IMG-LOGO

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා


මාහල්ලෝ හඩෙන් ඉහමොළ රත් වෙලා

පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවකුට ශිෂ්ට සම්පන්න ලෙස කතා කිරීමට එහි ගුරුතුමිය පුරුදු පුහුණු කිරීම හේතුවෙන් දරුවාගේ මවුපියන් අන්ද මන්ද වූ පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි. 
කතාව සැකෙවින් මෙසේය. 
මෙම මවුපියන් දෙපලගේ දරුවා පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවෙකි. ඔහු ගුරුතුමිය සහ ඔහුගේ මවුපියන් ඇතුළු වැඩිහිටියන් ඔහුට ලබා දෙන අවවාද අනුශාසනා හිස් මුදුනෙන්ම පිළිගන්නා කීකරු දරුවෙකි. 
එදින කුඩා ලොරි රථයකින් මුහුදු මාළු අලෙවි කිරීම ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන ‘‘මාහල්ලෝ, මාහල්ලෝ, මාහල්ලෝ”‍ යනුවෙන් හඬ නගා වෙළෙන්දෝ මාළු අලෙවි කරමින් සිටියහ.
මෙම අපගේ කීකරු පෙර පාසල් දරුවා පාසල නිමවා නිවසට පැමිණෙමින් සිටියේ ඔහුගේ මව සමගය. 
මාළු අලෙවි කරන ලොරි රථය ඔවුන් පසුකර යන අතරතුර, දරුවා තම මවගේ අතේ එල්ලි ඇයට ඇවිටිලි කරන්නට පටන් ගත්තේ මෙලෙසිනි. 
‘‘අනේ අම්මේ, අපිත් ගමුකෝ වැඩිහිටියෝ. මම හරි ආසයිනේ,”‍


මවට ඔහු කියන්නේ කුමක්දැයි වටහා ගැනීම අසීරු විය. දරුවා නාහෙන් අඬමින් ඇයට නිතර නිතර කරදර කරන්නට පටන් ගත්තේ, ”‍අම්මේ අපිත් වැඩිහිටියෝ ගමුකෝ”‍ කියමිනි. 
කෙසේ හෝ මව තම දරුවා නිවසට රැගෙන එන විට දරුවාගේ දෑස් වල කඳුළු වැගිරෙමින් තිබුණි. මෙම දර්ශනය දුටු පියා”‍ ඇයි මගේ පුතා මේ අඬලා තියෙන්නේ, මොකක්ද ප්‍රශ්නේ?”‍ යැයි බිරිඳගෙන් ඇසීය. 
එවිට බිරියට කට උස්සන්නවත් නොදුන් කුඩා දරුවා,”‍තාත්ති මං කියන කිසිම දෙයක් මේ අම්මා ගණන් ගන්නේ නෑ. මට අද කොහොම හරි වැඩිහිටියෝ ඕනමයි”‍ කියමින් බිම පෙරළෙන්නට විය.
මේ අපභ්‍රංසය තේරුම් ගත නොහැකිව පියා හතර අතේ කල්පනා කරන්නට විය.
තමාගේ ඉල්ලීම ඉටු නොවන බව දැනගත්  දරුවා පියා ළඟට ගොස් මෙසේ ඇවිටිලි කළේය. 
‘‘තාත්ති අපේ ටීචර් කියලා තියෙන්නේ මහලු‍ අයට මහල්ලෝ කියලා කතා කරන්න එපා කියලා. ඒ අයට වැඩිහිටියෝ කියලා කතා කරන්න කියලා. ඉතින් අර ලොරියේ මාමලා මහල්ලෝ මහල්ලෝ කිව්වේ අපි උයලා කන මාළුන්ට කියන තවත් වචනයක් නේද? එයාලත් වැඩිහිටියෝ නේද? අනේ තාත්තේ අපිත් ගමුකෝ වැඩිහිටියෝ කිලෝ එකක්. මම හරි ආසයිනේ”‍ යනුවෙන් පැහැදිලි කළේය.
මේ කතාවෙන් අම්මගෙයි තාත්තගෙයි ඉහ මොළ රත් වී ගියේය. මුවට නැගුණ සිනහව ගිලගත් පියා යතුරුපැදියට නැගී නොපෙනී ගිය මාළු ලොරිය පසු පස ලු‍හු බඳින්නට විය.  

 කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය



අදහස් (0)

මාහල්ලෝ හඩෙන් ඉහමොළ රත් වෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

හිස් පොකැට්ටුවට කයිය ගහන්න ගිහින් නාගෙන
2025 මාර්තු මස 03 464 2

‘‘තමා ජීවත්වන නගරයේ අයියලා සියලු‍දෙනාම තමාගේ අතේ’’ යයි කියමින් කාර්යාලයේ රඟපාමින් සිටි අයකුගේ මුදල් පසුම්බියට ගැටකපන්නකු ගසා අලි ජංජාලයක් වූ පුවතක


බර වැඩිකර පෙන්වන්න කිලෝවේ පඩියක් සාක්කුවේ දමාගෙන
2025 මාර්තු මස 01 561 1

නියමිත බර නැතැයි කියා ලේ ගැනීම ප්‍රතික්ෂේප කළ තරුණයකු නිසි ලෙසට බර සකසාගෙන ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයකට දායක වු පුවතක් යාපහු පුරවරයෙන් අසන්නට ල


පොලිස් ලොක්කාගේ සපත්තු වාෂ්ප වෙලා
2025 මාර්තු මස 01 327 0

විහාරස්ථානයක පැවැති ආගමික උත්සවයකට සහභාගි වී එළියට එන අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයකුගේ සපත්තු යුගල ගලවා තිබූ තැනින් එර්දිවී තිබීමේ පුවතක් ඉකු


මායියාට ලොකුකම පෙන්වන්න ගිහින් අලි අමාරුවක
2025 මාර්තු මස 01 177 0

බිරිඳට ලොකුකම් පෙන්වන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු ගැන කතාවක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබේ.


හතරගාතෙන් එනවාට බිරිදගෙන් යස පාඩමක්
2025 මාර්තු මස 01 177 0

වයඹ පළාතේ ගමකින් මෙම සිදුවීම වාර්තා විය. කුලී වැඩ ජීවිකාව කරගත් 67 හැවිරිදි ඔහු කරන්නේ කරත්ත රස්සාවය.


මාහල්ලෝ හඩෙන් ඉහමොළ රත් වෙලා
2025 මාර්තු මස 01 178 0

පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවකුට ශිෂ්ට සම්පන්න ලෙස කතා කිරීමට එහි ගුරුතුමිය පුරුදු පුහුණු කිරීම හේතුවෙන් දරුවාගේ මවුපියන් අන්ද මන්ද වූ පුවතක් කැබිතිග


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20010 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 104 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 427 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 518 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site