කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
සිප් කිරි පෙවූ පාසල් මාතාවට දැනෙන්න උදව්වක් කීරීමට එංගලන්තයේ සිට පැමිණි ආදි සිසුවකුට උදව්ව කරනවා තියා පාසලත් එපා කළ විදුහල්පතිනියක පිළිබඳ කතාවක් අසන්නට ලැබේ.
මේ විදුහල් මාතාව පෙව් සිප් කිරිවලට පින් සිදුවන්න ඔහු නැවතුණේ සුද්දන්ගේ රටේය. ඒ සුද්දන්ට සේවය කරන්නටය. ලොකු වේතනයකටය. ලැබුණේ පවුම් ය. ලංකා මුදලින් රුපියල් ලක්ෂ ගණනකි. තමාට සුද්දන්ගේ රටේ සේවය කරන්නට ලැබුණේ සිප් කිරි පෙවූ මව් නිසා බව ඔහුට නිතරම සිහියට ආවේය. සිය පාසල මතකයට නැගෙන මොහොතක් මොහොතක් පාසාම සිය රටට පැමිණි පසු ලොකු උපකාරයක් කළ යුතු යැයි ඔහුගේ සිත කීවේය.
ඒ අනුව වසර කිහිපයක් සුද්දන්ගේ රටේ සිට මෙරටට පැමිණි ඔහු ගියේ සිප් කිරි බිව් මව් තුරුලටය. ඒ විදුහල්පතිතුමිය හමුවී විදුහලට දැනෙන්න උදව්වක් කිරීමටය. ඔහුගේ අවශ්‍යතාව පිළිබඳව සේවකයන් ලවා විදුහල්පතිනියට පණිවිඩයක් යැව්වේය.
විදුහල්පතිනියගෙන් ලැබුණේ ටිකක් ඉන්න යයි කියාය. විදුහල්පති කාමරය ඉදිරිපිට ඔහු විනාඩි තිහක් සිටියේය. දැන් ඒ සඳහා අවස්ථාව ලැබේ යයි සිතමින් ඔහු කල් ගෙව්වේය. විනාඩි හැටක් ගෙවී ගියේය. තවත් වේලාවක් බලා සිටියේය. විදුහල්පතිතුමියගෙන් තමාට කැඳවීමක් නොලැබූ ඔහු ආපසු පාසල් ගේට්ටුවෙන් එළියට ආවේය.
තමාට සිප් කිරි පෙවූ පාසල් මාතාව දෙසට හැරුණේය. ඔහුගේ දෙනෙතේ කඳුළුය. දෑත් එකතු කළ ඔහු පාසල් මාතාවට වැන්දේ ආදි සිසුන්ගේ වටිනාකමක් දන්නා විදුහල්පති කෙනකු සිටින දිනයකදී සුද්දන්ගේ රටේ සිට පැමිණ අද කරන්න ආ උදව්වට දෙගුණයක උදව්වක් කරනවා යයි ඔහු සමග පැමිණි හිතවතකුට පැවැසුවේ පාසල් මාතාවට දණ නමස්කාර කරමින්ලු.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රටින් ඇවිත් පාසලට උදව් කරන්න ගියාම විදුහල්පතිනිය දඬුවමක් දීලා
beau Wednesday, 02 August 2023 02:37 PM
මන්ද බුද්ධික විදුහල්පතිනියකි.
W.k.M. CHAMOD PRAVEEN ISURANGAFriday, 04 August 2023 10:40 PM
අද තියන රාජකාරිත් එක්ක විදුහල්පතිතුමිය කාර්යය බහුල වෙලා හිටියද දන්නේ නැහැ. කෙසේ නමුත් පාසලට අගනා අවස්ථාවක් මගහැරී ගොස් තියනවා.
දොන් සයිමන් Friday, 04 August 2023 11:30 AM
මේ වගේ නූගත්, ආඩම්බර ගුරුවරුන්ගෙන් ළමයින්ගේ අධ්‍යාපනයට අබ සරණයි...!
Hansi Friday, 04 August 2023 02:58 PM
අමුතු ගැහැණියක්...
sam Friday, 04 August 2023 04:05 PM
ඒ වෙලාවෙ විදුහල්පතිනිය අනංගයෙක් එක්ක හොර පෙමක වෙලිල තහනං ගහේ ගෙඩි කකා ඉන්ඩ ඇති
Sanju Friday, 04 August 2023 09:40 PM
පාසලේ නම කියන්න බැරි මේක බොරුවක් නිසාද?
සිරා Saturday, 05 August 2023 07:32 AM
මේ වගේ උද්දච්ච මෝඩයින් කොහොමද අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ට යහමග පෙන්වන්නේ...?
Malika Monday, 07 August 2023 08:55 AM
විදුහල්පති කෙනෙක් උනාට දරුවන් සමග ඊර්ෂ්‍යා කෙනෙක්. දරුවන්ගේ දියුනුව දකින්න අකමැති කෙනෙක්. මේ පාසලේ ලමයින්ට කාගේ පිහිටක් වෙයිද