පොල්ගස්ඕවිට එස්.වික්‍රමආරච්චි
සිය මවගේ මළගමදා අවශ්‍ය සියලු කටයුතු වෙනුවෙන් අතදිගහැර විය පැහැදම් කළ පවුලේ බාලයාට පවුලේ සෙසු සාමාජිකයන් විසින් සකස්කරනු ලැබූ වියදම් ලැයිස්තුවක පංගුවක් ගෙවීමටද සිදුවීමේ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබේ.
සහෝදර සහෝදරියන් පස් දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වන ඔහු බෙහෙවින් සමාජශීලි පුද්ගලයෙකි.
රජයේ රැකියාවක නිරත හෙතෙම සුළු ව්‍යාපාරික කටයුත්තක්ද කරයි. එහෙත් මුදල් වියදම් කරන්නේ සල්ලි ගස්වලින් කඩා ගන්නා දෙයක් සේ සිතාය. බාලයාගේ නොමසුරු බවෙන් උපරිම වාසිය ගන්නා පවුලේ සෙස්සෝ නිතරම වියදම්වලින් කර ඇරීමේ පිළිවෙත අනුගමනය කරති.
මේ නිසා ඔහු සිය බිරිඳගේ නිරන්තර දෝෂාරෝපණයටද ලක්වෙයි. පසුගියදා ඔහුගේ මවගේ මරණය සිදුවූ අතර එම ආරංචියත් සමග බිරිඳගේ සහෝදරියන් තිදෙනා රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ඔහුට පරිත්‍යාග කර ඇත්තේ මළ ගෙදර කටයුතු සඳහා වියදම් කිරීමටයි.
මේ අනුව මරණය සිදුවූදා සිට අවසන් කටයුතු අවසන් වන තෙක් සහ මළගෙදරට අවශ්‍ය සුළු සුළු වියදම් තොරණ, සැරසිලි, වළ කැපීම ආදී කටයුතු කරන ලද පිරිසට බීමට මත්වතුර සහ වෙනත් සංග්‍රහ සත්කාර සඳහා ඔහු අත දිගහැර වියදම් කළේය. ඔහුගේ පුළුල් සබඳතා නිසා මළගෙදරට වැඩි පිරිසක් පැමිණ ඇත්තේ ඔහු වෙනුවෙන් බවද රහසක් නොවීය.
මළගෙදරට පැමිණි වැඩි දෙනකු ඔහුගේ හිත මිත්රාදීන්වීම නිසාත් අවමඟුල් උත්සවයේ කතිකයන්ගේ වර්ණනාවට වැඩියෙන්ම ලක්වූයේ ඔහු නිසාත් පවුලේ සෙසු අය හිත යටින් ඔහු සමග නොහොඳ නෝක්කාඩු තත්ත්වයක් ඇතිකරගෙන ඇති බවද ඔහුට වැටහෙන්නට විය.
මළගෙදර අවසානයේ සෙසු සහෝදර සහෝදරියන් විසින් සකස් කරන ලද වියහියදම් ලැයිස්තුවක එක් පංගුවක් වශයෙන් රුපියල් හැටදාස් ගණනක මුදලක් ගෙවීමටද ඔහුට නියම විය.
කිසිදු ගණන් හිලව් බැලීමකින් තොරව රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක්ද අත දිගහැර වියදම් කර අවසානයේ අනෙක් අයගේ වියදම් පංගුවකටද කරගැසුවේ යැයි ඔහු දැන් බිරිඳගෙන් හොඳ පදමට ලුණු ඇඹුල් ඇතිව අහගන්නවාලු.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මවගේ මළගමේ බර ඇද්ද පවුලේ බාලයාට නෑයන්ගෙන් දඩ කොළයක්