කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය
වන අලි නිතර ගැවසෙන කැලෑ පාරක ත්‍රිරෝද රථයක ගමන් ගත් ගැබිනි කාන්තාවකට මුහුණ දීමට සිදු වූ සිද්ධියක් රජරට පළාතේ ඈත ගමකින් අසන්නට ලැබෙයි.
සිද්ධිය කෙටියෙන් මෙසේය.
එම ගම්මානය පිහිටි ප්‍රදේශය ඉතා දුෂ්කර ප්‍රදේශයකි. එම ගමට පැමිණීමට ඇති මාර්ගය කිලෝමීටර් දෙකක පමණ දුරක් ඇති අතර පාර දෙපැත්තේම ඇත්තේ ඝණ කැලෑවකි.
පසුගිය ජනපතිවරණ ඡන්දය පැවති දිනයේ මෙම ගැබිනිය අවශ්‍යතාවයක් සඳහා නගරයට බස් රථයක ගොස් ආපසු පැමිණ ප්‍රධාන පාරේ සිට එම ගමට හැරෙන මංසන්ධියේ සිටියේ යතුරු පැදියක් හෝ ත්‍රිරෝද රථයක් පැමිණේ යැයි බලාපොරොත්තුවෙනි. ඒ මොහොතේම ත්‍රිරෝද රථයක් පැමිණ ඇය ඉදිරිපිට නවතා ඇය ත්‍රිරෝද රථයට නංවා ගත්තේය. එම ත්‍රිරෝද රථයේ රියැදුරුට අමතරව තවත් තිදෙනෙක් සිටියහ.
ඔවුන් හොඳ හැටි මත් වතුර සප්පායම් වී තිබුණු වගක් කත දැන සිටියත් මුවින් නොබැන කරබාගෙන රථයට ගොඩ වී සන්සුන් ඉරියව්වෙන් සිටියේ ඇය ඔවුන් දන්නා හඳුනන අල්ලපු ගමේ තරුණයෙන් පිරිසක් නිසාය. ත්‍රිරෝද රථය කැලෑ පාර දිගේ ඉදිරියට ධාවනය වෙමින් තිබිණි. පාරේ වංගුවක් අසල පොලිස් ජීප් රථයක් නවතා තිබුණු අතර ඉන් පොලිස් නිලධාරීන් හතර පස් දෙනෙක් බිමට බැස අවි අමෝරාගෙන සිටියහ. ඈත තියාම ත්‍රීරෝද රථයට අත දිගු කර එය නවතා ගත් පොලිස් නිලධාරීන් ත්‍රීරෝද රථය ඉදිරියට ධාවනය නොකරන ලෙස අතින් සංඥා කළහ. ත්‍රීරෝද රථයේ සිටි රියැදුරා ඇතුළු පිරිස කලබලයට පත්වී පණ එපා කියමින් බිමට පැන ඇඳ සිටි සරම් උඩට ඔසවාගෙන දුවන්නට සැරසුණහ. කත පමණක් ත්‍රීරෝද රථයේ තනි වී සිටියාය.
පොලිස් නිලධාරීන් ත්‍රීරෝද රථය ළඟට පැමිණ පවසා සිටියේ මීටර් පනහක් පමණ ඉදිරියෙන් දැවැන්ත වන අලියකු පාර මැද සිටින නිසා ත්‍රීරෝද රථය ඉදිරියට ධාවනය කිරීම වැළැක්වීමට රථය නතර කළ බවය. ත්‍රීරෝද රථයේ සිටි මිනිසුන් පැනයෑම පිළිබඳව සැකසිතූ පොලිස් නිලධාරීන් රථය පරීක්ෂා කළ අතර එහිදී නීති විරෝධී මත්වතුර බෝතල් කිහිපයක් ඔවුන්ට හසුවිය.
පැය ගණනාවක් පාරේ රස්තියාදු වූ කත පොලිස් ජීප් රථයේ නංවාගෙන ගොස් ඇයගේ නිවෙස කරා ඇරලවීමට පොලිසියට සිදු වූ බව දැනගැනීමට ලැබිණි.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
යන්න විදිහක් නැතිව පාරේ ඉදලා අලි බාල්දියක් වැටිලා