(හසලක වාර්තාකරු)
මිනිස් අතක ඇඟිල්ලක නියපොත්තක් මස් හොද්දක තිබී හමුවීම නිසා එයට උරණ වී කඩේ දී යකා නැටූ ගැමියකුට එය තමන්ගේ අතේ ඇඟිල්ලකින් ගැලවුණු නියපොත්තක් බව දැන ගැනීමට ලැබීමෙන් පසු කඩේ මුදලාලිට වැඳ සමාව ගැනීමට සිදුවූ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
එදිනෙදා කුලියෙන් ජීවිකාව ගෙන යන හතළිස් අට හැවිරිදි වියේ පසුවන මොහු මෙදින පෙරවරුවේ නගරයේ තේ කඩයකට ගොඩ වූයේ ආහාරයට කිසිවක් ලබා ගැනීමටය. එහිදී ඔහුගේ ඉල්ලීම මත කඩේ මුදලාලි පරිප්පු හා මස් මිශ්‍ර හොද්දක් සමඟ පාන් ඔහුට ලබා දුන්නේය.
ගතවූයේ විනාඩි කීපයකි. කටට ගත් පාන් කෑල්ලක් සමඟ යමක් තදින් හැපෙන බව දැනී එය කටෙන් ඉවතට රැගෙන බැලූ විටදී දැක ගත හැකි වූයේ මිනිස් අතක ඇඟිල්ලක නියපොත්තක කෑල්ලක් බවය. ඒ සමඟම කටේ තිබුණු පාන් කෑල්ල ඉවතට දමා නියපොතු කෑල්ල අතට ගෙන මුදලාලි ඇතුළු එම අවස්ථාවේ කඩේ සිටි පිරිසට එය පෙන්වා මුදලාලිට බැණ වැදීමට පටන් ගත් අතර මෙය ලේසියෙන් අත නොහරින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට මෙය පෙන්වා තමන්ට සිදුවූ අපහසුතාවට විශාල වන්දි මුදලක් ගන්නා බවටද මුදලාලිට ඔහු තර්ජනය කළේය.
සිද්ධියත් ඔහුගේ එම ගෝරනාඩුවත් අසා සිටි පිරිසගෙන් අයෙක් පැවැසුවේ ‘මාමා බලපන්කෝ උඹේ ඇඟිල්ලකවත් තිබ්බ නියපොත්තක් ගැලවිලා හොද්දට වැටිලාද කියලා’ යැයි පැවැසීය. ඒ සමඟම ඔහු තම අත දිගහැර බැලුවේ තම අතේ ඇඟිලිවල තිබූ නියපොතු පිළිබඳවය. එවිට ඔහුට ඉහ මොළ රත්විය.
‘හැබෑ නේන්නම් මේ මගේ මහපොට ඇඟිල්ලේ මම දිගට වවා තිබූ නියපොත්තනේ ගැලවිලා මස් හොද්දට වැටිලා තියෙන්නේ.’ යැයි ඔහුට ඉබේටම කියැවුණි.
‘අනේ මුදලාලි මල්ලි මට සමාවෙයන්. මගේ අතින් උඹට මහ ලොකු වැරැද්දක් වුණේ? මට සමාවෙයන්.’ යැයි කියමින් මුදලාලි ළඟට ගොස් පින්සෙන්ඩුවීම නිසා සිද්ධිය සමථයට පත් වුවත් එතැන් පටන් ඔහු දකින ගමේ කොල්ලෝ ‘ආ මාමා නියපොතු එක්ක ටවුමෙන් පාන් කෑවා කියන්නේ.’ යැයි ඔච්චමට කියන විට ඔහුට යකා නගින්නේය.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මස් හොද්දේ නියපොත්තෙන් ජංජාලයක්