IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


මාළුවන්ටත් කිරිදානයක් දීලා

ඔයේ මාළුන්ට දුන් අපූරු කිරිබාරයක් ගැන සියනෑ කෝරළයේ ප‍්‍රධාන නගරයෙන් වාර්තා වෙයි. ගමේ නායකයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කිරි බාරය සංවිධානය කළේ ගමටත් රටටත් සෙත් පැතීමේ අරමුණින්ය. ඒ සඳහා දින ද කතිකා කර ගත්තේය. නියමිත පරිදි කිරිබාරය පැවැත්විණි. ගමේ හැමෝම ඒ සඳහා තමන්ට හැකි පමණින් උදවුකළහ. ගමේ වැඩි පිරිසක්ද ඒ අවස්ථාවට එක්වූහ. කිරි බාරය අවසන්ය. දැන් ඉතිරි කිරි බත් සහභාගි වූවන්ට බෙදන වේලාවයි. ප‍්‍රධාන සංවිධායකයෙක් ඒ සඳහා ඉදිරිපත් විය. එක්කෙනා පිටුපසින් එක්කෙනා පෝලිමේ එති. කිරිබත් බෙදන්නාගෙන් පැනයකි. නිවසේ සාමාජිකයන් ගණන කීයද. ඒ ප‍්‍රමාණයට කිරිබත් කෑලි ද කැවුම් ද, කෙසෙල් ගෙඩි ද ලැබෙයි. දැන් සියල්ලන්ම නිවෙස්වලට ගොසිනි. කිරිබත්ද ගොඩක් ඉතිරි වී ඇත. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මේක මාළුන්ට කන්න දෙමු. එක් සංවිධායකයෙක් යෝජනා කළේය. අනෙක් අයද ඊට කැමැති විය. ඉතිරි කිරිබත් තොගය ලොරියක පටවාගත් ඔවුන් අසල ඇති ඇළකට ඒවා දැමුවේය. ඒ දෙස බලා සිටි පුද්ගලයකු කීවේ ඔන්න එහෙනම් මාළුන්ටත් කිරි දානයක් දුන්නා යනුවෙනි.



අදහස් (0)

මාළුවන්ටත් කිරිදානයක් දීලා

සම්පත් Wednesday, 12 December 2012 06:34 PM

නියම වැඩක්... (නි)

:       0       0

හේරත් Wednesday, 12 December 2012 06:39 PM

කිරි කිරි කිරි.... සද්දේ නම් මට ඇල්ලුවේ නැහැ. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 12 December 2012 01:38 PM

කොහේද ඔය සියනෑ කෝරළය තියෙන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

නන්ද ලාල් Wednesday, 12 December 2012 07:42 PM

යන්න මෙයා බොරු නොකියා (අ)

:       0       0

නිරෝෂ Wednesday, 12 December 2012 02:27 PM

හරි ෂෝක් විහිලුව....හාඃ හාඃ හා .... (දී)

:       0       0

ශාන්ත Friday, 14 December 2012 07:54 AM

ඒවා හොද වැඩ (දී)

:       0       0

සරත් Wednesday, 12 December 2012 09:53 AM

කිරි අම්මාවරුන්ගේ දානයක් නොවෙන නිසා මෙහෙම කළාට වරදක් නැහැ. (නි)

:       0       0

නයනී Thursday, 13 December 2012 02:53 AM

ලලිත්, සියනෑ කෝරලේ තියෙන්නෙ බස්නාහිර පළාතෙනේ. ගම්පහ තමයි අගනුවර. (නි)

:       0       0

සනත් Wednesday, 12 December 2012 10:46 AM

ගමේ උදවියට ඇතිවෙන්න දීලා ඉන්පස‍්සේ මාලුන්ට දුන්නා නම් තමයි හොද. (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 12 December 2012 10:53 AM

කිරි දානයක්ද? කිරිබත් දානයක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

අජිත් Sunday, 16 December 2012 07:31 AM

අන්න හොද වැඩ (දී)

:       0       0

ප්‍රසන්න Wednesday, 12 December 2012 11:43 AM

කිරිබත්, කැවුම් ‍බිලි කොක්කක අමුණලා මාලුන්ට දුන්නා නම් කොහොමට තියෙයිද? (නි)

:       0       0

සජී Wednesday, 12 December 2012 11:45 AM

අපතේ නොයවා කවුරු කෑවත් කමක් නැහැ. (නි)

:       0       0

චමී Monday, 17 December 2012 10:58 AM

කටාර්වල ඉන්න ලලිත් ගම්පහ ගැන දන්නෙ නැහැ. බබා. රට යනෙකාට ගියේ බෝට්ටුවකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 317 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 502 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1022 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 881 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2321 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 806 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 69 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site