IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


මිනිබිරිය මිතුරියට ‘පැටියා’ කිව්වැයි ආච්චිට කේන්ති ගිහින්

තංගල්ලට නුදුරු ගම්මානයක විසූ ඇය දිගුකලක් තිස්සේ වෙහෙසවී අගනුවර විදේශීය හෝටලයක සේවයට ගියේ මීට මාස ගණනකට පෙරය.
රැකියා ස්ථානයේම රැදීසිටි  ඇය පසුගිය වෙසක් නිවාඩුවට ගෙදර ආවත් කිසිදු ආගමික වැඩකට සම්බන්ධ නොවීම නිසා මිත්තනිය තුළ වූයේ අමනාපයකි. අලූතෙන් දක්වන සංකර වැඩද ඇය නොරිස්සුවාය.
 ඇය එදින උදෑසන තම ජංගම දුරකථනයෙන් ආයතනයේ යෙහෙළියක් ඇමතුවේ ‘‘පැටියෝ’’ කියමිනි. කීපිවරක්ම ‘‘පැටියා පැටියා’’ කීම නිසා කෝපවූ ආච්චී ‘‘පැටියා කියන්නේ බල්ලෙක්ද බළලෙක්ද?’’ ඇසුවේ උස් හඬිනි. ‘‘අයියෝ අත්තම්මා එයාට ඇහෙන්නත් ඇති’’ කී ඇය වහාම දුරකථනය විසන්ධි කළත් ඒ වන විට එය යෙහෙළියට ඇසී තිබිණි.
අක්කාගේ වැඩට කවදත් එරෙහි මල්ලී ‘‘කමෝන් ආච්චි’’ කියාගෙන ගෙට යාම නිසා ඇගේ රතු ඉර පැන්නාලූ.



අදහස් (0)

මිනිබිරිය මිතුරියට ‘පැටියා’ කිව්වැයි ආච්චිට කේන්ති ගිහින්

දම්මිකා සෞදි Thursday, 20 June 2013 10:23 PM

වැඩකට නැති දේවල්.(නදී)

:       0       0

හේරත් Friday, 21 June 2013 11:45 AM

චන්ද්‍ර පැටියෝ ඔයා මොකද දකුණ එක්ක තරහා. පැටියෝ ඔයා බත් කන අතත් මාරු කළා කියල අල්ලපු ගෙදර සාඩින් අය්යා ඇස්.ඇම්.ඇස් යවලලු පැටියෝ. සුකිරි කැල්ලක් දකුණෙන් ලැබුනොත් උතුරට ගිහින් වතුරේ දාගන්නේ නෑ නේ පැටියෝ. (අ)

:       0       0

සස්මලි Friday, 21 June 2013 11:47 AM

පැටියෝ කියන්නේ අදරෙටනේ.මෙම ගනු ළමයි දෙන්න අතර ආදරයක් ඇති. (අ)

:       0       0

නිමන්ත Sunday, 23 June 2013 07:46 AM

ලංකාවට වැරදුනේ චන්දා වගේ වර්ගවාදියො නිසයි. (නි)

:       0       0

හේරත් Friday, 21 June 2013 09:47 PM

චන්දි පැටියෝ ,මම පුස් පැටියෙක් හෙව්වා පැටියෝ. තාම බෙන්තර ගඟ කිට්ටුව. මගේ ආච්චි පැටියට හොරාට චන්ද්‍ර පැටියට අපි දකුණෙන් පුස් පැටියෙක් දෙමු වම් අතින්ම නේද පැටියෝ. එතකොට එයා දකුණට බනින එකක් නෑ නෙව පැටියෝ. (නි)

:       0       0

හේරත් Thursday, 20 June 2013 04:32 PM

මනුස්ස පැටියට තරහා ගිහිල්ලාද? (නි)

:       0       0

මාදවී Thursday, 27 June 2013 07:30 AM

සාරදර්ම පිරිහිලා තියෙන්නේ දකුණේ විතරක් නෙමේ චන්ද්‍රා මුළු රටේම. දකුණ කියන්නේ රටේ එක කොටසක් විතරයි. දකුණ වැඩියෙන් සමාජගත වෙලා තියෙන නිසා වැඩියෙන් පෙනෙනවා. පුහුණු සැසි එක පළාතක පමණක් පවත්වලා වැඩක් නැහැ. මොකද ඔය කියන පිරිහීම අනෙක් පැතිවල නොමැතිද?(නදී)

:       0       0

ඔරිලේ Thursday, 04 July 2013 03:45 PM

වෙන කාට හරි පැටියා කියනවද කියලා හොයාගන්ට බැනේ. ආච්චිට දොස් කියන්ටත් බෑ ඉතින්.(නදී)

:       0       0

සුගත් Tuesday, 25 June 2013 12:16 AM

කාලයේ තාලයට වෙනස් වෙන්න ඕනෑ සාරදර්ම රැකගෙන වැඩිහිටියන්න්ට ගරුසරු ඇතිව (නි)

:       0       0

චන්දා Thursday, 20 June 2013 04:41 PM

අනේ මෙයා දකුණේනේ. දකුණත් එක්ක මට පුදුම තරහක් තියෙන්නේ ඉරිසියාවක් නම් නෙවෙයි. ඉස්සර හොද වැදගත් මිනිස්සු හිටිය පලාතක්.(නදී)

:       0       0

කොල්ලා Tuesday, 25 June 2013 12:59 AM

ඇයි දකුණ කියලා ලංකාවෙ අය බෙදන්නේ? දකුණෙ අය ලංකාවෙ නෙමෙයිද? (නි)

:       0       0

පබා Saturday, 22 June 2013 06:12 PM

මේක පත්තරයක්, මේවගේ වැඩකට නැති කතා දාන්න එපා ..(අ)

:       0       0

රෙමාකෝ Thursday, 20 June 2013 02:36 AM

දැන් ඉන්නේ එහෙම අය තමයි. ආච්ච්ලාගේ කාලේ නෙමෙයි දැන් තියෙන්නේ (නි)

:       0       0

ගීත් Saturday, 22 June 2013 06:40 PM

සුපුරුදු පරිදි මේ පාරත් දකුණ අල්ලගෙන කවුරුහරි කෙනෙක් අදහසක් පලකරා. ඒකට විරුද්ධව දකුණෙ අයත් අදහස් පළකරා. අන්තිමේදි කතා කරන්නෙ මාතෘකාවට අදාලව නෙමෙයි දකුණ ගැන. වැඩකට නැති මාතෘකාවට අදාල නැති අදහස් ඉදිරිපත් කරන්න එපා. ඒ වගේම ඒ අදහස් මේ අඩවියේ පළකරන්න අනුමැතිය දෙන්නත් එපා (අ)

:       0       0

මාලිංග Thursday, 20 June 2013 12:44 PM

ඇයි මීට කලින් පැටිය කියනවා අහල නැද්ද ? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.(නදී)

:       0       0

පියල් Thursday, 20 June 2013 04:52 AM

මෙයා මට කෝල් කරනකොට තමයි පත්තු වුනේ.(නදී)

:       0       0

චන්දා Saturday, 22 June 2013 07:29 PM

බළල් පැටියෙක් ගෙනාවත් මෙගොඩට ඇස් වහලා ගෙනපිය කිවේ කට කහනවටම නෙවේ, (අ)

:       0       0

උපාලි Thursday, 20 June 2013 07:23 AM

පරම්පරා පරතරය ලෝකේ තියනකල් පවතිනවා. ඉස්සර 'ඔයා' කිව්වේ ස්ත්‍රී පක්ෂය ඇමතීමට පමණයි. දැන් දෙපක්ෂයටම පොදුයි. දෙමවුපියන්ට අපේ රටේ නම් තවම නම කියලා කතාකරන්නේ නැහැ. ඒකත් එයි. යහළු යෙහෙළියෝ අතර නම් නා නා ප්‍රකාර ඇමතුම් භාවිත වෙනවා. ආච්චිත් සීයට 'පැටියෝ' කිව්වා නම් බලන්න පුළුවන් සීයාගේ සන්තෝසේ. (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 21 June 2013 01:42 PM

අපේ අල්ලපු ගෙදර චාන්දනී අක්කා එයාගේ ස්වාමි පුරුෂයට අමතන්නේ පැටි කියල ඒ අයියගේ නම පැට්‍රික්, අපි කලින් කුලියට හිටපුගෙදර අයිති ලොකු නෝනා එයාගේ සහෝදරයට කතා කලේ බබා අයිය කියල එහෙම කතා කලේ ඔහුගේ නම බබානිස් නිසා, (අ)

:       0       0

හේරත් Thursday, 20 June 2013 07:43 AM

ආච්චිගේ හයේ පාර .....බෝලය පුපුරා ගියේය.(නදී)

:       0       0

ඩිලාන් Thursday, 20 June 2013 05:49 PM

කාලයත් එක්ක වෙනස් වෙන්න ඕනෑ අපේකමත් රැකගෙනයි (නි)

:       0       0

වරුණ Thursday, 20 June 2013 08:12 AM

මේක ඉතින් දෙයියෝ සාක්කියක්ද?(නදී)

:       0       0

සංජීව-ගාල්ල Thursday, 20 June 2013 08:28 AM

ආච්චිටත් කවුරු පැටියෝ කිව්වොත්. ආච්චිටත් නිකන් කිචි කිචි වගේ දැනේවි. සදාචාරය රැකගෙන තරුණ අය විනෝද උනාට කමක් නැහැ. කොහොම උනත් වයසක උදවිය තරුණ කාලේ එයාලගේ සතුටින් ඉන්නවා. දැන් තරුණ අය ඒවා කරද්දී බලාගෙන ඉන්න බැහැ. මේක සාමාන්‍ය දෙයක්. මනෝ විද්‍යාව ගැන දන්නා කෙනෙකුගෙන් ඇහුවනම් මේකට නියම පිළිතුරක් ලැබේවි.(නදී)

:       0       0

මංගල Monday, 24 June 2013 02:12 AM

අච්චිට කුක්කු පැටිය කියන්නද ? (අ)

:       0       0

රොෂාන් Friday, 21 June 2013 07:14 AM

චන්දාට මොකද දකුණ එක්ක ඔච්චරම තරහ? මට නං හිතෙන්නෙ ඉරිසියාවක් කියලම තමා.(නදී)

:       0       0

සෑම් Thursday, 20 June 2013 08:40 AM

රිමාකෝ, ඔයා මුලධර්මවාදියෙක්ද? එහෙමත් නැත්නම් අන්තවාදියෙක්ද? මොනව වුනත් තරුණ කාලයේ ළමයින්ගේ වැරදි අවබෝධයෙන් කාලයත් සමග වෙනස්වෙලා පස්සේ හරි මගට යනවා දැනුමින් මුහුකුරා යනවිට. එමනිසා රේමාකොගේ සතුට තාවකාලික එකක් පමණකි.(නදී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 20 June 2013 08:47 AM

දැන්කාලයේ කිරි අම්මලා -( මල්කාන්තිලා), කිරි අත්තලා - (චමින්දලා},තරුණ අය නම් -( පොර), සම වයසේ හා බාල අයවලුන්ට ආදරේට -( පැටියෝ) .... සැලෙන්න එපා කිරි අම්මේ! දැන් කාලයේ පැටියෝ ඔහොම තමා. (නි)

:       0       0

මාදවී Monday, 24 June 2013 05:13 AM

චන්දරේට තියෙන්නේ ඉරිසියාවක්ම තමා කියාගන්න අමාරුයි හබැයි නිකම්ම කියවෙනවා. (අ)

:       0       0

සතිස් Thursday, 20 June 2013 09:01 AM

දැන් පැටියොත් මොඩිපයි වෙලා තියෙන්නේ. "පැට්ටෝ" කියලා කියන්නේ.(නදී)

:       0       0

මාදවී Monday, 24 June 2013 05:21 AM

මොකද චන්ද්‍ර ඉස්සර හෙඳ මිනිස්සු හිටියද?දැන් ඒ කට්ටිය වෙන පළාත්වලට ගිහින් වෙන කට්ටිය දකුණට ගිහින් වත්ද? (අ)

:       0       0

ශෂිනි Thursday, 27 June 2013 04:35 PM

කොහොමටත් ගමේ ගොඩ අය කොළඹ ආවම කොළඹ අයටත් වඩා මොඩ් වෙන්න හදනවා. ඉන්පස්සේ එයාලා කොළඹ විදියට අදින්න, පලදින්න ඉගෙනගෙන කොළම විදියට කතාකරන්න, අදින්න පළදින්න, ඇවිදින්න ඉගෙන ගෙන කොළඹ අයටත් පාට් දානවා. ඉන් පස්සේ කොළඹ කාලා ගමේ යනවා. ඉතින් ආච්චිට තරහා ගිය එක වරදක් නෙමෙයි.(නදී)

:       0       0

මහී Monday, 24 June 2013 06:02 AM

මේකේ අදහස් දාන අයට මාර අමාරුවක්නේ තියෙන්නේ. (නි)

:       0       0

රූපවතී Thursday, 20 June 2013 02:17 PM

අම්ම ගොඩක් දුක් ගැහැට විදලා තම එකම පුතාට උගන්වල කැම්පස් යැව්වලු, නිවාඩුවක් ලද පුතා තම යාලුවෙක් සමග ගෙදරට රාත්‍රියේ කඩා වැදුනෙන්, කව්ද ඒ හාදය පුතේ ....? ආ... එයා මගේ පන්තියේ හොද පොරක්, එයාටත් එක්කම උයන්න ...මවට ලැබුන පිළිතුර ඌයෙන්? කෑම පිළියෙළ කල මව .....? පුතා කෑම ලෑස්තියි... ඔය පොර ළමයත් එක්ක මෙහෙට ඇවිත් කෑම ටික කෑවනම්...කීවලු ? අද ඉන්න පරම්පරාව එකිනෙකාට යහළු මිත්‍රයන්ටවත් ගරුකරන ආකාරය දන් නැහැ දරුවෝ මෙහෙම කතා කරද්දී අපේ කාලේනම් අපිට දෙමාපියන් බනිනවා ? අක්කේ නංගියේ , නැන්දේ ,මාමේ , කියල ,යෙහෙලියටනම්, නම කියන්න, දන් ඉස්කෝල ළමඊ ඔව්නොඋන්ට ආමන්ත්‍රණය කරන විදිය අහන්නත් ලැජ්ජයි.. අපේ සිංහල භාෂාවේ වත් නැති වචන....? (ස)

:       0       0

අකිල Friday, 21 June 2013 08:55 AM

චන්දා ඔයාට දකුණත් එක්ක තරහ නම් උතුරට ගිහිල්ල ඉන්න. ඔයාට දකුණ ගැන පුදුම අමරුවක්නේ තියෙන්නේ. මානසික රෝහල තියෙන්නේ අංගොඩ. (ත)

:       0       0

චන්දි Friday, 21 June 2013 08:55 AM

චන්ද්‍ර, දැන් ඔයා දකුණේ අයත් එක්ක තියෙන පුදුම තරහාවට හේතුව කියනවද? රොෂාන් කියන්න වගේ ඔයාට තියෙන්නේ ඉරිසියාවක්. ඔය ලෙඩේට බෙහෙත් නැහැ (නි)

:       0       0

දයා අලහාකෝන් Thursday, 20 June 2013 09:35 AM

අර මීට ඉස්සර කාලෙකට පෙර චමිලා කියලනේ ආච්චිට කිව්වේ. ඒක භාවිතා වෙන්නේ නැති හින්දා ආච්චිට කේන්ති යන්න ඇති නේද?(නදී)

:       0       0

සරසි Friday, 21 June 2013 07:26 PM

මේකේ අදහස් දාන අයට මාර අමාරුවක්නේ තියෙන්නේ දකුණ ගැන. දකුණ නිසා තමයි ලංකාව අද මෙහෙම බේරිලා තියෙන්නේ, දකුණට ඉරිසියා කරන්න එපා. (නි)

:       0       0

චන්දා Tuesday, 25 June 2013 04:14 PM

දකුණේ සාරධර්ම පිරිහීම නගා සිටුවීම සදහා දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් විශේෂ පුහුණු සැසි අරඹා ඇති බවට පුවතක් පල වුනා මතකයි නොබෝදා. සාරධර්ම පිරිහීම හැර කියන්න දෙයක් නැත. දකුණෙන් ඇසෙන බොහෝ පුවත් සේම, මා ඇසුරු නිසිරු දකුණේ ඇතැම් අය තුලින් දුටු නොහොබිනාකම් දැක එසේ නොවේවා පැතුමින්, යමක් කීවා පමණි. දකුණ හොද නම් මටත් හොදයි. වෙන සිතක පළ කීම..!! (නි)

:       0       0

සුදේශ් Saturday, 22 June 2013 06:28 AM

රට ගොඩගත්තා වගේ ගොඩගත්ත රට ආගාධයට අර‍ගෙන යන්නෙත් දකුණේ අයම තමා (නි)

:       0       0

කුමාර Monday, 24 June 2013 09:35 PM

මේක අතේ රෝලක්ද කොහෙද (අ)

:       0       0

චන්දි Friday, 21 June 2013 03:38 PM

හේරත් පැටියෝ,චන්ද්‍ර පැටියට අපි දකුණෙන් පුස් පැටියෙක් දෙමුද මගේ පැටියෝ..( හේරත් ඔයාගේ ආච්චි ලග පාතක නැහැ නේද) හිටියොත් මම කපෝතියි පැටියෝ ! (නි)

:       0       0

දිසානායක Thursday, 20 June 2013 11:11 AM

මොනවාද මේ කියන්නේ.(නදී)

:       0       0

අසේල Friday, 21 June 2013 08:43 PM

මේ බබී ආච්චිද දන්නේ නැහැ.(නදී)

:       0       0

දිසානායක Thursday, 20 June 2013 11:10 AM

මොනවාද මේ .(නදී)

:       0       0

හේරත් Thursday, 20 June 2013 11:25 AM

බැල්ලි පැටියා දාලද බලපන් දුවේ. මිරිස් හොදි ටිකක් එක්ක බත් ටිකක් දෙන්ට ඕනෑ. (නි)

:       0       0

ආනන්ද Thursday, 20 June 2013 03:53 PM

අනේ මට බස් කොන්දොස්තර මල්ලිලා කොච්චර ඉන්නවද, හැම බසයකම මගේ අයියා කෙනෙක් තමයි කොන්දොස්තර. මේ කාලේ කතාවේ හැටි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 451 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 620 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1036 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9351 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 849 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 318 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1987 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site