තම බිරිය යතුරුපැදියේ පිටුපස ආසනයේ වාඩිවී ඇතැයි සිතු ස්වාමි පුරුෂයා බිරිඳ නිවෙසේ සිටියදී යතුරුපැදිය පණගන්වාගෙන සැතපුම් දෙකක පමණ දුරක් ගමන් කර සේවා ස්ථානය අසල නවතා බලද්දී ඇය අතුරුදන්වී සිටීමේ පුවතක් බෝවත්ත ප්‍රදේශයෙන් පසුගිය දිනෙක අසන්නට ලැබිණි.
බිරිය ස්වයං රැකියාවක නිරතවී සිටින්නියකි. රැකියාව කරන්නේ හල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි ස්ථානයකය. රජයේ රැකියා කරන්නන්ට සති අන්ත ඉරිදා නිවාඩු ඇතුළු අනෙකුත් රජයේ නිවාඩුවලට හිමිකම් ඇතත් ඇය හදිසිම කාරණයකට හැරෙන්නට නිවාඩු නොගෙන දිනපතාම රැකියාවට ගියාය.
සාමාන්‍යයෙන් වැඩි වශයෙන්ම ස්වාමි පුරුෂයාගේ යතුරු පැදියෙන් උදෑසන රැකියාවට යාම, නැවත ආපසු නිවෙසට පැමිණීම සිරිතක් වුවත් බස් රථවලින් ගමන් පහසුව සලසා ගන්නා අවස්ථාද තිබිණි.
යතුරුපැදියට අවශ්‍ය ඉන්ධන වෙනුවෙන් ස්වාමි පුරුෂයා වෙත මුදල් ලබා දෙන්නේද බිරියයි. එනිසා සැමියා තම යුතුකම් කොටස නොපිරිහෙලා ඉටුකරයි. එදා උදෑසන නියමිත වේලාව අනුව සේවා ස්ථානය වෙත බිරිඳ කැඳවාගෙන යා යුතු බැවින් සිය යතුරු පැදියට නැගී එය පණ ගන්වාගෙන බිරිය එහි වාඩිවීමට පැමිණෙන තෙක් බලාගෙන සිටියේය.
මේ වනවිට කුරුණෑගල ප්‍රදේශයේ රැකියාවකට බස්රියෙන් යන කාන්තාවක එම නිවෙසේ යතුරු පැදිය දමායාමට පැමිණ සිටියාය. යතුරු පැදිය අඹ ගසක් යට නතර කළ ඇය කිසියම් තැනැත්තකුට ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගෙන කතා කළාය. මේ අතර බිරියගේ හඬින් කන ළඟින්ම වාගේ ‘හරි හරි’ කියන වචන කීපයක් යතුරු පැදිය පණ ගන්වාගෙන ඉදිරිය බලා වාඩිවී සිටි ස්වාමිපුරුෂයාට ඇසෙන්නට විය. හරි කියන්නේ හරි නිසානෙ යැයි සිතූ ස්වාමි පුරුෂයා වේගයෙන් යතුරු පැදිය ධාවනය කළේය.
ඔහු බිරියගේ සේවා ස්ථානය අසල යතුරු පැදිය නවතා බලද්දී දවල් තරු පෙනුණේ ඇය නොමැති බව දැන ගත් විටය.
ඒ වනවිට ආරක්ෂිත හිස්වැසුම එක් අතකින්ද කෑම පාර්සලය සහිත බෑගයත් අනෙක් අතින්ද රැගෙන නිවසෙන් පාරට පැමිණි බිරිය මගතොට හමුවන අයට මහත්තයා මාව දාල ගියා යැයි පවසමින් බස් රියකින් සේවා ස්ථානයට යාමට බස් නැවතුමට ගියාය.
එහෙත් බස් රථයක් එනතුරුම ඇය රැගෙන යාමට යතුරු පැදිය නොපැමිණි බව පසුව දැනගන්නට ලැබිණි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යතුරුපැදියේ බිරිය කන්තෝරුවේදී අතුරුදන්වෙලා