත් කොහොමද ඉතින්. ඔක්කොම ඉන්නේ සීයලයි, මොන්ටිසෝරි ළමයිනුයි. (නදී)

:       0       0

මධුශානි හේවදේව Friday, 01 August 2014 11:40 AM

හිනා වෙන්නද අඩන්නද මන්ද (ස)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 02 August 2014 10:07 PM

විදුහල්පතිනියට ඇති සුදුසුකම් ගැන සැකයක් මතු වෙනවා. මොන විකාරයක්ද කලේ? (නදී)

:       0       0

ගමරාල Tuesday, 05 August 2014 05:33 PM

මොකක් කතා කරනවද බොලව්නේ, අරයාගේ මෙයාගේ වැරදි හොයා හොයා ඉන්නේ නැතුව ගිහිල්ල කුස්සියේ වැඩක් බලගනින්ලා (දී)

:       0       0

ගයනි Saturday, 02 August 2014 02:43 AM

එ්ක් මහා කැත වැඩක්නේ (නදී)

:       0       0

ලාන්කි Saturday, 02 August 2014 11:14 PM

අපිත් පොඩි කාලේ අසයි ලොකු හරි වලට, මේ විදුහල්පතිව ළමා මනෝ විද්‍යාව පිලිබඳ පන්තියකට දාන්න. (නදී)

:       0       0

නිලංක Tuesday, 05 August 2014 11:06 AM

කුමාරි, ඔය හිතලා ලියන්න පුරුදු වෙන්න.හරි දැමූ හිස් පිටුවල ළමයා වැරදි දෙයක් ලිව්වොත් හදන්නේ ඔයද?. (නි)

:       0       0

කුමාරි Sunday, 03 August 2014 02:27 PM

මේ ගුරුවරියට දොස් කියන කට්ටියම හිතුවේ නැද්ද මේ ළමයට හිස් පිටුවලට හරි දමලා ගුරුතුමී කියූ දෙයින් ළමයා තව තවත් ලිවීමේ හැකියාව වැඩි කර ගන්නවා කියලා. ගුරුතුමී කලේ උපක්‍රමයක්. එ්කවත් තේරුම් ගන්න බැරි තරම් අද සමාජයේ තත්වය මෙහෙම නම් මට පෙනෙන්නේ දැන් හැමෝම මොන්ටිසෝරි යවන්න වෙයි වගේ. (නදී)

:       0       0

ප්‍රේමලාල් Friday, 08 August 2014 09:54 AM

විදුහල්පතිනිය වැරදි.ළමයාගේ මානසිකත්වය ගැන හිතන්න බැරි කෙනෙක්.එයාගේ ළමා කාලය අමතක වෙලා.පොඩි කාලේ අපි හැමෝම කැමති ලොකු හරි දමනවාට පොත් වල.හිස් පිටුවල හරි දැම්මේ එයාගේ හිතේ තියෙන තරහට ළමය සමග. ළමා මානසිකත්වය මීට වඩා අවබෝද කරගන්න පුළුවන් අය ඉන්න ඕන පාසල්වල. ගුරුවරුන් විදියට. (අ)

:       0       0

අජිත් Saturday, 02 August 2014 11:19 AM

සීයට වැඩිය හපන් වගේ විදුහල්පතිනිය!!!! (දී)

:       0       0

දුම්මල සුරිය Sunday, 03 August 2014 05:13 AM

ලාන්කි ඔබ හරි......මමත් එකගයි ඔබ සමග.....ඒ වගේම මිනිස්සු වයසට යනකොට පොඩි ළමයි වගේ වෙනවා.....ඒ නිසා ඒ සීයත් දැන් පොඩි එකෙක් ගානයි .... අනික තමයි ඒ සීය තුල තියන දරු සෙනෙහස....සීයල මුනුබුරු මිනිබිරියන්ට අනික් හැමෝටම වඩා ආදරෙයි..... (දී)

:       0       0

ලතා Friday, 01 August 2014 05:00 AM

විදුහල්පතිතුමිය මොකද හිස් පිටුවලටත් හරි දාන්නේ? (නි)

:       0       0

සෝමපාල Wednesday, 06 August 2014 04:20 AM

නිලංක, බොහොම වටිනා මොලේ ඇති කියමනක්. (ස)

:       0       0

කුමාරි Friday, 01 August 2014 07:06 AM

ඇත්තටම දරුවන්ට ආදරය කරන ගුරු මාතාවක්. අද කාලේ අඩුත් මේ වගේ අයයි. (නදී)

:       0       0

සුජිත් Friday, 01 August 2014 08:49 PM

අපිත් පොඩි කාලේ අනේ ටීචර් පොතපිරෙන්න ලොකු හරියක් දාන්නකෝ කියපු හැටි මතක් වුනා. පෙර පාසල් ගුරුතුමියක් උනාම ළමයින්ගේ මානසිකත්වය ගැන මීට වඩා සංවේදී වෙන්න ඕනේ. මේ සීය වැරදි නැහැ. ගුරුතුමී සිනාසුනාට තරහට වගේ හිස් පිටු වලටත් හරි දාල. (දී)

:       0       0

නන්ද Friday, 01 August 2014 08:13 AM

මගේ දුවත් ඔය වගෙයි. සමහර දවසට පොඩි ස්ටාර් (තරු) දෙනවා කියල අඩනවා. අනික් අයට ලොකු තරු දුන්නලු. එතකොට මම එයාගේ අතේ ලොකු ස්ටාර් එකෙක් අදිනවා. (නදී)

:       0       0

සෝමපාල Sunday, 03 August 2014 07:04 PM

කුමාරි, සීයාට තරු පෙන්නලා. හරි දාපු හිස් පිටුවලත් මොනවා හරි ලියන්න කියලා ඒ නොදරුවාට කිව්වම කොහොමද ළමයා තව තවත් ලිවීමේ හැකියාව වැඩිකර ගන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 20 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 46 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 501 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 612 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1067 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 897 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site