මුදලාලි භාර්යාව ඉදිරියේ නැති කළ නම්බුව මුදලාලි ලවාම භාර්යාව ඉදිරියේ දී යළිත් ඇති කර ගත්ත අයකු පිළිබඳව කතාවක් බද්දේගමින් අසන්නට ලැබේ.
සූදු පිටියේදී ඔහු ගෙන ගිය මුදල් සියල්ලම පරාද විය. සූදු පිටියේ එහා මෙහා වෙන මොනරු කොළ දුටුවාම ඔහුට ඉවසුම් නොදුන්නේය. පරාද වූ මුදල් දෙගුණ තෙගුණයෙන් ගැනීමට ඔහු අදහස් කළේය. ඒත් තමා අත ඒ සඳහා මුදල් නැත. ඊට වෙනත් විකල්පයක්ද අහල පහළක නොවීය. ඒ සැණින්ම ඔහුගේ මස්තකයට පැමිණියේ මුදල් පොලියට දෙන කඩේ මුදලාලිය. දණිපනි ගා කඩේට ගිය ඔහු මුදලාලිගෙන් රුපියල් දසදහසක් සීයට දාහේ පොලියට ණයට ගත්තේය. පොලිය නියමිත දිනයට දිය යුතු බව අනිවාර්යය යෙන්ම කළ යුතු දෙයක් බව මුදලාලිගේ පොලී කොන්දේසිය විය.
ඒ මුදල් ද පරාදය. හිස් අතින්ම ඔහු ගෙදර ගියේය. මුදලාලිට නියමිත දිනට රුපියල් දහස බැගින් සෑම මාසයකම ඔහු දුන්නේය. මේ සියල්ලම භාර්යාවට හොරෙන් කළ හුටපටය. දින කිහිපයකට ගමෙන් පිට වැඩකට ඔහුට යන්න සිදුවිය. මුදලාලිගේ මාසික පොලී ගෙවන දින ද මේ අස්සේය. ඔහුගේ භාර්යාව මේ වෙළඳ සලට ගියේද මේ අස්සේය. සිය සැමියා ණයට ගත් රුපියල් දසදහසේ රුපියල් දාහේ පොලිය මේ මාසේ නියම දිනයට නොගෙවූ බව ද මුදලාලි ඇයට කීවේය. මුදලාලිගේ හැටි දන්නා නිසා මිලදී ගැනීමට ගිය බඩු වලින් භාගයක් මිලදී ගෙන ඇය රුපියල් දහසේ පොලිය මුදලාලිට දුන්නාය. මෙය සැමියාට නොකියන්නට ඇය වග බලා ගත්තේ මේ කළ දෙයට දඬුවමක් ලබාදීමේ අටියෙනි.
පිට වැඩකට ගිය ඔහු ගමරට එන ගමනේදී නිවසට නොගොස් වෙළෙඳසලට ගියේ මුදලාලිගේ පොලිය ලබාදීමටය. එය භාර්යාවගෙන් ඉල්ලාගත් බව මුදලාලි කීවිට ඔහු තමාගේ නම්බුව කා ඇතැයි කියමින් මුදලාලිට දෙස් දොවෙල් තැබුවේය. ඔහු මුදලාලිට තමාගේ නම්බුව රැකීමට නම් කළයුතු දෙයක් පිළිබඳව කතිකා කරගෙන රුපියල් දහසක් දී නිවසට ගියේය.නිවසට ගිය සැනින්ම භාර්යාව කීවේ බඩු ගැනීමට කඩයට යායුතු බවය. ඇයගේ මේ කලබලය තමාගේ ණයේ හොර අල්ලා ගැනීමට ඇය මේ කසකවන බව ඔහුට තේරුම් ගියේය. හා යමු යමු යි කියා ඔහු භාර්යාව සමග කඩයට ගියේ මොකුත් නොවූ අයෙකු මෙන් කිසිදු බිය සැකයකින් තොරවය.
කඩයට ගිය සැණින් කවදාවත්ම කාරුණිකව කතා නොකරන මුදලාලී අනේ මට පොඩි වැරදීමක් වුණා. මගෙන් රුපියල් දහදහක් ණයට ගත්තේ මෙයා නෙමෙයි. අල්ලපු ගමේ මෙයාගේම නම තියන කෙනෙක්. මෙන්න එදා ඔයාගෙන් පොලියට ගත්තා කියලා ගත්ත රුපියල් දාහ කියලා මුදලාලි ඔහුගේ භාර්යාවගේ අතට රුපියල් දාහේ කොළයක් දුන්නේය. මම මේ මෙයා දක්කගෙන ආවේ මේකේ හුටපටය බේර ගන්න තමයි. මෙයා මොකට ද රුපියල් දාහක් ණයට ගත්තේ කියලා අතටම අල්ල ගන්නයි එක්කන් ආවේ යයි කියද්දි ඔහු තොත්ත බබා වගේ මම කවදාවත්ම ඔයාට නොකියා කිසිම දෙයක් කරන්නේ නැතැයි කීවේ මුදලාලි දිහා බලා ඇසක් ගසමින්ලු.
කාන්තාවකගේ අමනුෂ්‍ය දෝෂය ඉවත්කිරීමට ආ ප්‍රධාන කටිටඩියා ඇතුළු ඔහුගේ ආවතේවයට ආ ගෝලයන් දෙදෙනකුට ගම්වැසියන් පන්න පන්නා ‘ගුටිපූජාවකින්’ සංග්‍රහ කිරීමේ
බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක ගොවියකුගේ ගෙවත්තෙහි ඇති රට දෙල් ගසෙහි මෙවර විශාල වශයෙන් දෙල් හට ගෙන තිබිණි. මේ සැරේ නම් ගාණක් ගත හැකි ගොවියා සිතුවේය.
වැරදි වෙලාවක වැරදි කෙනෙකුගේ යතුරු පැදියේ නැගී ගොස් නැති වරදකට වටෙන්ම අම්බානකට කන්න සිදුවූ කතක් පිළිබඳ පුවතක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබිණි.
මග හැරුණු දුරකතන ඇමතුමකින් හිතවත් වූ පෙම්වතා සමඟ පැනගිය කාන්තාවක නැවත ගෙදර කැඳවාගෙන යමින් සිටි සැමියාට අතරමග දී පහර දී ත්‍රිරෝද රථයකින් පැමිණි මිස් ක
තොල් රතුපාට කරන ලේලියට නැන්දම්මා දුන් දඩුවමින් ලේලියට තරු පෙණුනු පුවතක් ගාලු දිසාවේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ.
තමාට බිරිය සලකන්නේ නැතැයි පවසා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර කාන්තාවක් සොයා ගැනීමට පුවත්පත් දැන්වීම් කාර්යාලයකට කිහිලිකරු ආධාරයෙන් ගොස් ඇතැයි කියන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
මුදලාලිට ගතමනාවක් දී බිරිදගේ උගුලෙන් බේරිලා