IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


මල්ලී පුරාජේරුවට තාත්තාගේ මිනියට කලිසම් කෝට් ඇන්දුවාම අක්කා අංදුං කුංදුං

ඔහු දෙදරු පියෙකි. වන්නි වන පෙතේ පහස විඳිමින් හැදී වැඞී ගොවිතැන ජීවිකාවෘත්තිය කරගත් ආදර්ශමත් ගොවියෙකි. පුතා ඉතා ඉහළට ඉගෙනගෙන ලොකු රස්සාවක් ලබා කොළඹ කොන්ක‍්‍රීට් වනාන්තරයේ ස්ථිර පදිංචිකරුවෙක් විය. තම බිරිඳගේ අභාවයෙන් පසු පියා ගමේ මහ ගෙදර පදිංචිව සිටියේ අවිවාහක සිය වැඩිමල් දියණිය සමගිනි. ඔහු පසුගියදා අසනීප විය. පුතාට දැන්වූ පසු වහාම පැමිණියේය. පියා කැටුව කොළඹ ගියේය. සතියක් දෙකක් ප‍්‍රතිකාර කළත් පලක් නොවීය. පියා සඳහටම ඇස් පියා ගත්තේය. පියාගේ අවසන් කටයුතු කොළඹදී සිදුකිරීමට පුතා තීරණය කළේය. තමා ඇසුරු කරන නාගරික සමාජයේ අවඥාවට ලක්නොවන පරිදි සැරසීමට දේහය ප‍්‍රධාන පෙළේ මල්ශාලාවකට බාර දෙනු ලැබීය. පියාගේ මෘත කළේබරය ටයි කෝටි කලිසම් අන්දවා අංග සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සරසා තිබුණේ පුතාගේ ඉල්ලීම පරිදිය. අවසන් කටයුතු සිදු කළ දා ගමේ පවුලේ ළඟම ඥාතීහු පිරිසක් අවමගුලට සහභාගි වූහ. ඒ අතර තම වැඩිමල් සොහොයුරිය ද වූවාය. ඇය වාහනයෙන් බැස්ස ගමන් බුදු අප්පච්චී ඔය ගමන යන්නටද කොළඹ ආවේ කියාගෙන දේහය අසලට පැමිණියාය. එක් වරම දුටු දසුනින් ඇය විශ්මයට පත්වී ඇඬීම නතර කළාය. පෙට්ටිය පැදකුණු කරමින් මිනිය පරීක්ෂා කළේ මේ මගේ අප්පච්චී නොවෙයි ද යනුවෙන් හෙමින් මුමුනමිනි. පසුව පියා බව දැනගත් ඇය දෑතින් හිස බදාගෙන ‘අනේ අප්පච්චී දඹදිව යන්නටවත් ඇන්දෙ නැති ෂූට් එකක් ඇයි එළොව යන්න ඇන්දේ. බුදු අප්පච්චී නැගිටපන්කෝ එක විනාඩියකට නැගිටලා හැඩ වැඩ බලලා ඔය ගමන යන්ඩකෝ අප්පච්චී. අද හරි හැඩයි. දොස්තර මහත්තයෙක් වගේ’ මෙසේ විලාප නගමින් අඬා වැටුන ලොකු අක්කා මල්ලීගේ උපදෙස් පරිදි කීපදෙනෙකු විසින් ඔසවාගෙන ගොස් කාමරයකට දමා දොර වැසුවාලූ.



අදහස් (0)

මල්ලී පුරාජේරුවට තාත්තාගේ මිනියට කලිසම් කෝට් ඇන්දුවාම අක්කා අංදුං කුංදුං

ජගත් Sunday, 20 May 2012 08:12 PM

මරු

:       0       0

අමල් Tuesday, 22 May 2012 11:50 AM

මේකෙ තියෙන වරද මොකද්ද ? අපේ මිනිස්සුන්ගේ තියෙන දූප්පත් මානසිකත්වය තමයි මේ....ඔය ජාතික ඇදුමට ගරු කරමු කියන අය තමන්ගේ මංගල දිනයටවත් සරමද අදින්නේ....ඒ නිසා බොරු සෝබන පුරාජේරු නැතිව ඇත්තට මුහුණ දෙනවනම් අන්න ඒක තමයි හරි....අපේ රටවල තියෙන මේ ආකල්ප වලින් මිදෙන තාක් අපිට දියුණුව නම් දුරයි..

:       0       0

irfan Dharma-USA Monday, 21 May 2012 07:44 PM

චමින්ද කියපු එක හරි, දැන් කාලේ මිනිස්සු හොයන්නෙම වැරදි, කොච්චර හොද කලත් අන්තිමට සුළු වැරද්දක් දැක්ක ගමන් කලින් කරපු හොද වැඩ ඔක්කොම වහල පොඩි වැරැද්ද ලොකුවට පුම්බනවා, අසනීප උණු වෙලාවේ ගෙදර එක්කන් ගිහින් බෙහෙත් කල එකම ඇති පුතාට නිවන් දකින්න..

:       0       0

රජිත මන්ජුල Saturday, 19 May 2012 04:05 PM

මෙයා පුතෙක් නෙමේ....

:       0       0

රොශාන් Saturday, 19 May 2012 04:27 PM

පිස්සු පීකුදු..

:       0       0

ෂෙරීෆ් Saturday, 19 May 2012 08:24 PM

කැලේ මාරු කරාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ නොවෑ ......

:       0       0

සගරා Saturday, 19 May 2012 08:32 PM

පට්ට පට පට.....

:       0       0

අමරා ඉරංගනී Saturday, 19 May 2012 09:15 PM

මල්ලි හරි....තැනේ හැටියට තමයි ඇනේ ගහන්න ඕන..

:       0       0

චමින්ද Monday, 21 May 2012 10:12 AM

හැමදේම නරක විදිහට දකින එක වැරදියි. මෙයාගේ තාත්තට කලිසම් කෝට් අන්දපු එකේ පොඩි වැරද්දක් ඇති. එත් එයා තාත්තාව එක්ක ගිහින් ඇප උපස්ථාන කරලා තියනවා. එකම මදිද? වයසක අම්ම තාත්ත අමතක වෙන යුගයක? සමහර විට මෙයාම වෙන්න ඇති තාත්තාව දඹදිව යවන්නත් ඇත්තේ? කලිසම් කෝට් අන්දපු එක ගැන මෙහෙම හිතමු. මම හද්ද පිටිසර ගමේ කොල්ලෙක්. මම කොලබ වැඩ කල. කොලබ ගෙවල් හැදුව. දැන් ඉන්නේ පිටරට. මම ගමේ ඉන්නකොට එලියට යනකොට අදින්නේ සරම. එත් මට සරම ඇදගෙන වැඩට යන්න බෑ. ලෝකයට වෛර කරන්න එපා. ලෝකයේ වැරදීම හොයන එපා. මේ ලෝකේ හොද කියල දේවලුත් තියනවා.

:       0       0

ඒ.පී.කේ. ගමගේ Monday, 21 May 2012 10:18 AM

තමාටා සමාජෙය් කැපීපෙනන්නට අවශ්‍ය වු විට තම අවශ්‍ය තාවය මුදුන් පමුණුවා ගැනිමේ අරමුණින් මේ දේ කරන්නට ඇත. මිනිසුන්ගේ ආධ්‍යාත්මයේ පිරිහිමේ තරමයි මේ . ඉතිහාසෙය් මිනිසුන් තමාගේ නම සමාජය තුල හා මිනිස් හදවත් තුලට ගෙන ගියේ වටිනා යමක් සමාජයට දීම තුලින්ය. ඒ සියල්ලේ ඵල ප්‍රයෝජන අපට අදටත් ලබන්නේ එන නිර්මාන(දාගැබ් වැව් ආදිය ) නිසයි.මෙය අද සමාජයට වටහා දිය යුතුය.

:       0       0

ඉන්දු Sunday, 20 May 2012 07:28 AM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ ඕවට තමයි. ජීවත් වෙලා ඉද්දි නොසලකන නොබලන දුදරුවන්ට දෙමාපියන් මතක් වෙන්නේ හොදට සලකන්නේ මැරුණම. ඒ ඔවුාන්ට තියන ආදරේට නෙවි. ජීවත් වෙලා ඉන්න තමන්ගේ පන්පොරියට. අහෝ මෙහෙමත් දරුවෝ

:       0       0

නුවන්තිකා Thursday, 24 May 2012 05:41 AM

චමින්ද හරි. අද කාලේ ලෝකෙට පරකාසේ. ගෙදරට මරගාතේ. තමන්ගේ ආදරණීය දෙමාපියො මහළු මඩම් වල දුක් විදිනවාත ඒත් පුතා ඒ වයසක තාත්තට එහෙම නොකර උපකාර කරලා තියෙනවා කියලා හිතන්න පුලුවන්ත.

:       0       0

තාන් Sunday, 20 May 2012 01:01 PM

පුතා ඉගෙන ගත් පුද්ගලයෙක්ද කියලා සැකයි

:       0       0

රංජිත්-Dubai Sunday, 20 May 2012 03:25 PM

ලංකාවට වෙලා තියෙන්නේ මේ හෙණේ තමයි.අපි ජාතික ඇදුමට ගරු කළ යුතුයි

:       0       0

නිශාන්ත Tuesday, 22 May 2012 10:11 AM

නරකට වැඩිය මිනිස්සු කරන හොද දේ දකින්න අපි පුරුදු වෙන්න ඕනි

:       0       0

චතුර Saturday, 19 May 2012 12:06 PM

පිස්සු නේ ?????

:       0       0

ෆාරු Saturday, 19 May 2012 12:09 PM

මිනිය ගමටම අරන්යන්න තිබුණේ...

:       0       0

mohamad nisam Tuesday, 22 May 2012 08:44 PM

දැන් කාලේ මිනිස්සු හොයන්නෙම වැරදි, කොච්චර හොද කලත් අන්තිමට සුළු වැරද්දක් දැක්ක ගමන් කලින් කරපු හොද වැඩ ඔක්කොම වහල පොඩි වැරැද්ද ලොකුවට පුම්බනවා, අසනීප උණු වෙලාවේ ගෙදර එක්කන් ගිහින් බෙහෙත් කල එකම ඇති පුතාට නිවන් දකින්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්
2024 ඔක්තෝබර් මස 22 327 0

ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ.


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා
2024 ඔක්තෝබර් මස 21 926 0

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියක


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා
2024 ඔක්තෝබර් මස 19 620 0

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක්


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා
2024 ඔක්තෝබර් මස 19 620 0

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා
2024 ඔක්තෝබර් මස 19 196 0

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.


ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා
2024 ඔක්තෝබර් මස 19 229 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 545 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site