IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මිස්කෝල් එකට කතාකළ සැමියාට පොලූ පහරක්

වැරදීමකින් ආ දුරකථන ඇමතුමක් නිසා තම බිරියගෙන් ගුටි කෑ පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතෙන් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු ළඟ ඇත්තේ සාමාන්‍ය දුරකථනයකි. එහි පීකරය හරිහැටි වැඩනොකිරීම නිසා ශබ්ද වැඩි කර ඇමතුම් ලබා ගැනීම සිදු කරයි. අලූත් දුරකථනයක් ඔහුට ලබා ගැනීමට නොහැකිව ඇත්තේ පවුලේ අගහිඟකම් නිසාය. සිද්ධිය වූ දිනයේ ද ඔහුට දුරකථන ඇමතුමක් ආ අතර ශබ්දය වැඩිකර කතා කිරීමට පටන් ගත්තේ ඔහුට අනවශ්‍ය ඇමතුම් නොඑන නිසාය. බිරියද ඒ අසල පුටුවක හිඳ ගෙන සිට ඇත.
දුරකථන ඇමතුමේ එහා පැත්තෙන් කථා කළේ තරුණියකි.
අද එන්නේ නැද්ද මගේ තුනටියේ තෙල් ගාන්න යැයි ඇය අසා ඇත. අන්දුන් කුන්දුන් වූ ඔහු බිරිය දෙස බලා කවුද ඔය යැයි අසා ඇත. ඔහෙට තමුන්ගේ ගෑනිවත් අඳුරන්න බැරිද යැයි තරුණිය එවිට අසා දුරකථනය විසන්ධි කළේ වැරදි අංකයක් යැයි කීමටද පෙරය.
ඇමතුම විසන්ධි වී ආපසු හැරෙද්දීම ඔහු දුටුවේ යක්ෂාවේෂව සිටින බිරියය. වචනයක් කතා කිරීමට පෙර ඇය අත තිබූ දර පොල්ලෙන් මොහුට පහරදී ඇත. 
පසුව ඇමතුම ගත් තරුණිය කතා කර සමාව ගනිද්දී මොහු පවසා ඇත්තේ අවුලක් නෑ නංගි දවස් දෙකෙන් ටිකට් කපනවා එතකොට එන්න මගේ කොන්දේ තෙල් ගාන්න යැයි කියාය.



අදහස් (0)

මිස්කෝල් එකට කතාකළ සැමියාට පොලූ පහරක්

වික්‍රම Tuesday, 12 January 2016 03:46 AM

ඇයි ජයා, ඉස්සර කුඩ පාරවල් වැදුනම ගාන තැලුම් තෙල්ම දැනුත් ගාන්නකො. (බ)

:       0       0

පද්මි Tuesday, 12 January 2016 03:53 AM

සුදර්ශනි, දන්නවා වගේ හොදට ජයා ගැන ඔය පැන්නේ බළලා, මල්ලෙන් එලියට. (බ)

:       0       0

චාන්දනී Monday, 11 January 2016 08:48 AM

දෙයියෝ සාක්කි තීරයේ බවලතුන්ගේ අඩුපාඩු දැකලා පිටබැද්දර ජයාගේ රුධිර පීඩනයත් වැඩිවෙලා ඇති දැන්. අන්තිමේදී සිද්ධාර්ථ තෙල් කුප්පියක් අරගෙන සබාවේ උදවියට එයාව බලන්න තමයි යන්න වෙන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 12 January 2016 12:48 PM

අයියෝ වික්‍රම මම හිතුවේ ඔයා මගේ යාලුවෙක් කියලනේ , මොකද මේ පරණ කතන්දර දැන් අවුසන්නේ (කෞ)

:       0       0

අජිත් Tuesday, 12 January 2016 12:50 PM

හොඳ වැඩේ.(හේ)

:       0       0

ඉනෝකා Monday, 11 January 2016 09:13 AM

පේනවා නේද...?මොනවා බෙදා හදාගත්තත් තමන්ගේ සැමියාව පංගු දාගන්න මේ ලෝකේ කිසිම ගැහැණියක් කැමති නොවන බව. හදිසිවෙලා පහරදීලා තියෙන්නේ ඒකයි. (නි)

:       0       0

වීරකෝන් Monday, 11 January 2016 09:28 AM

ඒ කාන්තාව තම සැමියාට ‍ගොඩක් ආදරෙයි වගෙයි (නි)

:       0       0

දුල්මි Monday, 11 January 2016 09:29 AM

මොකද මේ කාන්තාවන්ගේ වැරදි විතරක් වාර්තා වෙන්නේ? පිරිමි ඔක්කොම එකපාරටම මාර්ග ඵල ලබලාද? පිටබැද්දර මහතා දැන් මේවා කියවලා පරලවෙලා ඇති. (නි)

:       0       0

කාන්ති Monday, 11 January 2016 09:35 AM

මේකත් පිටබැද්දර උසාවියටම යොමු කළා නම් හොඳයි. (නි)

:       0       0

චන්දි Tuesday, 12 January 2016 02:26 PM

පිටබැද්දර ජයා නිසා දැන් මේ පිටුව සිනහවෙන් පිරිලා ස්තුතියි ලංකාදීප. (ර)

:       0       0

ගඟන Monday, 11 January 2016 07:46 PM

ඉක්මන් කෝපය තමයි පවුල් ප්‍රශ්න ගොඩකට මුල (නි)

:       0       0

සමන්තිකා Monday, 11 January 2016 10:35 AM

ඉනොකා ඇයි ඔයා දන්නේ නැද්ද එක්තරා කොට්ටාසයක් සැමියාව හත් දෙනෙක්වම පංගු දාගන්නවා කිසිම ප්‍රශ්නයක් නැතුවම.(කෞ)

:       0       0

සැන්ඩ්‍රා Tuesday, 12 January 2016 03:49 PM

පිටබැද්දර ගැහැණු උදවියත් එක්ක හරියට කෙහෙවලු පටලවා ගන්නවානේ. (නි)

:       0       0

ලලිත් Monday, 11 January 2016 11:17 AM

මෙහෙම කිසිද ඉවසිමක් හා වගවිභාගයක් නැති බවගත්තු පිරිලා නිසා තමයි අද වෙනකොට උසාවි වල දික්කසාද නඩු පෝලිමේ තියෙන්නේ (ම)

:       0       0

ශලිනි Monday, 11 January 2016 11:34 AM

පුටුවේ වාදී වෙලා දර පොලු අතේ තියන් ඉන්නවා ඇහුවාමයි.(කෞ)

:       0       0

ගයානි Monday, 11 January 2016 11:42 AM

පිරිමින්ට නම් ඉතින් ගෙදරින් පිට නෝනලා ඉන්නකොට කොහොමත් ඉවසන්න වෙනවානේ ලලිත්. (කෞ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 11 January 2016 11:38 AM

අනේ ඉතින් මෙහෙමත් බිරින්ඳෑවරු ඉන්නවද මගෙ අම්මේ! හරි වැරැද්ද නොසොයා දුක් මහන්සිවෙලා පවුල ගොඩගන්න දඟලන ස්වාමියාට නේද මේ නිරපරාදේ තඩිබාලා තියෙන්නේ? සංසාරේ කොයි ලොව යන්නද නගේ නුඹ හදන්නේ? අද ඉන්න බොහොමයක් කාන්තාවන්ගේ තත්වය ඕක තමයි (නි)

:       0       0

සරසි Monday, 11 January 2016 11:50 AM

දැන් ඉතින් හතර වටින්ම ඇහෙන්නේ මිස් කෝල් නිසා ඇතිවුණ පැටළිලි. ඒ නිසා මේ බිරිඳත් කලබල වෙන්න ඇති. මතක නැද්ද පසුගිය දවසක එක පිරිමියෙක් බිරිඳ සහ දරුවා මුහුදට තල්ලු කළා , මිස් කෝල් එකෙන් යාලුවුණ තරුණියව බැඳගන්න. මේවාට කාන්තාවන්ට විතරක් දොස් කියන එක වැරදියි. (නි)

:       0       0

අමා Monday, 11 January 2016 12:11 PM

අද ඉන්න බොහොම කාන්තාවන්ගේ කියලා පිටබැද්දර ජයා කියන්නේ ගුටි කාපු අත්දැකීමෙන් වද්ද? (කෞ)

:       0       0

චම්පි Monday, 11 January 2016 12:15 PM

ඕක මොකද්ද ජයෝ , ලංකාවේ බේබදු සැමියන්ගෙන් ගුටි කන අහින්සක නෝනලා කී දෙනෙක් ඉන්නවද ? ඒ මහත්තුරුන්ටත් ඉතින් සංසාරේ ස්ත්‍රී ආත්ම තමයි ලැබෙන්නේ . (කෞ)

:       0       0

ජයනි Monday, 11 January 2016 12:24 PM

හරි දැන් එතකොට පිටබැද්දර ජයාගේ ගෙදර බවලතුන්ගේ තත්වය කොහොමද ? මේ වගේද මීට වෙනස්ද? (කෞ)

:       0       0

ජෙහාන් Monday, 11 January 2016 12:31 PM

ගුටි කාපු සැමියා කෙසේ වෙතත් අපේ පිටබැද්දර උන්නැහේ නම් ඔය මහිලා සමිති ලඟින් යනකොට මොබයිල් එකේ 119 අමතන්න ලැස්ති වෙලා යන්න.(කෞ)

:       0       0

අනු සුදර්ශනී Monday, 11 January 2016 10:52 PM

පිටබැද්දර ඔය කියන තරම් බවලතුන්ට අකමැත්තක් නැහැ. නිකම් බොරුවට බවලතුන්ව අවුස්සලා සියුම් වින්දනයක් ලබන්නේ. ඒවා ඉතින් දන්නෝ දනිති. (නි)

:       0       0

මලික් Monday, 11 January 2016 12:44 PM

මටත් පේන්නේ පිටබද්දරට ළඟදීම හොඳ තෙල් සාත්තුවක් පාඨක බවලතුන්ගෙන් ලැබෙන්න වගේ. (කෞ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 12 January 2016 12:29 AM

මහිලා සමිති මොකටද? මේකේ ඉන්න නෝනලා ටික එකතු වුණාම මදැයි මගේ ඇටකටු කුඩුකරලා දාන්න. දන්නා කෙනෙක් ඉන්නවා නම් මට කියන්න හොඳ කැඩුම් බිඳුම් වෙද මහත්තයෙක් ඉන්න තැනක් (නි)

:       0       0

රුකී Monday, 11 January 2016 07:29 AM

ඔන්න දැන් අපේ පිටබැද්දර මහතාට මුළු ලෝකෙම බවලතුන්ට මඩු වලිගෙන් තලන්න අවස්තාවක්! (කෞ)

:       0       0

තුෂාරී Monday, 11 January 2016 01:04 PM

ස්පීකරයේ වැරැද්දටනේ සැමියා ගුටි කාලා තියෙන්නේ.පුටුවේ වාඩිවෙලා තියෙන්නේ දර පොල්ලත් අතේ තියාගෙනද? (කෞ)

:       0       0

අබරන් Monday, 11 January 2016 08:05 AM

මනුස්සයා පිට ඉන්නේ !!!! තුනටියේ තෙල් ගා ගන්න විතරයි ගෙදරට එන්නේ එහෙමද ? අනේ අනිච්චං....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 730 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 754 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1125 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9438 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 868 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 332 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 506 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site