මනාලයාගේ ගල් බිස්නස් කතාවට රැවටී අමාරුවේ වැටුණු පවුලක් පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
‘‘ඔහු වයස අවුරුදු තිහක පමණ අවිවාහකයකි. ඔහු උපතින්ම ගෙනා දෙයක් වූයේ කපටිකමය. ඔහු සතිපතා මංගල යෝජනා බලන අතර සමහර මනාලියන් බැලීමටද යන්නේය. මෙලෙස තවත් ධනවත් පවුලක යෝජනාවක් පිළිබඳව ඔහුගේ හිත ගොස් ඇති අතර ඒ පිළිබඳව කතාබහ කිරීම සඳහා ඔහු ගොස් ඇත්තේ තමන්ට කාත් කවුරුත් නොමැති බව පවසා මිතුරකු සමඟය. මිතුරාගේ මෝටර් රියෙන් අදාළ නිවස වෙත ගිය ඔවුන් මනාලියගේ මවුපියන් සමඟ සුහද පිළිසඳරක යෙදී ඇත. මවුපියන් ඔහුගෙන් රැකියාව පිළිබඳව අසා ඇති අතර ඔහු පවසා ඇත්තේ “ගල් බිස්නස් කරන බවය.
‘‘රත්නපුර දිස්ත්‍රික්කයේ නිසා ඔහු මැණික් ව්‍යාපාරිකයකු බව සිතා මැණික් පිළිබඳව නොදත් මනාලියගේ මවුපියන් “ඉතින් පුතා පොඩි ගල් විතරද තියෙන්නේ” යැයි අසා ඇති අතර ඔහු පවසා ඇත්තේ “නෑ අංකල් මිනිසුන් ඉල්ලන ප්‍රමාණයට ගල් ලබාදිය හැකි” බවය.
දුප්පත් වුවත් උත්සාහයෙන් නැගී එන ව්‍යාපාරිකයකු ලෙස ඔහු ගැන පැහැදුණු මනාලියගේ මවුපියන් මෙම ව්‍යාපාරය කරගෙන යාම සඳහා අඩුපාඩු තිබේනම් පවසන ලෙසද කියා තිබේ. තමන්ට වාහනයක් තිබේනම් ආදායම වැඩිකර ගැනීමට හැකි බව ඔහු පවසා ඇත. මාස කිහිපයක් මිතුරාගේ මෝටර් රියෙන් මනාලියගේ නිවසට ඔහු යාම් ඒම් කර ඇති අතර මනාලියගේ මවුපියන් ඔහු පිළිබඳව පැහැදී වාහනයක් මිලට ගැනීමට ඔවුන් මුදලක් ලබා දී ඇති අතර අඩුපාඩුව ෆිනෑන්ස් කර ලබාගන්නා ලෙස පවසා තිබේ.
‘‘දින කිහිපයකට පසුව මනාලයා තරමක් අබලන් ලොරි රථයක් රැගෙන මනාලියගේ නිවසට පැමිණ තිබේ. පුතා ගල් බිස්නස්වලට යන්න මේ වගේ වාහනයක් හරි නෑ නේද? මම හිතුවේ අපේ ලක්ෂ දහයත් දාලා හොඳ කාර් එකක් ගනී කියලා යැයි මනාලියගේ පියා අසද්දී ඔහු පවසා ඇත්තේ කළුගල් ප්‍රවාහනය සඳහා මෙම රථය හොඳටම ප්‍රමාණවත් බවය. මනාලයා මැණික් ව්‍යාපාරිකයකු බව සිතා තමන් දුරදිග නොබලා රැවටී අමාරුවේ වැටුණු බව කල්පනා කළ මනාලියගේ පියා ඔහුට මුවින් නොබැණ සිතින් බැනවදිමින් එම මංගල්‍යය කටයුත්ත පිළිබඳව අකැමැත්ත ප්‍රකාශ කර තමන් ලබාදුන් මුදලින් අඩක්වත් ටික ටික ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මනාලයාගේ ‘ගල් බිස්නස්’ එකෙන් මඟුල අතරමග කැඩිලා