හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
මාස කිහිපයකට පමණ පෙර මිය ගිය තම හොඳම මිතුරාගේ ජංගම දුරකථනයෙන් මහ රෑ ලැබුණු දුරකථන ඇමතුමක් නිසා මහා කලබගෑනියක් ඇති වූ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයක ගම්මානයකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ඔවුන් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ළඟින්ම ඇසුරු කළ මිතුරන් දෙදෙනෙකි. මොවුන්ගේ මිතු දමට ප්‍රධාන හේතුව වූයේ දෙදෙනාම එකම කාර්යාලයක දීර්ඝ කාලයක් එක ළඟ මේස දෙකක සේවය කිරීමයි. කාර්යාලයේදී ආහාර ගන්නේද සේවය අවසන් කර කාර්යාලයෙන් පිටව යන්නේද එකටමය. එපමණක් නොව හවස නිවෙසට යාමට පෙර නගරයේ මත්පැන් හලකින් මධුවිත තොල ගාන්නේද එකටමය. එයිනුත් නොනැවතුණු මොවුන්ගේ මිතු දම රාත්‍රි කාලයේ දෙතුන් වරක් දුරකථකනයෙන් අමතා තොරතුරු කතා කර ගැනීම දක්වා දුරදිග ගොස් තිබිණ.
මෙසේ තිබියදී මෙම මිතුරෝ දෙදෙනා වසරකට පමණ පෙර ළඟ ළඟ දින දෙකකදී කාර්යාලයෙන් විශ්‍රාම ගත්හ. විශ්‍රාම යාමෙන් පසුව පෙර මෙන් දිනපතා හමුවීමට අවස්ථාව නොලැබුණද ලැබෙන සෑම අවස්ථාවකදීම මිතුරන් දෙදෙනා හමු වී සුවදුක් කතා කර ගත්හ. පෙර මෙන් එකටම ගොස් ඉඳ හිට මධු විතද තොල ගෑහ.
මෙසේ සිටියදී මාස කිහිපයකට පෙර එක් මිතුරෙක් හදිසියේ අභාවප්‍රාප්ත වූයේ හදිසියේ හට ගත් රෝගී තත්වයක් උත්සන්න වීම හේතුවෙනි. හොඳම මිතුරාගේ වියෝව නිසා අනෙක් මිතුරා දැඩි චිත්ත පීඩාවකට පත්ව සිටියේය. ඔහුගේ දුරකථනයේ මිතුරාගේ නම සටහන්ව ඇති අංකය නිතර පරීක්ෂා කරන්නට විය. දිනපතා නින්දට යන්නේ ඔහු සිය බිරිය සමඟ තම මිතුරා පිළිබඳව කතා කර දුක බෙදා ගැනීමෙන් පසුවය.
මෙසේ සිටියදී එක් දිනක් රාත්‍රී කාලයේ මොහුගේ දුරකථනය හදිසියේ නාද වන්නට විය. වහා දිව ගොස් දුරකථනයෙන් කතා කරන්නේ කවුදැයි අංකය බැලූ විට මිතුරාට තරු පෙනෙන්නට විය. ඒ ඇමතුම ලැබී තිබුණේ වසර ගණනාවක් තිස්සේ තමන් සමඟ ඇසුරු කළ මාස කිහිපයකට පෙර මිය ගිය තම හොඳම මිතුරාගේ දුරකතනයේ අංකයෙනි. කෙතරම් මිතුරකු වුවද මිය ගිය අයකුගේ දුරකථනයෙන් ඇමතුමක් ලැබීම ඇඟ කිලිපොලා යන සිදුවීමකි. වහාම ඔහු සිය බිරිඳටද කතා කර මේ බව කීවේ දැඩි බියකින් යුක්තවයි.
බිරිය මේ ගැන එතරම් බියක් නොදැක්වු අතර ඇය පෙරළා එම අංකයට ඇමතුමක් ගෙන බැලුවාය. එහා කොනෙන් කතා කළේ මිය ගිය මිතුරාගේ වැඩිමල් පුතාය. ඔහු පවසා ඇත්තේ තම පියාගේ දුරකතන සිම් පත තමන් භාවිත කරන බවත් මෙම අංකයෙන් නිතර මඟ හැරුණු ඇමතුම් ලැබෙන බැවින් කුමක් හෝ අවශ්‍යතාවකට ඇමතුම් ගනු ඇතැයි සිතා ඇමතුමක් ගෙන බැලූ බවයි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මැරුණු මිතුරාගෙන්‍් මහ රෑ ‘කෝල්’ ඇවිත්