IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මනාලියගේ මහප්පාට පැත්ත වැරැදිලා

දකුණු පළාත් ගම්මානයක ඉතාමත් චාම් අන්දමින් පැවති මංගල උත්සවයකි. මනාලයා තම මංගල ගමන ගියේ සමීප ඥාතීන් හත්අට දෙනෙකු සමඟය. පිරිස සාදරයෙන් පිළිගත් මනාලියගේ පාර්ශවයේ ඇත්තෝ ඔවුනට රසමසවුලෙන්ද සංග‍්‍රහයක් කළහ.

 මේ සංග‍්‍රහය භුක්ති වින්ද මනාලයාගේ මහප්පා පසුවුයේ තරමක මත් ගතියෙනි. කලකින් ඔහුට ලැබුණු සැර බීමෙන් හෙතෙම උණසුම්ව සිටියේය. අවසානයේ පුංචි උත්සව  සභාවක් ද පැවැත්විණි.

මනාලියගේ ඥාතියකු මනාලිය ගැන හඳුන්වා දී මනාලයාගේ පාර්ශවයට කතාවකට ඇරියුම් කළේ කවි දෙපදයක් ගයමිනි.

මේ සමඟම මනාලයාගේ මහප්පා නැගිට්ටේ ය. මංගල සභාවෙන් අවසර ගත්තේය. කතාව ඇරඹිණි. මනාලයා ගැන වචනයක්වත් ඔහුගෙන් කියැවුණේ නැත. මනාලිය පිළිබඳව ඔහු කරුණු කියන්නට වූයේය. ඔහු කියන කරුණු ඇසුණු මනාලිය විලියෙන් ඇඹරෙන්නට වූයේ මේ කතිකයා තමන් ගැන කියන කරුණු සත්‍යයෙන් තොරවූ නිසාය. මනාලියගේ ඥාතීන්ද මුහුණෙන් මුහුණ බලද්දී මනාලයා නැගිට්ටේය.

” මහප්පේ මේ මොනවා කියනවාද මන්දා ඔය කතාව නවත්වන්න’‘ ඔහු ඉල්ලා සිටියේ තරමක් සැරෙනි.

”ආ පුතේ මට වැරදුණා සමාවෙන්න’‘ කී මහප්පා වාඩිවන්නට සැරසුණත් මත වැඩි නිසා පුටුවෙන් බිම ඇද වැටුණේ සියලූදෙනා සිනා සයුරක ගිල්වමිනි.
”මාමේ, මාමේ, මගේ මඟුල් ගෙදරත් කතාවක් පවත්වන්න එන්න  ඕනෑ”යි කොල්ලන් කුරුට්ටන් දැන් ගමේදී ඔහුට කියද්දී නෑසුනාමෙන් යන්නේ මහත් ලජ්ජාවෙනි.



අදහස් (0)

මනාලියගේ මහප්පාට පැත්ත වැරැදිලා

චමී Wednesday, 05 February 2014 03:52 PM

මොනවා නැතත් බීපු අරක්කු ජාතියට හොදට වෙරි වෙනවා වගේ.(දී)

:       0       0

කසුන් Wednesday, 05 February 2014 06:20 PM

නියම මාමා..............(දී)

:       0       0

ධම්ම Monday, 03 February 2014 09:59 AM

මහප්පා බීලා ආත්මගරුත්වයත් කෙළෙසාගෙන. බීවාම ඔහොම තමයි. (දී)

:       0       0

ආරියසේන Monday, 03 February 2014 10:30 AM

අපේ පප්පව මතක් උනා, දැන් මැරිලා (දී)

:       0       0

සමන්ති Tuesday, 04 February 2014 06:20 AM

මාමා ලේලී බලන්නට එනවද දන්නේ නැහැ. අවොත් ලේලි හොඳට සලකයි.(නදී)

:       0       0

ජයන්ත Wednesday, 05 February 2014 10:25 AM

ඕවා ඔහොම තමයි ඕවා ගණන් ගන්න හොද නැහැ (දී)

:       0       0

කුමාරි Monday, 03 February 2014 06:22 PM

හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 487 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 602 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1065 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 895 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2351 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 820 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 322 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site