තමන් ගොනාට අන්දවා කා බී ගානකුත් කඩා ගෙන මාරුවීමට පැමිණි මුහුණු පොතේ සුන්දරියකට අසුන්දර පාඩමක් ඉගැන්වූ අපූරු පුද්ගලයකු පිළිබඳ පුවතක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
ඔහු මුහුණු පොතේ සුන්දරියක යාළු කරගත්තේ ඇප් එකක් මාර්ගයෙනි. දෙදෙනා සම්බන්ධකම් පැවැත්වූයේ මුහුණු පොත හරහාය. ඇය සමග කිට්ටු ඇසුරක් පැවැත්වීමට ඔහු දැක්වූයේ නොතිත් ආශාවකි.
මේ නිසාම ඔහු ඇයට ඒ සඳහා ආරාධනා කළේය. මායම් හැටහතරම නොවුණත් එයින් කිහිපයක් දමා බොරු ආඩම්බරකමක් පෙන්වා ඇය ඔහුගේ ආරාධනාව පිළිගත්තේ දිනයක්ද නියම කරමිනි. ඒ අනුව ඇය ඔහු හමුවන්නට ඔහුගේ නගරයට ආවාය.
ඔහු ඇය සමග සිත්සේ සතුටුවීමට නගරයේ හෝටලයක සුවපහසු කාමරයක්ද බලා තිබුණි. බසයෙන් බැස්ස ඇය සමග පාසල් යන වයසේ කොලු ගැටයකුද සිටීම ඔහුගේ ඉහමොළ රත්කරවීමට තරම් වූ කාරණාවක් විය.
මේ මගේ පුතා අද අපේ ඉස්සෙල්ලාම දවසනේ පස්සේ දවසක අපි තනි පංගලමේ හමුවෙමු’’ යයි ඇය කීවේ තමාට අධික බඩගින්නක් පවතින බවද කියමිනි .
‘‘හා එහෙනම් කෑම ටිකක් කමු’’ යයි ඔහු ආරාධනා කළේ නගරයේ හොඳම ආපනශාලාව වෙතට ඇය සහ කොලු ගැටයාද එක්කරගෙන යමිනි. එහිදී තිදෙනාට ඉස්තරම් වර්ගයේ කෑම බීම ජාති ඇනවුම් කිරීමටද ඔහු අමතක නොකළේය. කනබොන අතරේ ඇය ඔහුගෙන් වියදමට රුපියල් තුන්හාරදහසක් ඉල්ලුවාය. හා හා ඕක සුලු දෙයක්නේ කී ඔහු කෑම ගත්තට පස්සේ දෙන්නම් යයි ඇයට කීවේ ඇසක් ද ගසමිනි.
ඉක්මණින්ම කෑම කා අවසන් වූ ඔහු අවශ්‍යතාවකට වැසිකිළියට යන බව කියමින් එතැනින් නැගිට ආවේය. හොර පාරෙන්ම පාරට පැන්න ඔහු එතනින් මාරුවී ගියේ මුහුණු පොතේ ඇය සමග පැවැත්වූ සබඳතාවටද ඒ අවස්ථාවේදීම තිත තබමිනි.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මුහුණු පොතේ මිතුරාට තට්ටු කරන්න ගිය මිතුරිය උගුලක හිරවෙලා