කෑගල්ල අධිකරණ-චමින්ද වැවතැන්න
හැන්දෑවට කටගොන්නක් බී ගෙන අසල්වැසියන්ට ද බැණ ගෙන නිවෙසට හතර ගාතේ පැමිණ බිරියට ද පරුෂ වචනයෙන් බැන පහර දීම් සිදු කරන විශ්‍රාමික ග්‍රාම සේවා නිලධාරියකුට අපූරු පාඩමක් උගන්වා ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 76 හැවිරිදි විශ්‍රාමික ග්‍රාම සේවා නිලධාරිවරයෙක් 73 හැවිරිදි විශ්‍රාමික හෙද නිලධාරිනි බිරියක් සමග නිවසේ වාසය කරමින් සිටියේය. මොවුන් දෙදෙනා විවාහ වී අවුරුදු 45 වැඩිය. දැරියන් තිදෙනකුගේ හා එක් පිරිමි දරුවකුගේ මව්පිය යුවළක් වූ මේ ජෝඩුවේ දැරියන් තිදෙනාම විවාහ වී පිට පළාත්වල පදිංචිය.
එකම පිරිමි දරුවා මව්පියන් පදිංචිව සිටින මහගෙදරට ආසන්නයේ නව දෙමහල් නිවෙසක් තනාගෙන මව්පිය යුවළගේ ද දුක සැප බලමින් පදිංචිව සිටියි.
උදේ සිට සවස් වන තුරු සිය ගෙවත්තේ කොටසක හදා ඇති තේ, පොල්, ගම්මිරිස්, කෙසෙල් ගස්වලට සාත්තු කරන විශ්‍රාමික යුවළ සවස තුන හතර වෙද්දී සියලු වැඩ අවසන් කර නාගෙන නිවසට පැමිණෙන්නේ කෑම සාදාගැනීමටය. මේ අතර විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයා ගමේ නිෂ්පාදිත මත්පැන් සොයා හනික දිව යන්නේය.
සෑම දිනකම හතරගාතේ පැමිණ විශ්‍රාමික හෙද බිරිය උයා පිහා තියෙන දෙයක් කා නින්දට වැටෙන තෙක් ඇයට පහර දීම්, බැන තර්ජන එමටය. මෙම බැන තර්ජන පහර දීම් කාලයක සිට ඉවසා දරා ගෙන සිටි බිරිඳ අපූරු පාඩමක් සැමියාට ඉගැන් විය යුතුයි සිතා ඉකුත් දිනක දහවල් කාලයේ මත්පැන් අලෙවි කරන්නා ළඟට ගියේය.
“මහත්තයාට අද ටිකක් සනීප මදි එන්න විදිහක් නැතැයි පවසා බාගයක් මිලට ගෙන නිවෙසට එන අතරේ ගලක් උඩ හිඳගෙන කාන්තාව ඉතා අපහසුවෙන් බාගය පානය කර විසිවෙවී නිවෙසට පැමිණියාය.
නිවෙසට පැමිණෙන අවස්ථාවේ දී ග්‍රාම නිලධාරිවරයා මත්පැන් පානය කිරීමට යාමට කලිසම ඇද බොත්තම් දමමින් සිටියේය. ගමනට සූදානම් වෙන අයුරු දැක කාන්තාව අසලට ගොස් ඇද සිටි කලිසම තදින්ම අල්ලා ගත්තාය.
උඹ වෙනදා බී ගෙන එන ගමන් ගමේ මිනිස්සුන්ට නිකං බැන ගෙන එනවා. ඒ ඇවිල්ලා මගේ අම්මා තාත්තා මතක් කරලා මට ගහනවා බනිනවා. මහත්තයෝ උඹ බීගෙන එන්න කලින් මම අද බී ගෙන ආවා. උඹ මේක අදින් පස්සේ නැවැත්තුවේ නැති නම් උඹට කලින් මම බී ගෙන ගෙදර එනවා. හොඳ හිතින් කියන්නේ අද ඉඳලා මේක නවත්තපං. ඇය දොස් පැවැරුවේ රාස්සියක ලෙසිනි.
මේක හරියන වැඩක් නෙමේ අන්න නෝනා ගිහින් බුදි. අද රෑට කන්න උයන එකකුත් නෑ වාගේ. මම මේ අද ඉඳලා නවත්වනවා යැයි පවසා ග්‍රාම සේවකයා දශකයක පමණ කාලයක සිට දිනපතා පානය කරන ලද මත්පැන් නවතා දැමීමට තීරණය කළේය. ඒ සමගම ඔහු රෑට උයා පිහා බිරිඳට කෑම පිඟානක් බෙදා ගෙන ළඟට රැගෙන ගොස් කෑමට වතුර කෝප්පයක් සමග දී ඇතැයි වාර්තා වෙයි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහත්තයට පාඩමක් උගන්වන්න නෝනා වෙරිවෙලා