IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


මිතුරාගේ ඇම කා රෝහලේ තපින්න වෙලා

මිතුරා අමාරුවේ දමා ඔහු ඇඳටම වැට්ටවූ මිතුරෙකු පිළිබඳ අපූරු කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
දෙන්නා සෙට් වන්නේ එකටය. එදා ඔහු මිතුරා සෙට් කර ගත්තේ වැඩක් හිතේ තියාගෙනය. දෙන්නටම දැන් වැඩිය. ඔහු මිතුරා සිය මෝටර් රථයේ දමාගෙන ගියේ ඒ වැඩේ කරන්නටය. ඒ තමාට පාට් එක දැමූ අයකුට ඔහු ලවා තළවන්නය. මේ මිතුරා අඩි පුඩි මෙන්ම පොල් අඩි ද පුරුදු ය. පුහුණුය.
දැන් දෙන්නාම අදාළ නිවස ඉදිරිපිටය. හතුරාට ඔහු අඬ ගෑවේය. ඔහු සූදානම් වන්නේ හතුරාට මේ මිතුරා ලව්වා තඩි බෑමටය. ඒත් ඔහුට හොඳටම වෙරිය. හතුරා ඔවුන් ඉදිරියටම ආවේය. ඔහුට වැඩේ තේරුණේය. හතුරා ඔවුන් දෙදෙනා ඉදිරියේය.


ඔහුගේ මිතුරා හතුරාට තඩි බාන්න අත ඉස්සුවේය. හතුරා ඔහු තල්ලු‍ කළේය. ඔහු වැටුණේ මාර්ගය අයිනේ තිබූ ලොකු කානුවටය. ඔහු කානුවට වැටෙනු දුටු මිතුරා සිය රථයේ නැගී පලා ගියේය. ඒ අසලින් ගිය ත්‍රීරෝද රථයකින් ගිය අයකු කාණුවේ වැටී සිටි කෙනාව අවට සිටියවුන්ගේ ද සහාය ඇතිව එයින් ගොඩට ගෙන රෝහල් ගත කළේය. රෝහලෙන් කීවේ ඔහුගේ සුසුම්නාව කැඩී ඇති බවය.
රෝහල් කිහිපයකට ගියත් ඔහු සුව කර ගැනීමට බැරිවිය. අවසානයේදී ඔහු නිවසට එක්කර ගෙන ඒමට නිවැසියන්ට සිදුවිය. දැන් ඔහු නිවසේ ඇද උඩය. සිහියක් සන්නයක් නොමැතිය. ඒත් ඔහුව එදා හතුරාට ගහන්න එක්ක ගෙන ගිය මිතුරා බලන්න තවමත් ගොස් නැතිලු‍.

 කරන්දෙණිය  එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (0)

මිතුරාගේ ඇම කා රෝහලේ තපින්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 424 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 465 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මිතුරාගේ ඇම කා රෝහලේ තපින්න වෙලා
2025 අප්‍රේල් මස 26 368 0

මිතුරා අමාරුවේ දමා ඔහු ඇඳටම වැට්ටවූ මිතුරෙකු පිළිබඳ අපූරු කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.


කැවුම් කසිප්පු වී කූඩුවේ ලැගලා
2025 අප්‍රේල් මස 26 173 0

අවුරුද්දට කැවුම් කොකිස් සහ රස කැවිලි හදාගෙන ත්‍රිරෝද රථය පොලිසිය නතර කර බලද්දී ත්‍රී රෝද රථය තුළින් මත්පැන් ගඳක් වහනය වීම නිසා පොලිස් නිලධාරීන් ත්‍ර


නාම යොජනා නොලැබී මළ පැනලා
2025 අප්‍රේල් මස 26 167 0

පළාත් පාලන මැතිවරණය සඳහා මුද්‍රණය කරන ලද අත් පත්‍රිකා ගෙන යන්නැයි ඉල්ලූ අවස්ථාවේ ඒවා පුච්චා නළලේ අළු හා ගන්නා ලෙස මුද්‍රණාල හිමිකරුවාට පැවසූ අපේක්ෂා


මියගිය අය ගමට ඇවිත්
2025 අප්‍රේල් මස 26 184 0

මීට වසර විස්සකට පමණ ඉහත දී සිය කසාද බිරිය හා දරුවන් අතහැර දුර පළාතකට ගොස් වෙනත් ළඳක් හා එක වහලක් යට අලු‍ත් ජීවිතයක් ගතකරමින් සිටියදී හදිසියේ මිය ගියේ යැ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site