(හාරිස්පත්තුවේ - මොහොමඩ් ආසික්)
ඉංග්‍රීසි භාෂාව නිවරැදි ලෙස හසුරුවා ගත නොහැකි වූ බිරියක සිය සැමියාගේ ජංගම දුරකතනයේ සටහනක් වැරදියට වටහා ගැනීම නිසා නිවස තුළ ජංජාලයක් ඇතිවීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා වෙයි.
එය කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා සුන්දර වූ නමුත් දුෂ්කර ප්‍රදේශයක පිහිටි ගම්මානයකි. මෙහි පදිංචි මැදිවියේ පුද්ගලයෙක් සිය පවුල නඩත්තු කිරීම සඳහා කුලී වැඩ කළ ද ගමේ සියලු පොදු කටයුතුවලට සියල්ලට කලින් දායක වෙයි. මේ නිසාම ගමේ රාජකාරි කරන සියලු රාජ්‍ය නිලධාරින් ගමේ පොදු කටයුතුවල දී උදව්වට එක් කර ගන්නේ මොහුය.
මෙසේ සිටිය දී මෙම ගමට මෑතක දී තරුණ වියේ කාන්තාවක් රාජකාරියක් සඳහා පත්ව ආවාය. ඉතා ප්‍රියමනාප පෙනුමකින් යුත් ඇය සියල්ලන්ටම නිතර සිනාමුසුව කතා කර ඔවුන්ගේ සිත් දිනා ගත්තාය. ඒ නිසාම ගමේ සියලු දෙනා ඇයට මිස් යනුවෙන් ගෞරවාන්විතව ඇමතූහ. ඇයගේ ගමේ රාජකාරි සඳහා ද පෙර කී පුද්ගලයා සියල්ලන්ටම මුලින් ඉදිරිපත්ව සහාය ලබා දුන්නේය. මිස්ට ගමේ ඕනෑම රාජකාරියක් සඳහා ඔහු සහාය ලබා දෙන්නේ තමන්ගේ වැඩද පාඩු කර ගනිමිනි. ඔහු ඒ සියල්ල සිදු කරනුයේ ගමේ දියුණුව අපේක්ෂාවෙනි.
එසේ වුවද ඔහුගේ බිරිඳ එතරම් මෙයට කැමැති වූයේ නැත. එතරම් අධ්‍යාපනයක් ද ලබා නොතිබූ ඇය. සිය සැමියාට නිතර දොස් කියන්නට වූවාය. එසේ වුවද ඒ සෑම අවස්ථාවකම ඔහු සිය බිරිඳට මිස්ගේ හොඳ ගති ගැන කියමින් මිස් එහෙමයි, මිස් මෙහෙමයි කිය කියා මිස් ගැනම කියන්නට විය. බිරියට මෙය හිසරදයක් වූවා පමණක් නොව තම සැමියා මිස් ගැන ඕනෑවට වඩා හිතන බව ද සිතුවාය.
මෙසේ කාලය ගත වෙද්දී සිය සැමියාගේ දුරකතනය නාද විය. ඒ අවස්ථාවේ බිරිඳ ඒ අසලට එන අතරතුර දී එක් වරම ජංගම දුරකතනයේ නාදවීම නැවැතිණ. මේ ගැන සැක සිතූ බිරිඳ එක් වරම සැමියාගෙන් ජංගම දුරකතනය උදුරාගෙන බලාගෙන බලාගෙන ගියාය. ඉංග්‍රීසි භාෂාව ගැන ඒතරම් දැනුමක් නොතිබූ ඇය ජංගම දුරකථනයේ ඉංග්‍රීසියෙන් සටහන්ව තිබූ මිස් කෝල් යන්න මිස් ගේ කෝල් එකක් ලෙස වරදවා වටහා ගැනීම නිසා සැමියාට එදින පුරාම බිරිඳගේ දෝස්මුරයට මුහුණ දෙන්නට විය. දීර්ඝ වේලාවකට පසුව අසල්වැසි ඥාතියකු පැමිණ ඇයට සිදුව ඇති දේ පැහැදිලි කර දී එලෙස ලැබී තිබූ දුරකතන අංකය ද පෙන්වා දීමෙන් පසුව සිද්ධිය සමථයකට පත් විය.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘මිස්’ උඩ තියන්න ගිහින් බිරියගෙන් තොප්පියක් වැටිලා