කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය
තම මුනුබුරා සමග වන සතුන් දඩයමේ ගිය සීයාට, ඇඳ සිටි සරම අහිමි වී, උපන් ඇඳුමෙන්ම ගමට ඒමට වීමේ පුවතක් රජරට කැලෑබද ගමකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ගමේ ඉත්තෑවන් නිතර ගැවසෙන ගල් කන්දක් ආශ්‍රිතව මෙම සීයා සහ මුනුබුරා දඩයමේ යමින් සිටියහ. එක්වරම ඉත්තෑවකු ඔවුන්ගේ ඇස ගැටුණු අතර, ඔවුන් ඉත්තෑවා පසුපස ලුහුබැන්දේ අසල ගල් කන්දේ ගල් ගුහාවකට රිංගනු ඇතැයි සිතාගෙනය.
ඔවුන්ගේ සිතුවිල්ල ටක්කෙටම හරි ගියේය. ඉත්තෑවා පණ බේරා ගැනීමට ගල් කන්දේ ගල් බෙණයකට රිංගුවේය. ඉත්තෑවා රිංගූ ගල් බෙණයේ පිට වන කවුළුව වහාම කොළ අතුවලින් පන්දුවක් ගසා වසා දමා, ඉත්තෑවා එළියට ගැනීමට ඔවුහු විවිධ උපක්‍රම කල්පනා කළහ.
මුනුබුරාගේ ටිකිරි මොළයට සීයා ඇඳ සිටි සරම පෙනුණේය.
“සීයෙ ඔයාගේ සරම ගලවලා, ඕකෙන් අපි කූඩුවක් හදලා, ඉත්තෑවා පිටවෙන කටට තියලා හරි ගස්සමු. එතකොට ඌ පනිනකොට සරමේ කූඩුවට කොටු වෙනවා.” යැයි කීවේය.
සීයා සරම ගැලවීමට අකැමැති වුවත්, මුනුබුරාගේ දැඩි පෙරැත්තය නිසාම ඔහුට සරම ගැලවීමට සිදු වූයේ අසල පඳුරකට මුවා වෙලාය.
මුනුබුරා සැලසුම ක්‍රියාත්මක කළේය. ඉත්තෑවා එළියට පැන්නේ සරමෙන් සකස් කළ තිබූ කූඩුවටය. මුනුබුරා අත තිබූ කැත්තෙන් ඉත්තෑවාට කෙටුවේය. සීයාගේ සරම කැති පහරින් දෙපලු විය. ඉත්තෑවාට කිසිදු හානියක් නොවුණත්, ඔහුගේ කටුවලට ඇමිණී තිබූ සරම ද රැගෙන ඉත්තෑවා අසුරු සැණින් පණ බේරාගෙන පැන දිව්වේය.
සීයා කොළ අතුවලින් තම නිරුවත වසාගෙන, මුනුබුරාට කනේ ඇඟිලි ගසා ගන්නට බැණ වැදුණේ, තමාට සරමක් රැගෙන එන ලෙස නියෝග කරමිනි.
කෙසේ හෝ මුනුබුරා සීයා අස්වසා ගම ආසන්නයටම රැගෙන ආවේ, තම නිවෙසට ගොස් හැකි විගසින් සීයාට සරමක් රැගෙන එන පොරොන්දුව පිටය. එතෙක් කැලෑවේ සැඟවී සිටින ලෙස දැනුම් දීමෙන් පසුව මුනුපුරා වහාම සීයාට සරමක් රැගෙන ඒමට ගමට දිව්වේය.
සීයාට සිදු වුණු අකරතැබ්බය ගැන මුණුබුරා තනිවම සිනාසුණත්, ඔහුට මුළු ගමේම අය සමග සිනාසීමට වුවමනා විය. මුනුබුරා වහාම ගම පුරා දුවගෙන ගොස්, කොල්ලෝ, කුරුට්ටෝ, ගෑනු පිරිමි ආදී හමුවෙන සියලුම දෙනාට සීයාගේ හෙළුව ගැන රස කර කර පවසා, මුළු ගමම වැවේ වෑ කන්දට කැටුව ආවේය.
මුනුබුරා, සීයා සැඟවී සිටි ස්ථානය ඔවුන්ට පෙන්වූ අතර, සියල්ලෝම හූ සංග්‍රහයක් සීයාට තිළිණ කළහ.
සීයා ආපසු යළි කැලෑවටම පැන දිව්වේය. කෙසේ හෝ අඳුර වැටුණු පසු සීයා හොල්මන් ගමනින් තමාගේ පැල්කොටයට රිංගා ගත්තාලු.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුනුබුරා එක්ක දඩයමේ ගිහින් උපන් ඇඳුමෙන් ගෙදර ඇවිත්
නිහාල් Thursday, 30 November 2023 10:18 AM
එකට කැවත් බොක්ක වෙනස්