හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
පියාගේ පාදයක ඇතිවූ අස්ථි බිදීමකට බඳින්නට සාදන ලද බෙහෙත් මැල්ලුම සහ නිවසේ ආහාරයට පිසින ලද පලා මැල්ලුම මාරුවී අනුභව කිරීමෙන් අකරතැබ්බයකට මුහුණ පෑමට ලක්වු නිවැසියන් පිරිසක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
පියා මව පුතා ලේලිය සහ ඔවුන්ගේ දියණියන් තිදෙනා එකම නිවසේ ජීවත් වූ අතර, නැන්දණිය සහ ලේලි අතර ගැටුම්ද ඉදහිට හට ගෙන තිබිණි. මව සහ පියා විශ්‍රාම සුවයෙන් පසු වන අතර පුතා සහ ලේලිය රජයේ සේවකයෝ වූහ.
සරසවි අධ්‍යාපනය ලබන එම දෙපලගේ වැඩිමල් දියණියට ගැමිකම වහකදුරු වූ අතර දෙවැන්නා ආච්චි සහ සියාගේ කළණ මිතුරිය වූවාය. දිනක් යතුරු පැදියෙන් ගමනක් ගොස් පැමිණෙමින් සිටි පියා අනතුරකට ලක්වීම හේතුවෙන් පාදයක අස්ථියක් බිඳිමකට ලක්විය. අසල්වැසි ගමේ සිටින කැඩුම් බිදුම් වෙද මහතාගෙන් ප්‍රතිකාර ගැනීමට පියා කැටුව පුතා ගිය ගමනට ලේලියද එක් වූවාය.
වෙද මහතා ලබාදුන් වට්ටෝරුවට අනුව සැමියාගේ පාදයෙහි බැඳීමට අවශ්‍ය බෙහෙත් මැල්ලුම බිරිඳ රෑ බෝ වීමට පෙරම පිළියෙළ කර කුස්සියේ ළිප අසලම තැබුවාය. බිරිඳ කුඩා දියණිය සමග එක්ව රාත්‍රී ආහාර පිළියෙළ කළ අතර ආහාරය සඳහා ඇය අගුණකොළ මැල්ලුමක්ද පිසුවාය.
ආහාර සැකසීම නිමවා ඒවාද කුස්සියේම තබා සියලු දෙනා රූපවාහිනිය නැරඹුහ. කෑම ටික මේසයට ගෙනවිත් තබන ලෙස වැඩිමල් දියණියට උපදෙස් දුන් මව කුඩා දියණියට පෙරහුරු ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියවීම සිදුකළාය.
රාත්‍රී නවයට පමණ සියලුම දෙනා ආහාර ගැනීම සිදුකළ අතර ඉන් පසුව ලේලිය විසින් කුස්සියේ සිට රැගෙන ආ බෙහෙත් මැල්ලුම පුතා විසින් පියාගේ පාදයෙහි තබා බැන්දේය. බෙහෙත් මැල්ලුම කකුලේ බැඳීමෙන් පැය කිහිපයක් ගත වෙද්දි කකුල කසන බව පියා පැවැසුවද එය සැලකිල්ලට ගතයුතු නොමැති බව පවසා නිදාගන්නා ලෙස පුතා පැවසීය.
පසු දිනට පහන් වනවිට කුඩා දියණිය හැර නිවසේ සියලු දෙනා මාරුවෙන් මාරුවට නොකඩවා වැසිකිළි යාමට පටන් ගත්හ.
උදේ අට නවය වනවිට සියලුම දෙනාගේ වැසිකිළි යාම උග්‍ර වූ අතර කාර්යාල මිතුරෙකු ගෙන්වා ගෙන සියල්ලෝම වෛද්‍යවරයෙකු මුණ ගැසුනහ. පාචනය වැඩිවීම නිසා වැඩිමල් දියණිය රෝහල් ගතකළාය. පෙර දින රාත්‍රියේ ලබාගත් ආහාරය විෂවීමෙන් පාචනය හටගෙන ඇති බවට වෛද්‍යවරයා පැවසූ අතර නිවසට පැමිණි පිරිස ඒ පිළිබඳව විපරම් කර බැලූහ.
කුස්සියේ තිබූ ආහාර පිසින ලද භාජන සේදීම සිදුකරන අවස්ථාවේ අගුණකොළ මැල්ලුම පිසින ලද හට්ටිය නොමැති බව වටහාගත් බිරිඳ ඒ පිළිබඳව සොයා බැලුවාය.
දියණිය විසින් අගුණකොළ මැල්ලුම වෙනුවට බෙහෙත් මැල්ලුම කෑම මේසයට බෙදා ඇති බව අවබෝධ කර ගැනීමට වැඩි කාලයක් ගතනොවීය.
මිතුරා සිටින බව අමතක වූ බිරිඳ දියණියට බැණ වදිමින් සිදුවී ඇති පලහිලව්ව සැමියාට පැහැදිලි කළාය. බෙහෙත් මැල්ලුම බත් සමග අනුභව කිරීමෙන් සියලු දෙනාට පාචනය හටගෙන ඇති බව සියලු දෙනාට අවබෝධ වු අතර නිවාඩු දවස් නිසා හොඳයි යැයි පවසා ඔවුහු නිහඬ වූහ. කොළ මැල්ලුමේ පලහිලව්ව මිතුරා මාර්ගයෙන් කාර්යාල මිතුරන් අතර ජනප්‍රිය මාතෘකාවක් වූ අතර ඇතැමුන් නිවසේ දුරකථනයට ඇමතුම් ගෙන මැල්ලුම් ගැන විමසීම නිසා දුරකථනයේ වයරය ගලවා දමා ඇති බවද පැවසේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මැල්ලුම මාරැවී වැසිකිළි පෝලිමේ