IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


මේසන් ගෝලයා ජීවිතයට නොබීපු රටබීමක් බීලා

පෙදරේරුවෙක් සහ ඔහුට අත්උදව්වට පැමිණි ගෝලයෙක් දෙල්ගොඩ ප‍්‍රදේශයේ නිවසක් අලූත්වැඩියා කරමින් සිටියහ. නිවසේ ඉදිරිපස පිහිටි කාමරයක් අලූත්වැඩියා කිරීමට ගිය පෙදරේරුවාට සහ ගෝලයාට පළමුව කරන්නට වූයේ කාමරයේ බඩු බාහිරාදිය එකම ස්ථානයක තබා සුදුසු පරිදි කාමරය සකසා ගැනීමයි. මත්පැන් බීම ගෝලයාගේ එදිනෙදා පුරුද්දක් විය. ඔහුට එම කාර්යයට රැුයක් දවාලක් නොමැත. ‘‘දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා’’ යැයි පවසමින් කාමරය අස් කරමින් සිටි ගෝලයා මහත් ප‍්‍රීතියෙන් යුතුව බෝතලයක් අතට ගත්තේය. ‘‘කාලක් වගේ තියෙනවා. ගෙදර මාමාගේ වෙන්න  ඕනෑ මොකද? කියන්නේ ගමුද යැයි’’ මහා දහවලේම ගෝලයා මේසන් බාස්ගෙන් ඇසීය. ‘‘මේ මහා දවල්  ඕවා බොන්න පුළුවන් ද? මට නම් එපා’’ යැයි බාස් පැවසීය. ගෙහිමියා එතැනට එන්නට පෙර ටිකක් බොන්න  ඕනෑ යැයි පවසමින් ගෝලයා බෝතලය කටේ තබා ගෙනම එක හුස්මට බීවේය. සුළු මොහොතක් ගත විය. ගෝලයාට තරු පෙනිණි. එළියට දිව ගොස් කෙළ ගසමින් පපුව ද අල්ලාගෙන සිටියේය. මේසන් බාස් ගෝලයාට සිදු වූ දේ සැක හැර දැනගැනීම සඳහා දමා ගිය බෝතලය ඉඹ බැලූවේය. මත්පැන් නොව තිබී ඇත්තේ වයින් ස්ප‍්‍රීතු යැයි ඔහුට වැටහිණ. ගෝලයා අපහසුවෙන් පැමිණ ‘මම ගෙදරට ගිහින් එන්නම්’ යැයි කියා පිටත්ව ගියේය. පසුදින ගෝලයාගේ පුත‍්‍රයා පැමිණ ‘තාත්තා කීවා මට අද වැඩ කරන්න කියා’ යැයි මේසන් බාස්ට කීය. ‘තාත්තට ඇයි මක් වෙලාදැ’ යි ඇසූ මේසන් බාස්ට පුතා දුන් පිළිතුර වූයේ ‘තාත්තා ඊයේ දහවල් රට බෝතලයක් බීලා ඇවිත් වෙනදට වැඩිය වැඩි වෙලා. බඩ දැවිල්ලයි කිය කියා අද උදෙත් අමාරුවෙන් සිටියේ.’ ‘තාත්තා ජීවිතේට ආයේ නොබොන නියම රට බීමක් බීලා’ යැයි බාසුන්නැහේ සිනාසෙමින් පැවසීය.



අදහස් (0)

මේසන් ගෝලයා ජීවිතයට නොබීපු රටබීමක් බීලා

ජයී Friday, 30 December 2011 04:47 PM

බීමත්කම තමයි ළංකාවට තිබෙන ලොකුම හෙණ‍ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්
2024 ඔක්තෝබර් මස 22 302 0

ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ.


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා
2024 ඔක්තෝබර් මස 21 917 0

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියක


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා
2024 ඔක්තෝබර් මස 19 607 0

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක්


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා
2024 ඔක්තෝබර් මස 19 608 0

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා
2024 ඔක්තෝබර් මස 19 192 0

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.


ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා
2024 ඔක්තෝබර් මස 19 224 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 90 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 788 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 543 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site