(මාවනැල්ල පරණගම සෙනෙවිරත්න)
ඇය හැඩකාර තරුණියකි. රක්ෂණ නියෝජිතවරියක ලෙස කටයුතු කරයි. ත්‍රිරෝද රථ රියදුරකු ඇය හමුවී ජීවිත රක්ෂණයක් ලබාගත්තේය.
ත්‍රිරෝද රථ රියැදුරු රක්ෂණ වාරික මුදල් ගෙවීම ද නිසි අයුරු සිදුකරන ලදී. ඔහු මුදල් ගෙවූයේ රක්ෂණ නියෝජිත තරුණියටය.
මේ අතර එක් මසක වාරික මුදල ගෙවීමේ දී ඔහු රුපියල් දාහක් අඩුවෙන් ගෙව්වේ ඉතිරි මුදල හැකි ඉක්මණින් ගෙවන බවට පොරොන්දු වෙමිනි. එහෙත් ඔහු පොරොන්දු වූ පරිදි එම මුදල ගෙව්වේ නැත. රක්ෂණ නියෝජිත තරුණිය කිහිප විටක් ඔහු හමුවී ඉතිරි මුදල ගෙවන ලෙස ඉල්ලා සිටින විට මුදල ගෙවීම පසෙක තබා ඇගේ ආදරය ඉල්ලා කන්නලව් කිරීමට පටන්ගෙන ඇත.
එය ඇයට බලවත් හිසරදයක් වීම නිසා මින් ඉදිරියට ඔහුගේ රක්ෂණ වාරික ගෙවීම අදාළ සමාගම වෙත ගොස් සිදුකරන ලෙස දන්වා ඔහුගෙන් ගැලවීමට පියවරගෙන ඇත.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රක්ෂණ වාරිකය ගෙවීමේදී ආදරය ඉල්ලලා
ධනුක Tuesday, 09 December 2014 05:31 AM
ජීවිත රක්ෂණයක් ගන්න කියල තරුණියට කිට්ටු කළේ මුල සිටම මේ අදහස තිබුන නිසා වෙන්න ඇති. (නදී)
ශාන සෞදි Tuesday, 09 December 2014 01:03 PM
ත්‍රීරෝද රථයේ පිටුපස ලියලා තියෙන්නේ ''ගන්න රක්ෂණය දෙන්න ආදරය " කියලාද බලන්න (නි)
සිරිසේන Wednesday, 10 December 2014 06:29 AM
කොහොමද කැස්ස හංගාගෙන ඉන්නේ? කැස්සයි ආදරයයි හංගන්න බැහැ රක්ෂණය කරලා. (නි)
ඇසිලින් නෝනා Tuesday, 09 December 2014 05:58 AM
අනේ රක්ෂනය. (නදී)
ඇසිලින්නෝනා Tuesday, 09 December 2014 05:59 AM
අනේ.. රක්ෂනය. (ර)
කුමාරි Tuesday, 09 December 2014 06:01 AM
සමහර විට ඇයගේ රුවට ආශා හිතුන නිසාම ඔය රක්ෂණයට බැදෙන්න ඇත්තේ. (ර)
තිලක් Tuesday, 09 December 2014 11:07 AM
මේවගේ හැඩකාර ටිකක් විසේ තියෙන සුළු කාලයකින් දික්කසාද වූ රක්ෂණ නියෝජිත තරුණියක් ගමේ සාරවත් කඩේක මුදලාලිට රක්ෂණයක් විකුනන්න දින කිහිපයක්ම ඇවිත් කරදර කළා. මේක ආරංචි උන මුදලාලිගේ බිරිඳ ඇවිත් මේ ඔයාගේ රක්ෂණය හින්ද මගෙයි දරුවගෙයි ආරස්සාව නැති වෙන්න පුළුවන් මීට පස්සේ කඩේ පැත්ත පලාතෙවත් එන්න එපා කියල අවවාද කළා (බ)
රුවන් Tuesday, 09 December 2014 07:16 AM
ඔය රක්ෂණ නියෝජිතවරියන් රක්ෂණය ගැන තරුණයන් සමග කතාකරන්නේ මායම් 64 ම පෙන්නලා. ඉතින් මේ තරුණයාගේ හිත ඇදිලා ගිය එක අහන්නත් දෙයක්ද? (නදී)
ධම්ම Tuesday, 09 December 2014 07:35 AM
මාවනැල්ලේ අය හොඳ ආදරවන්තයෝ. (බ)
සාලින්ද Tuesday, 09 December 2014 07:46 AM
මලේ රුවට තරුණ බඹරු ඇදෙන්නේ (නදී)
හිරු Tuesday, 09 December 2014 02:33 PM
ජිවිත රක්ෂණය කරන්න බැ. ආරක්ෂණය කරන්න පුළුවන්. රක්ෂනයි අරක්ෂනයි දෙකක් (දී)
සමරසේකර Wednesday, 10 December 2014 03:49 PM
රක්ෂණය වටිනාම ,සම්පතකි.(හේ)
සම්පත් Wednesday, 10 December 2014 04:21 PM
හරි කෙල්ලෙකුට සෙට් වුනානම් ත්‍රි විල් රියදුරුට ජිවිත රක්ෂණයේ සරණම තමයි , හොඳ වෙලාවට වැදගත් තරුණියක් වැදගත් විදියට සිද්ධිය කෙලවර කරා.(හේ)
කටුගස්තොට Tuesday, 09 December 2014 04:11 AM
මෙයාගේ ත්‍රීවීල් එකේ පසුපස ලියා තියෙන වැකිය මොකක්ද දන්නේ නැහැ (නදී)
අනෝමා Wednesday, 10 December 2014 10:08 AM
වරික විදිහට ගෙවෙන්නද (දී)