කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
භාර්යාවගේ අඩහැරය ඉදිරියේ නොසැලී සිට ඇයට එකට එක කියන්න ගට්ස් ගන්න මිතුරාගේ උපදෙස් ගෙන හතර හන්දි කඩාගෙන රෝහල් ගතවූ අයකු පිළිබද කතාවක් ගාලු පුරවරයේ ගමකින් අසන්නට ලැබේ.
ඇත්තටම ඇයට ඔහු හොඳ වැඩිය. මේ නිසාම ඇය සිටියේ ඔහු පාගාගෙනය. ඇය ඔහුගේ පාගාගෙන සිටියේ ගෙලය. ඔහු හොඳක් කළත් නරකක් කළත් ඇයට වැරදිය. නිතරම ඇය සිටියේ ඔහුට බැණ වදිමින්ය. ඇය කෙතරම් ගතු කීවත් ඔහු ඇයට හූම් නොකීවේය.
කාලයක් යද්දීම භාර්යාවගේ මේ අඩහැරය වදයක්ම විය. එය වදයක් වුවත් භාර්යාව අබිබවා යාමට ඔහුට ගට්ස් නොතිබුණේය. ඒ අවස්ථාවලදී ඔහු කළේ එතනින් ලිස්සා යාමය. මගහැරීමය. මෙය තවදුරටත් කළ හැකි කාර්යයක් නොවන බව ඔහුගේ ටිකිරි මොළේට තේරුම් ගියේය. ඒ වනවිට එය ලෙහෙසියෙන් පහසුවෙන් මිදීමට පුළුවන් දුරක නොතිබිණ. මේ නිසාම ඔහු භාර්යාවට බය නැති මිතුරකුගෙන් උපදෙසක් ගන්න කල්පනා කළේය.
භාර්යාවට බය නැති භාර්යාව ඔහුට බය මිතුරකු කතානායකයාගේ මනසට ආවේ එවිටය. ඔහු බෙබේ කෙනෙකි. සිය ප්‍රශ්නය ඔහු මිතුරාට කීවේය. යකෝ ඕවා කලින් කර ගන්න තිබුණු දේවල්නේ. බලපං මම. මට නෝනා කට ගහගෙන එන්නේ නැහැ. මුලින් මුලින් ආවා, මම සද්දේ දාලා බය කර ගත්තා. ඔය දැන් ඉන්නේ බබා වගේ. පොඩි පොඩි වැඩ තියෙනවා ඒවට.
අඩියක් පුඩියක් ගහලා ගියාම නෝනව ෂේප් කරන්න පුළුවන්. එතකොට මාර ගටක්නේ එන්නේ. කරලා බලමුකෝ යයි හේ යෝජනා කළේය.
දෙන්නා නගරයේ තැනක සෙට්වූහ. අවශය සියලුම දේ ඔහුගෙන්ය. මිතුරා සහායටය. මුල් ෂොට් එක ඔහු ගත්තේ අමාරුවෙනි. බඩ පපුව දා ගියේය. දෙක තුනත් අමාරුවෙනි. ඔහුට බඹර පදම්ය. දැන් කොහොමද නෝනාව ෂේප් කරන්න පුළුවන්ද?. පුහ් දැන් නම් නෝනා කට ගහගෙන ආවොත් කටේ දත් හැලෙන්න ගහන්න පුළුවන් ගටක් නේ තියෙන්නේ.
දෙන්නා සමුගත්තෝය. මිතුරා ඔහුගේ යතුරු පැදියෙන් යාමට පිටත්වූවේය. ඔහුත් එසේමය. ඔහුට යාමට හැකිවූයේ ටික දුරකි. බමන මතින් සිටි ඔහු යතුරු පැදිය පාලනය කර ගන්න නොහැකි වී බිම වැටුණේය. නැවතුණේ රෝහලේය. කැඩුණේ අඬුපඬුය. සිටියේ වෙළාගෙනය.
මේ සිද්ධිය එදා සෙට්වූ මිතුරාට රසවත් පුවතක් විය. ඔහු අනෙක් යහළුවන් අතර මේ පුවත බෙදා හැරියේ සුළඟටත් වඩා වේගයෙන්ලු.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මායියාට “ගට්ස්“ පෙන්නන්න ගිහින් හතර හන්දි කඩාගෙන