මාමණ්ඩියගේ මිනී පෙට්ටියෙන් මාටියා ගසා මායියාට මාට්ටු වී මාර අමාරුවක වැටුණු හාදයකු පිළිබඳ කතාවක් දකුණේ කොණේ ගම්මානයකින් අසන්නට ලැබේ.
මාමණ්ඩිය සිය අවසන් හුස්ම පොද හැලුවේ ඔහුගේ නිවසේය. දුවකට සිටියේ ඔහුගේ මායියා පමණි. බෑණනුවන් කෙනෙකුට ද සිටියේ ඔහු පමණි. පුතුන් දෙදෙනාම පිට රටය. මේ නිසා මාමණ්ඩියගේ අවසන් කටයුතු පැටවුණේ ඔහුගේ දෙවුර මතය. එහි වියහියදම් මායියාගෙන් සහ මස්සිනාලා දෙදෙනා ගෙන්ය.
මිනී පෙට්ටියේ සිට කනබොන දෑ ඇතුළු සියලුදේම නිවසට රැගෙන ආවේ ඔහුය. මිනී පෙට්ටිය හැර සියලුම වියහියදම් සිදු කෙරුණේ බිල්පත් අනුවය. පිළිවෙළකටය. ඒ සැමියාගේ තරම දෙමස්සිනාලා නොදැනගෙන සිටියත් මායියා දැන සිටි හෙයිනි.
මාමණ්ඩියගේ අවසන් කටයුතු අවසන් විය. සතියකින් පමණ පසු ඔහුගේ ජංගම දුරකතනයට මාමණ්ඩියගේ මිනී පෙට්ටිය මිලදී ගත් මල් ශාලා හිමිකරුගෙන් දුරකතන ඇමතුමක් ලැබෙන්නේය. ඒ ඔහු එහේට මෙහේට ගිය අවස්ථාවකය. එයට සම්බන්ධ වූවේ ඔහුගේ භාර්යාවය. මම මේ මල් ශාලාවෙන් කතා කරන්නේ ආ ඔව් ඔව් මහත්තයා ගෙදර එක්කෙනා නම් දැන් කොහාට ද ගිහිල්ලා. ඔය කතා කරන්නේ අර මිනී පෙට්ටියේ හිඟ මුදල ගැන වෙන්න ඇතිනේ යයි ඔහුගේ භාර්යාව මල් ශාලා හිමියාගෙන් ඇසුවාය. ඔව් නෝනා නෝනලා ළඟ දැන් මුදල් තියේනම් ඒ බැලැන්ස් එක ගෙවලා දෙන්න කියලයි කතා කළේ යැයි මල්ශාලා හිමිකරු කීවේය.
ප්‍රශ්නයක් නැහැ මහත්තයා අපි ඒක ගෙවන්නම්. ඒ වෙලාවේ ඔබතුමා අපිට කළේ ලොකු උදව්වක්නේ. ඒ වෙලාවේ අපි ළඟ එකවර ගෙවන්න මුදල් තිබුණේ නැහැනේ. ඒ නිසා වෙලාවේ හැටියට ඔබතුමා අපිට කළේ අමතක කරන්න බැරි උදව්වක්. ඉතිරි මුදල අපි අදම ගෙවන්නම්. කීයද ගාන යයි ඇය ඇසුවාය. මිනී පෙට්ටියට මෙච්චරයි ගෙවලා තියෙන්නේ. ඒක ඇරුණාම ගෙවන්න තියෙන්නේ මෙච්චරයි. මල් ශාලා හිමියා කීවිට ඇය පුදුමයෙන් ඇසුවේ පෙට්ටියේ ගාන ඒකද කියාය. ඇයි ගාණ වැඩිද මම පුළුවන් තරම් අඩුකරලා දුන්නේ යයි මල් ශාලා හිමියා කී විට නැහැ නැහැ පෙට්ටියේ ගාන වැඩි නැහැ යයි කියා දුරකතන ඇමතුමෙන් ඇය සමුගත්තේ ඉතිරි මුදල් එවන බවට පොරොන්දු වෙමිනි.
ගතවූයේ ටික වෙලාවකි. කොහෙන්දෝ ඔහු පාත්වුණේය. ඒයි මිනිහෝ අපේ තාත්තගේ මිනී පෙට්ටියේ ගාන කීයද? ඇයි මම මුලින් කිව්වේ යයි ඔහු කීවේය. බොරු කියන්න එපා මිනී පෙට්ටිය එච්චර වුනේ නැහැ. ඇය කීවිට ඔහු පොළවේ හැපි හැපී දිවුර දිවුරා කීවේ තමන් මුලින් කී මිල තමයි එහි මිල කියමින් ය. ඒ විතරක් නොවේ, ලජ්ජා නැද්ද තමන්ගේ මාමණ්ඩියගේ මිනී පෙට්ටියෙන් මාටියා ගහන්න යයි කියමින් ද පුරසාරම් දෙඩෙව්වාය.
හරි හරි මට මල් ශාලාවේ මුදලාලි දැන් කතා කරා. මිනී පෙට්ටියේ නියම ගාන ඔහු කිව්වා. ඒ විතරක් නෙමේ යන්න තියෙන ඉතිරි ගාණත් ඉල්ලුවා යයි භාර්යාව කීවිට ඔහුගේ හතර හන්දි ගැහෙන්නට විය. මුහුණ සුදු මැලිවූවේය. දැන් ඉතිං බොරු කීමෙන් පලක් නොවන වග දැන ගත්තේය. මළ ගෙදරට එන මගේ යහළුවන්ට බොන්න කියලා තමයි මම එහෙම කළේ. ඔහු කීවේ ගල උඩ කැත කළ බළලෙකු මෙනි. හරි හරි ඒකට කමක් නැහැ රුපියල් විසිදහසක වැඩියක් තියෙනවා. මම ඒක අඩු කරලා මිනී පෙට්ටියට ගෙවන්න තියෙන ඉතුරු මුදල දෙන්නම් තමුසේ ඒ මුදල් බිව්ව අයගෙන් එකතු කරලා මල් ශාලාවට දෙනවා යයි ඇය කීවිට ඔහුට උතුර දකුණ අමතක වුණාලු.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාමණ්ඩියගේ මිනී පෙට්ටියෙන් මාටියා ගසා මායියාට අහුවෙලා