ගලහ ඩබ්ලිව්.ඒ. අසේල
තම මව අසාධ්‍ය වී මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී නගරයේ ඇති මල් ශාලාවලට ගොස් මිල ගණන් විමසා මවගේ අවමංගල්‍ය කටයුතු සඳහා සූදානම් වූ පුතකු පිළිබඳ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඔහු මහනුවර නගරයේ රැකියාවක් කරන්නෙකි. ඔහුගේ වයස්ගත මව ප්‍රදේශයේ මහ රෝහලකට ඇතුළත් කළේ හදිසියේම වාගේ අසනීප වීම නිසාය.
දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියත් ඇයගේ අසනීප තත්ත්වය එන්න එන්නම උත්සන්න වීය. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ප්‍රතිකාර සඳහා මාරුකර ඇත.
දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර මව ප්‍රතිකාර ලබන අතරතුර පුතා රෝහල අවට ඇති මල් ශාලාවලට ගොස් මිනි පෙට්ටිවල හා අනෙකුත් දේවල්වල මිල ගණන් විමසුවේය.
ඔහු එයින් එළියට ආවේ තමාට දැරිය හැකි මිලකට අවමංගල්‍ය කටයුතු කළ හැකි මල් ශාලාවක් තෝරාගෙන පසුව එන බව පවසමිනි.
ඒ අතර තුර කාර්යාලයේ හිතවතකුට දුරකතනයෙන් අමතා කාර්යාලයේ සුබ සාධක සංගමයෙන් මරණාධාර දෙන ක්‍රමය පිළිබඳව විමසුවේ ඇඟට පතට නොදැනෙන්නටය.
කෙසේ වුවත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා අසනීප තත්ත්වය තරමක් සුව වූ බැවින් මව නැවතත් සාමාන්‍ය වාට්ටුවකට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකොට එවනු ලැබුවාය.
එහෙත් කාර්යාලයේ හිතවතා මවගේ තොරතුරු විමසද්දී ඔහුගේ කටින්ම මල් ශාලාවලට ගිය කතාව ද එළියට ආවේ ඔහුටත් නොදැනීමය.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මව දැඩි සත්කාරයේ සිටිද්දී පුතා මල්ශාලාවකට සල්ලි බැඳලා
Manolo. Marasinga Friday, 21 July 2023 04:15 PM
වරදක් දකින්නේ නම් නැහැ..