IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


මාරුවට මළ පැන ඉබ්බෝ දමා ගිහින්

හක්මන  විශේෂ  -  දෙනගම  යසන්ත  ආරියසේන


රජයේ කාර්යාලයක ආරක්ෂක නිලධාරියෙකු ස්ථාන මාරුවිම් ලැබ වෙනත් කාර්යාලයකට යාමේදි කාර්යාලයේ තිබු ඔහුගේ විවේක කාමරයට දොරගුළු දමා යාම හේතුවෙන් ආයතන ප්‍රධානියාට දොරගුළු කඩා එය විවෘත කිරිමට සිදුවු අපුරු කතාවක් දකුණු පළාතේ රජයේ කාර්යාලකින් වාර්තා වේ.
ආරක්ෂක නිලධාරියෙකු රජයේ කාර්යාලයක සේවය කර ඇති අතර ඔහු පමණක් රාත්‍රි සේවා මුරය පමණක් සිදුකරන බවද පැවසේ.
දිවා කාලයේදි විශේෂ හේතුවකට හැර කාර්යාලය නොපැමිණෙන අතර රාත්‍රි සේවා මුරය නිමවිමෙන් පසු ඔහු පිටව යාම සිදුකරයි.
ආරක්ෂක නිලධාරියාට විවේක ගැනිමට රාත්‍රි කාලයේ වේලාවක් වෙන් නොවුද ඒ සදහා කාමරයක් වෙන්කර තිබිම පිළිබදව අනෙකුත් සේවකයෝ ද මවිතය පළකරති. එම විවේක කාමරයේ දෙමුහුන් ගණයට අයත් සුඛෝපභෝගි මෙට්ටයක් මදුරු දැලක් සහ විදුලි පංකාවක් සහිත අංගසම්පුර්ණ එකක් බවද පැවසේ.


ආරක්ෂක නිලධාරියකුට රාත්‍රී කාලයේ මුර සේවයේ යෙදිමට පහසුකම් සහිත නිදන කාමරයක් කුමටද යන්න ගැටලු‍වක් බවට පත්වි ඇති අතර වාර්ෂික ස්ථාන මාරු පදනම මත ඔහුට මාරුවිමක් ලැබි ඇත.
එම මාරුවිම අවලංගු කර ගැනිමට ඔහු දැරු උත්සාහයද අසාර්ථක වූයෙන් කාමරයට දොරගුළු දමා වසා තබා නව සේවා ස්ථානයට ගියේය. කාමරයේ යතුර කීපවිටක් ඉල්ලා සිටියත් නොලැබිම හේතුවෙන් උසස් නිලධාරින්ගේ උපදෙස් ලබාගෙන දොරගුළු කඩා කාමරය විවෘත කිරිමට ආයතන ප්‍රධානියා කටයුතු කළේය.
එහි තිබූ උපකරණ සහ භාණ්ඩ පිළිබදව ලේඛනයක් ලබා ගැනීමෙන් අනතුරුව කාමරයට මුද්‍රා තැබිමට පියවර ගෙන ඇති බව පැවසෙන අතර නිල වශයෙන් කාමරය බාරදීම මෙතෙක් සිදුකර නොමැති බවද පැවසේ.  



අදහස් (1)

මාරුවට මළ පැන ඉබ්බෝ දමා ගිහින්

Pradeep Kumara Wednesday, 15 January 2025 01:40 PM

කිසිම ප්‍රශ්ණයක් නෑනේ, රාත්‍රී සේවා මුරයකට අදාල දේවල් නේ කාමරේ තිබිලා තියෙන්නේ. මෙට්ටයක්, මදුරු දැලක් ෆෑන් එකක්, බොරු නම් රාත්‍රී සේවා මුර කරන අයගෙන් අහලා බලන්න.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 360 0

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 691 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 183 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


බේබදු සැමියාට බිරිදගෙන් තරු පෙනෙන පාඩමක්
2025 අප්‍රේල් මස 05 83 0

මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ


පුරාජේරු ඇදබාන්න ගිහින් අලි අමාරුවක
2025 අප්‍රේල් මස 05 67 0

නෝනා තමන්ට ආදරය කරනුයේ අවංකව බව මිතුරන්ට පෙන්වීමට ගිය අයකු වැටුණු අලි අමාරුවක් පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ කාර්යාලයකින් අසන්නට ලැබේ.


ෆෝන් එකට ඩබල් හයර් ගෙවන්න වෙලා
2025 අප්‍රේල් මස 05 63 0

බිරිඳගේ ජංගම දුරකථනය ත්‍රීරෝද රථය තුළ අමතක වීමෙන් දෙවරක් හයර් ගෙවීමට සිදු වූ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා නගරයකින් අසන්නට ලැබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 717 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 592 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1038 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site