IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මාස 8කට පෙර නැතිවුණ මුද්ද මිතුරාගේ ඇඟිල්ලක

මීට මාස 8කට පමණ ඉහත දී සාලියවැව ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් තුළදී අතුරුදන්වූ බව කියන රන් මුදුවක් සමග සැකකරුවකු නොච්චියාගම ගාලදිවුල්වැවදී අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලිසිය කියයි.

සාලියවැව පළුගස්සේගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකොට මුදුව සමග සැකකරු අත්අඩංගුවට ගත්බව ද පොලිසිය පවසයි.

පැමිණිලිකරු සේම සැකකරු ද ව්‍යාපාරිකයන් වන අතර එළවළු වෙළෙන්දකු වන සැකකරු පැමිණිලිකරුගේ වෙළෙඳසලට අලෙවිකිරීම සඳහා එළවළු තොග රැුගෙන එයි. වෙළෙඳ සලේ තිබූ බව කියන පවුම් භාගයක් පමණ බරැති තම රන් මුදුව අතුරුදන් වී ඇත්තේ එවන් දිනක බව ද පැවසේ.

කාලය මෙසේ ගෙවීගියේය. මේ අතර මුදුවේ හිමිකරු (පැමිණිලිකරු)  කිසියම් අවශ්‍යතාවකට පසුගිය දිනක තම ව්‍යාපාරික මිතුරා වන සැකකරු හමුවීමට ඔහුගේ නිවෙසට ගොස් තිබේ. මීට මාස 8කට උඩදී අතුරුදන්වූ තමාගේ රන් මුදුව සැකකරු ඔහුගේ අතක ඇඟිල්ලක පැළඳ සිටින අයුරු පැමිණිලිකරුට එහිදී දැක ගැනීමට හැකිවූ අතර පැමිණිලිකරු මුදුව හඳුනාගත් බව සැකකරුට දැනී ඔහු එය පැමිණිලිකරුගෙන් වසන් කිරීමට උත්සාහ ගෙන ඇත.

සිද්ධිය පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලක් මත ක‍්‍රියාත්මක වූ පොලිසිය සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු ඔහු පවසා ඇත්තේ එළවළු ගෝනියක් තුළ තිබියදී මෙම මුදුව තමාට හමුවූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු හා මුදුව  පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 



අදහස් (0)

මාස 8කට පෙර නැතිවුණ මුද්ද මිතුරාගේ ඇඟිල්ලක

කටා මාමා Tuesday, 19 November 2013 05:17 PM

පොඩි කොමිස් එකක් තියාගෙන විදේශ මුදල් හුවමාරු කරමින් නගරයේ වීදියක උදේ සිට සවස ඇදිරි වැටීගෙන එනතුරු ස්වයං රැකියාවක යෙදෙන මැදිවිය ඉක්මවූ කාන්තවක් පවුම් දහයක් පහළොවක් විතර බර රන් මාලයක් කරේ දාගෙන ඉන්නවා දැකලා, “බය නැද්ද මාල කඩන හොරුන්ට“ කියලා ඇසුවාම අපුරු පිළිතුරක් දුන්නා. මාලේ කවුරු හරි කඩයි කියලා බයට ඉක්මනින් මාලේ පැළදගෙන ඉන්න නිසා එහෙ මෙහෙ යන්න හිතෙන ආශාව යටපත් වී ඉක්මණට නිවාස කරා පය ඔසවන්න පොළඹවන එක ඇතිකර ගන්නලු වටිනා රන් මාලේ පැළදීමේ අරමුණ. (නි)

:       0       0

පැන්චි Wednesday, 20 November 2013 09:20 PM

අන්න, පුහුල් හොරා කරෙන් දැනෙයි කිවුවා.. (නි)

:       0       0

සමදරා Wednesday, 20 November 2013 06:40 AM

දිසෝ එන්න අපිත් එක්ක.(නදී)

:       0       0

මනමෝහිනි Wednesday, 20 November 2013 10:47 PM

එසැන දෙවගනත් එනවලු උඩින්...අලි කෙලි එතකොට...මුලුයි මදැයි...මැද මැද හිටිය මදැයි.. (අ)

:       0       0

ශන්ති Wednesday, 20 November 2013 10:49 PM

ඒ කියන්නේ මුද්ද නෝනට දීලද (අ)

:       0       0

සාමා Wednesday, 20 November 2013 07:31 AM

කොහොමහරි ලැබු‍නනේ (නි)

:       0       0

කඩේ මල්ලි Wednesday, 20 November 2013 07:38 AM

"පාලිත අයියාගේ" කතාවට මටත් හිනා.... (නි)

:       0       0

සමදරා Wednesday, 20 November 2013 06:07 PM

කටා මාමා, වන්නි තිලක්, ඔය දෙන්නත් එන්න අපේ ගෙදර. (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 19 November 2013 02:57 PM

මුද්දකට කරන්න පුළුවන් වැඩ බොහොමයි. (ස)

:       0       0

පාලිත Tuesday, 19 November 2013 08:40 PM

මහත්තයෝ...මුද්දද නැති උනේ? ඇගිල්ල හෙම නැතිකර ගන්නවා නෙවෙයි.හොඳ වෙලාවට ඇගිලි 10 ට එක මුද්දයි... තව මස දෙකක් ගියා නම් මුද්ද බබාගේ අතේ..(අ)

:       0       0

හේරත් Friday, 22 November 2013 06:22 AM

පුහුල් හොරා කරෙන් දැනේ... (නි)

:       0       0

සමදරා Wednesday, 20 November 2013 06:41 PM

සමකෝණී ත්‍රිකෝණයකි දිසයි, මමයි ,කටයි හිදින.... මම එක මුල්ලක හිටියා, දිසා අනිත් කොන හිටියා..... නෙත් සයකම පහස ලබා සමදරා කෙලී මැද හිටියා...... (නි)

:       0       0

හේරත් Friday, 22 November 2013 06:28 AM

තාත්තා කිරි කන්න ගිහින් පැණි බෝතලේ අරගෙන,කවුද දරුවනේ මේ පැණි බෝතලේ ඉවර කළේ කියලා ඇහුවලු. අපේ චුටි නංගි අපි කාටත් කලින් දුවලා තාත්තා ළගට ගිහින් කියනවාලු,මං නම් පැණි කෑවේ නෑ තාත්තේ,කියලා ගවුමෙන් කට පිහදමමින්.ඒ වගේ තමයි අපෙන් අහනවා මුද්දට මොකද වුණේ කියලා (නි)

:       0       0

දිසානායක Wednesday, 20 November 2013 02:19 PM

පාලිතගේ කතාව ඇතුලේ සැග උන ලොකු කතාවක් කියවෙනවා. කට්ටියම හිතලා බැලුවා නම් හොදා. අර මුද්ද හම්බුවෙලා තියෙන්නේ මාස 8 කට පස්සේ ඔන්න මම ලේසි කලා (නදී)

:       0       0

ධම්ම Tuesday, 19 November 2013 03:39 PM

කිරිබොන අත දරුවෙකුට පළඳවා තිබු රත්රන් මුද්ද මොනවා හරි හේතුවක් නිසා නැති උනා. මාපියෝ ගෙයි අස්සක් මුල්ලක් නෑර සොයා බලා නැති තැන පේන කරුවකුගේ කීම පිට අසල්වාසීන් සමඟ රණ්ඩු කළා මුද්ද හොරකම් කල බවට චෝදනා කරමින්. කලක් ගත වුනා මෙහෙම. හදිසියේම දරුවා අසනීප උනා. වෛද්‍යවරු දරුවාට නියුමෝනියාවට බෙහෙත් කළා. අසනීපය උග්‍රවුනා. වැඩිදුර පරීක්ෂණ වලදී හොයාගත්තා දරුවාගේ ස්වාසනාලයේ ලෝහමය යමක් හිරවී ඇති බව. එය ඉවත් කිරීමේදී දරුවා මිය ගියා. මෙයට මුහුණ දුන් මාපියන් මෙය කියවූවොත් නැවත මතක් වේවි අතීතයේ සිදුවූ අත්වැරැද්ද. (ස)

:       0       0

ධම්ම Tuesday, 19 November 2013 10:20 AM

පැමිණිල්ල කරන්න තිබුනේ මුද්ද නැතිවුන දවසේනේ. මාස අටක් තිස්සේ මුද්ද නැතිවුන බවක් දැනගෙන හිටියේ නැද්ද. මේක වෙන මොකක්දෝ උප්පරවැට්ටියක්. (ස)

:       0       0

කුමාරි Tuesday, 19 November 2013 10:37 AM

පරම කල්‍යාණ මිත්‍රයෙක්..... (ස)

:       0       0

නුගේගොඩ Tuesday, 19 November 2013 10:54 AM

පාසල් කාලයේ යහළුවන් සහ සේවා ස්ථානයන්හිදී හමුවන යහළුවන් අතර වෙනස. (ස)

:       0       0

ලාල් - නුවර Tuesday, 19 November 2013 04:28 PM

''ටයිටැනික් '' නම් ලස්සන ෆිල්ම් එක හැදෙන්නෙත් ඔය මුද්දක් නිසා. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 19 November 2013 11:08 AM

මිතුරන් නම් ඉන්නවා මේ වගේ.අවංක අවස්ථාවට.වාසිතකා,ඒ වගේම දුකේදී සැපේදී සිටිනා අයත්.කාලයක් යන විට ඔවුන් තේරුම් ගන්න පුලුවන්.ඉතින් මේ වගේ වංක මිතුරන් ඔහුට නොදැනම ඈත් උනානම් මේ වගේ දෙයකට මුහුණ පාන්න සිදු වන්නේ නැ.නොගැලපෙන මිතුරු ඇසුරේ පල තමා මේ.අපි කාටත් මේක හොඳ උදාහරණයක්. (ස)

:       0       0

වන්නි තිලක් Tuesday, 19 November 2013 11:18 AM

එක්තරා පුද්ගලයෙක්ගේ මව මියගිය පසු ආදාහනයට පෙර ඇගේ අත පැළඳ සිටි මුද්ද ගලවා ගෙදර ගෙනවුත් තිබුනා. මෙය සිහිවටනයක් ලෙස සළකා බිරිඳ ඒක ප්‍රවේශම් කරලා තැබුවා. කලකට පසු මහත්තයාගේ ඔෆිස් එකේ මිතුරෙක්ගේ විවාහ මංගල්‍ය උත්සවයට මේ යුවලම සහභාගී වුනා. එහිදී බිරිඳ අහම්බයෙන් දුටුවා මවගේ මුද්දට සමාන මුද්දක් එක්තරා කාන්තාවක් පැළඳ සිටිනවා. අනේ ලස්සන මුද්දක්. මේක බොහොම පැරණි මෝස්තරයක් නේද? දැන් කාලේ හදන ඒවා මෙහෙම නැහැනේ කියලා අතින් අල්ලලා පරීක්ෂා කරලත් බැලුවා. ගෙදර ඇවි්ලලා මුද්ද තැබූ තැන බැලුවම එතන නැති නිසා බිරිඳ ඇහුවා කෝ මේ මුද්ද කියලා. එවිට මහත්තයා කිව්වා මම දන්නේ කොහොමද ඒක ඔයාමනේ පරෙස්සම් කරලා තිබ්බේ කියලා. බිරිඳ කිව්වා මුද්ද තියෙන කෙනා කව්ද කියලා. එදා ඉඳලා මේ ගෙදර ප්‍රශ්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 488 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 602 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1065 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 895 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2351 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 820 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 323 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site