IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


යාළුවකුගේ ලණුවක් කා ගෙදර සිවිලිමත් කඩාගෙන

(පෝද්දල සරත් ආනන්ද ගමගේ)
සිය නිවසේ සිවිලම මත ලැගුම්ගෙන සිටින උගුඩුවන් ජෝඩුවක් පලවා හැරීම සඳහා රතිඤ්ඤා කරලක් පත්තු කර දැමීමෙන් නිවසේ සිවිලිම පැත්තක් කඩාවැටුණු පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.


රාත්‍රී කාලයේ නිවසේ සිවිලිම උඩ උගුඩුවන් සැරිසැරීම හේතුවෙන් මෙම නිවැසියන්ගේ නින්දට බාධා සිදුවූ අතර රාත්‍රී කාලයේ නින්දෙන් අවදි වී උන් පලවා හැරීමට ගෙහිමියාට සිදුවිය.


උන් පලවා හැරීමට ගතයුතු පියවරක් සොයමින් සිටියදී දිවාකාලයේද උන්ගේ ගමන ආරම්භවී තිබුණි. ඒ පිළිබඳව නිරීක්ෂණය කළ ඔහුට උගුඩුවන් ජෝඩුවක් එහි පදිංචිවී සිටින බව තහවුරු කර ගැනීමට හැකිවිය. උන් පලවා හැරීමට හිතවතුන්ගේ උපදෙස් පැතූ ඔහුට සිවිලිම ඇතුළත ද විදුලි පහන් දැල්වීමට සැලැස්වීමෙන් උන් පලවා හැරිය හැකි යැයි ලැබුණු උපදෙසකට අනුව මුදල් වැය කර නැවත සිවිලිම ඇතුළතද වයරින් කර විදුලි පහන් සවි කළේය. එය යම්තරමකට සාර්ථක වුවද ටික දිනකින් නැවතත් සුපුරුදු ලෙසම උන්ගේ ගමන ආරම්භ වී තිබුණි.


මේ අතර දිනක මිතුරන් සමග පොඩි මධු විත සාදයක යෙදී සිටියදී ඔහුට මේ උගුඩු ප්‍රශ්නය ගැන සිහිපත්ව එය සාකච්ඡා කළේය. එතැන සිටි එක් මිතුරෙකු පැවැසුවේ රතිඤ්ඤා කරලක් දල්වා උන් දෙසට විසි කිරීමෙන් සදහටම උන් පලවා හැරිය හැකි බවයි.


පසු දිනෙක දිවා කාලයේ මොහොතක උගුඩුවෝ දෙදෙනා සිවිලිම මත මහත් දාංගලයක් පටන් ගත්හ. යහළුවා කියූ පිළියම අත්හදා බැලිය යුතු යැයි තීරණය කළ ඔහු නගරයට ගොස් රතිඤ්ඤා පෙට්ටියක් ගෙනාවේය. සිවිලිම උඩට නැගිය හැකි කපොල්ලට ඉනිමග තබා සිවිලටම ගොඩවූ ඔහු රතිඤ්ඤා කරලක් දල්වා උගුඩුවන් සිටි දෙසට විසි කළේය. ඩෝං ගා මහත් හඬින් රතිඤ්ඤය පිපිරී ගිය අතර දඩබඩාස් හඬින් සිවිලිමද කඩා වැටුණේය.


සිදුවූ විපත පිළිබඳව උපදෙස් දුන් මිතුරාට ඒ ගැන දුරකථනයෙන් දැනුම් දුන් විට ‘මං විහිළුවට කිව්වෙ තෝ ඒ ගොන් වැඩේ කළා දැ’යි ඇසීය.


සිය බිරියගෙන් මහත් සේ බැණුම් ඇසූ ඔහුට නිවෙසට පැමිණෙන අයට පිළිතුරු දීමද මහත් පීඩාවක් විය. ඉක්මණින් සිවිලිම පිළිසකර කරගන්නේ කෙසේ දැයි ඒ සඳහා අතිරේක මුදලක් සොයන්නේ කෙසේ දැයි කල්පනා කරමින් සිටින අතරේ ඇදහැලුණු වර්ෂාවකදී සිවිලිම කඩා වැටුණු ස්ථානයෙන් නිවස තෙමෙන්නටද පටන් ගත්තේ බිරියගේ ගෝරනාඩුව දෙගුණ තෙගුණ කරමිනි.



අදහස් (0)

යාළුවකුගේ ලණුවක් කා ගෙදර සිවිලිමත් කඩාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 268 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 431 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 594 1

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 622 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 707 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 692 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 638 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 473 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site