IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මැෂිම හදන්න කෑලිගේන්න 2500ක් ගෙනගිය තරුණයා මැෂිමත් සමඟ අතුරුදන්

තරගම මයිලගම ප‍්‍රදේශයේ කාන්තාවක් සිය මහන මැෂිම සමග රුපියල් 2500ක් සොරකුට ලබා දුන් අපූරු පුවතකි මේ.
දිනය පසුගිය 17 වැනි දිනයි. මෙම නිවසේ රෙදි මහන මැෂිමක් ද ඇති අතර, එය මාස කීපයක පටන් කැඞී යෑම නිසා කිසිදු වැඩක් නොකර ඇත. මෙම නිවසේ 17 වැනි දින සිට පදිංචි වී සිට ඇත්තේ ගෙදර කාන්තාව පමණි.
උදෑසන තරුණයකු නිවසේ කාන්තාව අසලට පැමිණ ”නෝනා පරණ රූපවාහිනී, අයිස් පෙට්ටි, අයන් ගෙදරදී හදා දෙනවා. තියෙනවා නම් හදලා දෙන්න පුළුවන්” යැයි කියා ඇත.
සිය කැඩුණු මහන මැෂිම පිළිබඳව සිහියට පැමිණි කාන්තාව ”මල්ලි මට අම්මා දෑවැද්දට දුන්නු මහන මැෂිම කැඩිලා, පුළුවන්නම් හදලා දෙන්න” යැයි පැවසීය. ”ගන්න නෝනා දැන්ම හදලා දෙන්නම්” යැයි පැවසූ  තරුණයා කාන්තාව සමග ගේ ඇතුළට ගොස් කැඩුණු මහන මැෂිම පෙන්වීය. එය පරික්ෂා කළ තරුණයා පැවසුවේ, ”නෝනා මේකෙ වීල් බැලන්ස් එක ගිහින්. අලූතින් දමන්න  ඕනෑ” කියාය.
කාන්තාව ”මල්ලි කීයක් විතර යයි දැ” යි තරුණයාගෙන් විමසීය. ”නෝනා කතරගම කඬේ කෑලි තියෙනවා. රුපියල් 3000ක් යනවා. දැන්ම හදලා ගෙනත් දෙන්න පුළුවන්, මැෂින් එක ගලවා ගෙන  ගෙනියන්න වෙනවා” යැයි තරුණයා පැවසීය. කාන්තාව ”අනේ මල්ලි මම ළඟ රුපියල් 2500ක් තියෙනවා. මැෂිම ගලවා ගෙන යන්න ඉතිරි 500 මම හදාගෙන ආපුවම දෙන්නම්” යැයි පැවසීමත් සමග තරුණයා මැෂිම ගලවා ගෙන ගිය අතර, කාන්තාව ලබාදුන් රුපියල් 2500 ද රැගෙන තරුණයාගේ දුරකතන අංකයක් ද ලබාදී ඇත.
මැෂිම ගලවා ගත් තරුණයාත් මැෂිමත් අද වන තුරුත් පැමිණියේ නැති අතර, ලබාදුන් දුරකතන අංකයට කෝල් සිය ගණනාවක් දුන් නමුත් අදටත් එය අක‍්‍රීය වී ඇත. ගෙදර තිබුණු රුපියල් 2500ත් අම්මා දුන් මහන මැෂිමත් නොමැතිව කාන්තාව අදටත් හූල්ලා හූල්ලා සිටී.



අදහස් (0)

මැෂිම හදන්න කෑලිගේන්න 2500ක් ගෙනගිය තරුණයා මැෂිමත් සමඟ අතුරුදන්

මුහම්මෙඩ් Wednesday, 22 May 2013 03:14 PM

උපාලිගේ කතාව 100% ඇත්ත! (නි)

:       0       0

උපාලි Wednesday, 22 May 2013 10:40 AM

ඉස්සර කාලේ සංචාරක වෙළෙන්දෝ වගයක් එක රටකට ඇවිත් ඒ රටේ ඉන්න බොහොම අහංකාර රජතුමාව හමු වුනාලු. ඔවුන් පියාඹන අශ්වයන් ගෙනත් දෙන්න තමන්ට පුළුවන් බව රජුට දැනුම දුන්නලු. රජ්ජුරුවෝ පියාඹන අශ්වයින් ගෙන ඒමට රන්කාසි දහස් ගණනක් වෙළෙන්දන්ට දුන්නා. ඒවත් අරන් උන් ගියා ගියාමයි ආපහු ආවේ නැහැ. මේක දැනගත් පුරෝහිත රජුට කිව්වා ලෝකයේ ලොකුම මෝඩයන්ගේ ලැයිස්තුවක් හැදුවොත් අංක එකට එයා රජුගේ නම දානවා කියලා. රජු කිව්වා හොඳයි බැරි වෙලාවොත් වෙළෙන්දෝ ආපහු ආවොත් මොකද කියලා. පුරෝහිත කියනව, "එහෙනම් මම ඔබ වහන්සේගේ නම කපලා උන්ගේ නම් ටික මුලින්ම ලියනවා" කියලා. මේ දේ අදත් සිදුවෙනවා. (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 22 May 2013 10:59 AM

මේ වගේ අහිංසක මිනිසුන්ව රවට්ටලා හම්බකරන සල්ලි වලින් මම දන්න විදියට, අනේ අඩුමගානේ හොද බත් වේලක්වත් කන්න පුළුවන් වෙයිද සැකයි (නි)

:       0       0

කුමා Thursday, 23 May 2013 11:54 AM

නෝනගේ මැෂිම ගෙනිච්චහම මහත්තයා ...... මහන්නේ ..? (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 23 May 2013 12:19 AM

දැන් ඉතින් අතින් තමයි මහගන්න වෙන්නේ (නි)

:       0       0

හේරත් Saturday, 25 May 2013 09:13 PM

අනේ ඉතින් ගිය දේ ගියාවේ. අපි දෙන්න කට්ට සම්බෝලයක් හදාගෙන බතල ගෙඩියක් තම්බන් කාල දරු දෙන්නා හදන ඔහේ ඉඳිමු පනේ කියල ගමය මහගෙට කියල සුසුමක් හෙලුවලු. අනේ මගේ හැඳිමිට.(නදී)

:       0       0

පැතුම් Wednesday, 22 May 2013 11:37 AM

දැන් ලංකාවේ වැඩි පිරිසකගේ ප්‍රධාන ආදායම් මාර්ගය හොරකම සහ වංචාවෙන් කඩා වඩා ගැනීම. මාසයක් දුක් විඳලා රස්සාවක් කලොත් ඒ ලැබෙන පඩියෙන් සතියක්වත් ජීවත් වෙන්න අමාරු නිසා මිනිස්සු විකල්ප ආදායම් මාර්ග තෝරා ගන්නවා. (නි)

:       0       0

වරුණ Wednesday, 22 May 2013 11:37 AM

ඔයින් බේරුනා ඇති. වෙන මැෂිමක් හදන්න ගියා නම් නෝනා විනාසයි (නි)

:       0       0

දාසානායක Thursday, 23 May 2013 12:57 AM

ලස්සනයි උපාලි මෙය ඔබේ කතාවක් නේද?(නදී)

:       0       0

ලක්සිත ෆ්‍රංසය Thursday, 23 May 2013 01:04 AM

දැන්වත් රට ගැන හිතපල්ලා මිනිසුනේ! (නි)

:       0       0

රසික' Saturday, 25 May 2013 02:22 PM

වෙලාවට අක්ක අරන් ගියේ නැත්තෙ ..(අ)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 22 May 2013 12:12 PM

ඔය වගේ ඉස්සර කාලේ එක ගම මහගේ කෙනෙක්ව වෙළදාමේ ආපු මුදලාලි කෙනෙක් රවටලා තිබුනා. (නදී)

:       0       0

සුදත් Friday, 24 May 2013 07:21 AM

උපාලිගෙ කතාව නියමයි! (නි)

:       0       0

වික්‍රම Wednesday, 22 May 2013 01:11 PM

වාර්තාවටත් වඩා උපාලිගේ කතාව හොඳයි නේද? (නි)

:       0       0

චන්දා Wednesday, 22 May 2013 06:36 PM

මාතර හරි ගාල්ලේ ටවුමට ගිහින් බලන්න හොරා අල්ලා ගන්න පුළුවන්.ෂුවර් දකුණේ පොරක්. ඔය වගේ වැඩ අනිත් පළාත් වල දන්නා අය හරියට නැහැ (නි)

:       0       0

සම්පත් Wednesday, 22 May 2013 02:13 PM

හරියටම හරි මේ කතාව නම් (නි)

:       0       0

නිමන්ත Friday, 24 May 2013 03:42 PM

එතන ඒ කාන්තාවගෙයි චන්ද්‍රෙගයි මෝඩකමට දකුණෙ මිනිස්සු පලි නැහැ.(නදී)

:       0       0

නිමන්ත Friday, 24 May 2013 03:46 PM

එතන ඒ කාන්තාවගෙයි චන්ද්‍රෙගයි මෝඩකමට දකුණෙ මිනිස්සු පලි නෑ.(නදී)

:       0       0

තරිදු Wednesday, 22 May 2013 02:29 PM

මෙවැනි මල්ලිලාට මෙවැනි නෝනලා වාසනාවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 482 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 598 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1064 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 894 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2348 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 819 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 314 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site