(හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
මවුපියන්ට තර්ජනය කර මුදල් ඉල්ලාගෙන ගොස් දිනපතා බීමතින් පැමිණ මවුපියන්ට සහ සහෝදරියට බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරුණු තරුණයකුට, එදිනෙදා කරන ක්‍රියා පොතක සටහන් කිරීමට සිදු වූ පුවතක් හක්මන පොලිසියෙන් වාර්තා වේ.

තරුණයාගේ නිවෙසේ වැඩිහිටියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව තරුණයාත් ඔහුගේ පියා හා සහෝදරියත් කැඳවා විමර්ශනයක් කළ බවත්, අවිවාහකයකු වන තරුණයා මවුපියන්ගෙන් සහ සහෝදරියගෙන් මුදල් ඉල්ලා කරද කර ඇති බවත් මෙහි දී හෙළිදරව් විය.
තර්ජනය කර ඉල්ලා ගන්නා මුදල්වලින් මිතුරන් සමග මත්පැන් පානය කර සවස නිවෙසට පැමිණ ආහාර සඳහා සකසා ඇති කෑම හොඳ නැති බව පවසා කලහකාරී ලෙස හැසිරෙමින් නිවෙසේ ඇති බඩු බාහිරාදියට හා උපකරණවලට පහර දෙමින් හානි සිදුකරන බව විමර්ශනයේදී අනාවරණය විය.
තරුණයා අධිකරණයට ඉදිරිපත් නොකර දැඩිව අවවාද කරන ලෙස පියා සහ සහෝදරිය ඉල්ලා සිටි අතර, තරුණයා පොලිසියේදී තම පියාගේ සහ සහෝදරියගේ දෙපාමුල වැඳ වැටී නැවත වැරැදි නොකරන බවට පොරොන්දු වී සමාව අයැද සිටියේය.
පොලිසිය තරුණයාට කරුණු අවබෝධ කර දී දැඩි ලෙස අවවාද සිදු කර තරුණයා එදිනෙදා කරන ක්‍රියා පිළිබඳව නිවැරැදිව තොරතුරු සටහන් කිරීමට පොතක් සකසා තබාගන්නා ලෙස ද උපදෙස් දුන්නේ, එය සතියකට වතාවක් ගෙනැවිත් පෙන්වන ලෙසට ද දන්වමිනි. තරුණයාගේ පියා සහ සහෝදරිය පොලිසියට ප්‍රසංශාව පළ කරමින් තිදෙනාම සතුටින් පිටව ගියහ.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මවුපියන් එක්ක ගෝරි දැම්මාට පොලිසියේදී පොතක් වැටිලා