මොරගොල්ලාගම සිසිර කැලේගම.
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට ලැබුණි.
මවුපිය දෙදෙනාගේ මුල් නිවස රජරට පුරවරයේය. ඔවුනට දාව දරුවන් පස් දෙනෙකි. එක පුතකු රැකියාවකට ගොස් විවාහ වී සිටින්නේ දකුණු පළාතේය. බාල දියණිය ද විවාහකය. පාසල් වියේ පසුවෙන දරු දෙදෙනකුගේ මවක වන ඇය පදිංචිව සිටින්නේ රජරටට අයත් පොලොන්නරුව ප්‍රදේශයේය. ඒ සැමියාගේ ගම් පළාතේය. ඔවුන්ගේ රැකියාවන් හා දරුවන්ගේ ඉගෙනුම් කටයුතු නිසා නිතර නිතර මවුපියන්ගේ මුල් නිවසට පැමිණීමට ඉඩකඩ නැත.
එහෙත් ලෙඩට දුකට පිහිට වූහ .නිරතුරුවම සුවදුක් විමසා බැලුූහ. දරුවන්ට පාසල් නිවාඩුව නිසා බාල දියණිය දරුවන් ද කැටුව මවුපිය දෙදෙනා බලන්නට අවුරුදුවලට ගමේ යනවාය. ඇයගේ සැමියා අත්‍යාවශ්‍ය සේවා රාජකාරිවල නියැළෙන නිසා ඔහුට මේ සඳහා එක්වීමට බැරිය. මේ යන ගමන ගැන ඇය දකුණු පළාතේ සිටින අයියාට ද කිව්වාය.
“නංගි ඔයාලා එනවා නම් අපිත් කට්ටියම එන්නම්“ අයියා ද පිළිතුරු දුන්නේය.
කියු පරිදි ඔවුහු අම්මා තාත්තාට තෑගි බෝගද අරගෙන මුල් නිවසට පැමිණියහ.
අවුරුදු නැකැත් එහි සිට සමරා ගමේ අවුරුදු උත්සව ද නැරඹුහ. ඒ සඳහා ඒ අවට පදිංචිව සිටින අනිත් සහෝදර සහෝදරයෝ ද පවුල් පිටින් ඒක රාශි වූහ.
පාළුවට තිබු නිවසේ ගාල ගෝට්ටියකි. කෙසේ හෝ දුර සිට පැමිණි දියණිය හා පුතු තම නිවෙස් කරා යාමට පිටත් වූහ. එලෙස ගිය පුතු මුල් නිවසට කතා කළේ ය.
“තාත්තේ අපි ගෙදර ආවා. නමුත් ගෙදර යතුර කියලා ගෙනැත් තියෙන්නේ වෙන යතුරක් නේ“
“අනේ පුතේ අපේ ගෙදර යතුරු නම් තියෙනවා. දැන් පුතා කොහොමද ගෙට යන්නේ“ පියා විමසූවේ ය.
ඒ අතරේ නැගණිය ද කතා කළා ය.
“අයියේ, ඔයා අරගෙන ගිහින් තියෙන්නේ අපේ ගබඩාවේ දොරේ යතුර. ඔයාගේ ගෙදර යතුර මගේ බෑගයේ“ ඇය කීවාය.
තම තමන්ගේ බෑග්වල දමා තිබු යතුරු පොඩි වුන් එළියට ඇද දමා නැවත මාරුකර දැමීමෙන් මේ අලකලංචිය සිදු වී තිබෙනවාය.
ඒ යතුරු හුටපට මාරුව අරින්නට පොලොන්නරුව සිට දකුණට යා යුතුය. එසේ යාමට වැයවෙන මුදලට වඩා අඩු වියදමකින් තිබෙන යතුරු ඉවත් කර අලුතින් යතුරු දැමිය හැකි බව අයියා වටහා ගත්තේය.
ඒ අනුව අයියා දොරේ යතුර කඩා ගෙට ඇතුළු වී අලුතින්ම යතුරක් සවිකරද් දී නංගිගේ ගෙදර ගබඩාවේ යතුර කුරියර් තැපැල් සේවාවෙන් අයියා නංගිගේ ගෙදරට යවන තෙක් ඇය ගබඩාවේ දොර විවෘත නොකර වසාගෙනම සිටියාලු.
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
මිතුරා අමාරුවේ දමා ඔහු ඇඳටම වැට්ටවූ මිතුරෙකු පිළිබඳ අපූරු කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
අවුරුද්දට කැවුම් කොකිස් සහ රස කැවිලි හදාගෙන ත්‍රිරෝද රථය පොලිසිය නතර කර බලද්දී ත්‍රී රෝද රථය තුළින් මත්පැන් ගඳක් වහනය වීම නිසා පොලිස් නිලධාරීන් ත්ර
පළාත් පාලන මැතිවරණය සඳහා මුද්‍රණය කරන ලද අත් පත්‍රිකා ගෙන යන්නැයි ඉල්ලූ අවස්ථාවේ ඒවා පුච්චා නළලේ අළු හා ගන්නා ලෙස මුද්‍රණාල හිමිකරුවාට පැවසූ අපේක්ෂා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යතුරු මාරු වී ජංජාලයක්