කටින් සෙම දමමින් පාපැදියකින් මාර්ගය අයිනේ වැටී සිටි කාන්තාවකට මීමැස්මොරය වැළඳී ඇතැයි සිතා ඒ අසල සිටි පිරිසක් විසින් ඇයගේ අතට දෙන්නට යකඩ කෑල්ලක් සොයා ගැනීමට නොහැකිවීම නිසා ඇඟ උඩට පාපැදිය පෙරළා දැමූ පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වෙයි.
විශ්‍රාම ලබා සිටි මෙම කාන්තාවට ප්‍රදේශයේ ගෙවතුවල දළු නෙළීමට තවමත් ආරාධනා ලැබෙන්නීය. එසේ ලද ඇරයුමකට මෙදින කෑම බීමද සූදානම් කරගෙන පාපැදියෙන් පිටත්ව ගියාය. එසේ ගොස් එම ප්‍රදේශයේ පාලමක් අසල ඇය නතර වූයේ ඇගේ සහායිකාව එනතුරුය.
පාලම අසල පාපැදියත් නතර කරගෙන සිටින විට ඇයට එකවරම ක්ලාන්ත ගතියක් දැනී ඇත. ඒ බව පැවසීමට දුරකතනයෙන් සිය ස්වාමියාට ඇමතුමක් ගත්ත ද ඔහු සම්බන්ධවීමට පෙර ඇය ඇදවැටී ඇත. සුළු මොහොතකින් ඇගේ කටින් සෙම වැගිරීමක් ද සිදුව ඇත.
ඒ අවස්ථාවේ ඇය අසලට රොක් වූ පිරිස මී මැස්මොරය නැමති රෝගය වැළඳී ඇතැයි සිතා පිළියමක් ලෙස ඇගේ අතට දීමට යකඩ කැබැල්ලක් සොයා ඇතත් එය හමුවී නැත. බයිසිකලය යකඩ නිසා එය ඇගේ ඇඟට දමමු යැයි කෙනකු කළ යෝජනාව අනුව ඇගේ ඇඟට බයිසිකලය පෙරළා ඇත.
ඊට මොහොතකට පසු ඇගේ සැමියා දුරකතනයේ තිබූ බිරියගේ මගහැරුණු දුරකතන ඇමතුම දැක ඇයට ඇමතුමක් ලබාගෙන ඇත. බිමවැටී සිටි කාන්තාවගේ එක් අතක සිරවී තිබෙන දුරකතනය නාදවෙනු දුටු ඒ අසල සිටි තරුණයකු ඇමතුමට සම්බන්ධ වෙමින් සිද්ධිය ඔහුට දැනුම් දී ඇත.
ඊට ටික වේලාවකට පසු ඇගේ සැමියා එම ස්ථානයට පැමිණ ඇයගේ ඇඟ උඩ තිබෙන බයිසිකලය දැක ඒගැන විමසීමේ දී ඇයට මී මැස්මොර රෝගය වැළඳී ඇතැයි සිතා එසේ කළ බව එතැන සිටි අය පවසා ඇත.
ඇයට එවැනි රෝගයක් නැතැයි කියූ ඔහු පාපැදිය ඉවත් කර 119 ට ඇමතුමක් ලබා දී ගිලන් රථයක් ගෙන්වාගෙන රෝගියා රෝහල් ගතකර ඇත. දින දෙකක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඇයට කිසිදු රෝගයක් වැළඳී නැතැයි තීරණය වීම නිසා ටිකට් කපා නිවසට පිටත්කර ඇත.
මී මැස්මොර රෝගියාට යකඩ කෑල්ලක් වෙනුවට බයිසිකලයක් ලබාදුන් පිරිස පිළිබඳ කතාව දැන් මේ ප්‍රදේශයේ ජනප්‍රිය කතාවක්වී ඇතැයි පැවසේ.
පෝද්දල සරත් ආනන්ද ගමගේ
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
යකඩ කෑල්ල වෙනුවට බයිසිකලය ඇඟට පෙරළලා