පමණට වඩා අවංකවීමට ගොස් මංගල රාත්‍රියේදීම මධු සමයත්, මංගල්‍යයත් දෙකම අහිමි කරගත් මනාල යුවළක් පිළිබඳ තොරතුරු බස්නාහිර පළාතේ එක් නගරයකින් වාර්තා විය.
මනාලයා රජයේ සේවකයෙකි. විසි හය හැවිරිදිය. කඩවසම්ය, තරුණිය ඇඟලුම් කම්හලක සේවය කළාය. විසි හතර හැවිරිදිය. රූමත්ය. දෙදෙනා හමු වූයේ යෝජනාවකට අනුවය.
‘ඔයාට නම් ගොඩක් කෙල්ලෝ ඉන්නැති’’ කුළුපග බවින් පිරීගිය දිනෙක මිතුරු දොඩමළුවක දී මනාලිය කීවාය.
‘‘ස්කෝලේ යන කාලේ පොඩි සම්බන්ධයක් තිබුණා. ඒත් ඒක දුරදිග ගියේ නෑ. ඊට පස්සෙ මට හමුවෙච්ච පළමු කෙල්ල ඔයා තමයි. මනාලයා කීවේය.
‘‘ඇත්තමයි කියන්නේ මට නම් කිසිම සම්බන්ධයක් තිබුණෙම නෑ. කොල්ලොනම් පස්සෙන් ආවා. ඒත් ඒ එකකටවත් මම කැමැති වුණේ නෑ. මගේ ‘ෆස්ට් ලව් එක ඔයා’ මනාලිය කීවාය.
දෙදෙනාගේම ප්‍රකාශ අවිශ්වාස කිරීමට දෙදෙනාටම අවශ්‍ය නොවීය. ඒවා පරම සත්‍ය ලෙස දෙදෙනාම ඇදවූහ.
නගරයේ මනරම් විසල් හෝටලයක ජයටම මංගල උත්සවය පැවැත්වීමෙන් පසු මධු සමය සඳහා නව යුවළ ගියේ සීතල කඳුකරයේ හෝටලයකටය. ජීවිතයේ පැතුම් ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වීම සම්බන්ධයෙන් දෙදෙනාටම දැනුණේ අප්‍රමාණ ප්‍රීතියකි.
හෝටල් කාමරයට ගිය සැණින් මනාලිය වැළඳගත් මනාලයා උතුරන සතුටෙන් මෙසේ කීවේය.
‘‘අද ඉඳලා මගේ ජීවිතයේ හිරුත් ඔයා සඳුත් ඔයා තරුත් ඔයා’’
මේ කියන්නේ හිරු, සඳු, තරු ගැන නොව මනාලයා මෙයට පෙර යාළු වී සිටි ගැහැනු ළමයින්ගේ නම් යැයි වරදවා තේරුම් ගත් මනාලිය ‘‘මගේ මහත්තයා මට අවංක වුණා වගේම මමත් අවංක විය යුතු යැයි සිතූ මනාලිය මෙසේ කීවාය.
‘‘ඇයි අනේ ඔයාට විතරක් අද ඉඳලා මගේ ජීවිතයේ සරතුත් ඔයා, පියලුත් ඔයා කමලුත් ඔයා.
ගත වූයේ නිමේෂයකි. මනාලයාගෙන් මනාලියට කම්මුල් පහරකි.
තමුසෙ නටන්න ඕනෑ නාඩගම් නටලා අන්තිමට මාවත් රැවට්ටුවා තමුසෙ වගේ ගෑනියෙක් මට එපා දැන්ම අම්මලට කතා කරලා තමුසෙගෙ ගෙදරට යනවා.
එසේ කී මනාලයා වෙනත් කාමරයක් කුලියට ගෙන එහි නිදා ගැනීමට ගියේය.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මනාලයාගේ පළමු හාදුවෙන්ම මනාලියගේ හොරේ එළිවෙලා
sampath Wednesday, 08 December 2021 10:21 PM
මේවගෙ දේවල්වලින් පෙන්වන්නෙ මේ රටේ තරුණ තරුණියන්ගෙ නුගත් බව මෝඩ කම සාමාන්‍ය දැනීම නැති කම අනාගතයේ මොකකින් මොකක් වේවිද තරු හොටෙල් වල වරුවක් කාල බීල නැටුවට ජිවිතෙ ගැන අබමල් රේනුවක අවබෝධයක් නැතිව විවහයට පිවිසීම කියන්නෙ සමජයටම බරක්
ana Thursday, 09 December 2021 04:04 PM
දෙන්නම මෝඩයින්. දීගේ කැඩුණු එක හොඳයි. නැත්නම් මිනී මැරුමක් වෙනවා. එහෙම නොවුණත් ලැබෙන ළමයිනුත්... ඒ වගේම මෝඩයින් වෙනවා.
priyantha Friday, 10 December 2021 07:05 PM
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අසන්න ඕනේ. මේ ලිපිය කියවපු ගමන් තේරෙනවා ගොතපු විහිළු කතාවක් කියලා. ගොඩක් දෙනාට ඒ අවබෝධය නැහැ...